Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
02
මට මාලනීව ඉඹින්න ලෝබ හිතුණා | අමරසිරි

- මට මාලනීව ඉඹින්න ලෝබ හිතුණා | අමරසිරිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

586 Views

මාව හුඟක්ම ජනප්‍රිය කරවපු චිත්‍රපටයක් තමයි අපේක්‍ෂා. අපේක්‍ෂා චිත්‍රපටය රූගත කරන්නේ 1974දී. එතකොට මගේ වයස අවුරුදු 30ට කිට්ටු ඇති. රූගතකිරීම් ගොඩක්ම තිබුණේ හැටන්වලටත් එහා දික්ඔය කියන පළාතේ. හැබැයි මම මේ කියන්න හදන සීන් එක ෂූට් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඉහළින් තියෙන හන්තාන කන්දේ. එච්. ජී. ප්‍රේමරත්න කියන සුන්දර අධ්‍යක්‍ෂවරයා තමයි අපේක්‍ෂා අධ්‍යක්‍ෂණය කළේ.

ඔන්න අධ්‍යක්‍ෂතුමා මට කිව්වා මලනීගේ මූණ ඉඹින්න කියලා. ඒ සීන් එකේ හැටියට මම මාලනී ෆොන්සේකාව සිපගන්න ඕන. අපි දෙන්නා පෙම්වතුන් විදියට රඟපෑවේ. ඒත් මට ඒක කරන්නම බෑ කියලා හිතුණා. අධ්‍යක්‍ෂතුමා ආයෙත් කියනවා හරි දැන් මාලනීව සිපගන්න කියලා. කොච්චර කිව්වත් මං බෑ කිව්වා. ඒ වෙලාවේ මාලනී මට කිව්වා කමක්නෑ කලා ඇස් දෙක පියාගෙන එන්න කියලා. ඒත් අනේ මට බෑ කියලම හිතුණා. ඊට පස්සේ කොහොමහරි ඒ සීන් එක ගන්න ඕන නිසා අපේ කැමරා ශිල්පියා ඩොනල්ඩ් කරුණාරත්න මගේ ෂර්ට් එක ඇඳගෙන මාලනීව සිපගත්තා. අපේක්‍ෂා ෆිල්ම් එකේ මම මාලනීව සිපගන්නා දර්ශනයේ විතරක් මම රඟපෑවේ නෑ. ඒ සීන් එක රඟපෑවේ ඩොනල්ඩ්. ඇත්ත වශයෙන්ම මාලනී කියන්නේ ඒ වෙද්දිත් ඉතාම ශේ‍ර්ෂ්ඨ, දක්‍ෂ නිළියක්. ඇයට තියෙන ගෞරවය නිසාම තමයි මට ඒ සීන් එකට ඉන්න බෑ කියලා හිතුණේ. නැත්නම් මම එදා ඒ විදියට හැසිරෙන්නේ නෑ. හැබැයි එහෙම වුණා කියලා චිත්‍රපටයට හානියක් වුණේ නෑ. මාව ‘අපේක්‍ෂා’ නිසා සෑහෙන්න ජනප්‍රිය වුණා. අදටත් අපේක්‍ෂා ෆිල්ම් එකේ ගීත තරුණ තරුණියන් අතර හුඟක් ජනප්‍රියයි. මම ගොඩක් ප්‍රේම ජවනිකාවල රඟපාලා තිබුණත් ‘අපේක්‍ෂා’ චිත්‍රපටයෙන් තමයි ජීවිතයේ පළමු වතාවට ප්‍රසිද්ධියේ ප්‍රේම කරන්නේ. මට ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. මගේ සිනමා ජීවිතයේම විශේෂ අවස්ථාවක් බවට පත්වුණා.

මට මතකයි මේ සීන් එක ෂූට් කරන වෙලාවේ මම ඇඳගෙන හිටියේ ඩෙනිම් කලිසමකුයි ඇමෙරිකාවේ හිරකාරයෝ ඇන්ද ෂර්ට් එකකුයි. මාලනී ගවුමක් ඇඳලා එයාගේ ලස්සන දිගම දිග කොණ්ඩෙ පිට දිගට වනාගෙන හිටියේ. ඇත්තටම හරිම අමුතු, ඒ වගේම හරිම සුන්දර අත්දැකීමක්.
සිංහල සිනමාව ස්වර්ණමය යුගයක්ව පැවති සමයේ තමන්ගේ සුන්දර අවස්ථාවක් පිළිබදව මතකය ආවර්ජනය කලේ අමරසිරි කලංසූරිය නම් වූ ඒ ප්‍රතිභාපූර්ණ රංගනවේදියායි. 



අපේක්ෂා දර්ශන තලයෙන් :





ගාමිණී - මාලණි යුගය :


මාලනී - විජය යුගය






ශිවාජි ගනේෂන් සමග මාලනී රඟපෑ අවස්ථාවක් :


මාලනී විවාහවූ දා :


මේ 'අපේක්ෂා' චිත්‍රපටයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ ගීතයක්...


Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  633 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,728 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,208 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,543 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,294 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,473 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,352 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,303 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,932 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,721 Downloads



Top 10 Commenters

Latest Comments

Top