මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් තවමත් ලියාපදිංචි වී ඇත්තේ දන්සැල් 92 ක් පමණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි ලේකම් මහේන්ද්‍ර ඔබේසේකර කියා සිටියේ පසුගිය වසරේ දිවයින පුරා දන්සැල් ස්ථාන 6,000 ක් පමණ ලියාපදිංචි කළ නමුත් රටේ පවතින තත්ත්වය මත මෙවර එම සංඛ්‍යාවේ විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
මේ අතර වෙසක් පොහෝ දිනයට පසුව යෙදෙන 20 වන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම වෙසක් උත්සවය නිමිත්තෙන් ලබන 17 වනදා සිට දින 4 ක කාලයක් දිවයිනේ සියලූම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.