ඔහුගේ පියාට ඔබ ගොඩක් ආදරෙයි. ඔබව ගීතයෙන් ආනන්දයට රැගෙන ගියේ ඔහු. ඒ තරමටම ඔබ ඔහුටත් ඔහු ඔබටත් ආදරය කළා. ඔබේ රසවින්දනය වෙනුවෙන්ම කැපවුණු ඔහු වෙන කවුරුවත් නෙවෙයි. ඔහු ගේ‍්‍රෂන් ආනන්ද. ඔහු අද නැතිවුණත් ඔහුගේ කැඩපත සුවහසක් රසික රසිකාවියන් සතුයි. ඒ මාරියෝ ආනන්ද. පියා සේම ඔහුත් සැබෑම දක්ෂයෙක්. ලාංකීය සංගීත ක්ෂේත්රය තුළ ඔහු වැඩිපුර දකින්නට නොලැබුණත් ජාත්‍යන්තරය තුළ අනෙකුත් කාටවත්ම වඩා ඔහුගේ නම සනිටුහන් කර නැති තරම්. ඔහු පිළිබඳව ජාත්‍යන්තරය තුළ ඇත්තේ ද එවන් ප්‍රසාදයක්. ජාත්‍යන්තරය තුළ වැඩිපුර දකින ලාංකීය සංගීත ක්ෂේත්රය තුළ වැඩිපුරම නොදකින ඔහු ගැනයි මේ.
මාරියෝ කොහොමද වැඩ කටයුතු?
මේ දවස්වල නම් සංගීත වැඩකටයුතුවලට සහභාගි වෙන්නේ නැති තරම්. මම දැන් වෙනමම මාර්ගයක තමයි යන්නේ. ඒක නිසා මම දැන් සිංහල සංගීත ක්ෂේත්රයේ වැඩ කටයුතු කරන්නෙ නැහැ.
ඔබේ ඒ වෙනස්ම වැඩකටයුතු ගැන යමක් කිව්වොත්?
මම දැන් වැඩකරන්නෙ ජාත්‍යන්තරයට සම්බන්ධ සංවිධානයන්ට අයත් සංගීත කටයුතු. එක්සත් ජාතීන්ගේ සංවිධාන වගේ සංවිධානවලින් සංවිධානය වෙන වැඩ තියනවා. මම ඒවගෙ සන්නාම තානාපතිවරයෙක් විදියට වැඩ කරගෙන යනවා. ගොඩක් වෙලාවට මම ඒ වැඩසටහන්වලට අදාළ ගීත නිර්මාණය කරනවා. ඒවගෙන් ගොඩක් වෙලාවට කතා කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න සහ සමාජ ප්‍රශ්න ගැන. වකුගඩු රෝගය" පිළිකා රෝගය වගේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන මෙහිදී ගොඩක් කතා කරනවා. ඒ වැඩ තමයි මගේ නව ගමන් මාර්ගය තුළ තියෙන්නේ.
ඒ කියන්නෙ ඔබ සිංහල සංගීත ක්ෂේත්රය පිළිබඳව කලකිරීමෙන්ද ඉන්නේ?
ඒක ඇත්තටම කලකිරීමක් නෙවෙයි. ඒක මම හරි දේ හරියට තේරුම් ගැනීමක් කියලයි මම හිතන්නේ. ඇත්තම කියනවනන් මම සංගීත ක්ෂේත්රයට ඇවිල්ලා හරියටම අවුරුදු 10ක් වෙනවා. මේකෙ ඉන්නවා පිය පුතු ගායක පිරිසක්. ඒ පිය පුතු ගායකයන් අතරින් අවස්ථාව නොලැබුණු එකම ගායකයා මම. අනිත් අයට තාත්තලා ඉන්න නිසා එයාලව තල්ලූ කරනවා. නමුත් මට තාත්තා නැති නිසා මාව තල්ලූ කරන්න කෙනෙක් නැහැ. මම බොහොම තනියම හරි මහන්සියෙන් තමයි ගෙයක් හදාගෙන කාල ඇඳලා ඉන්න තත්ත්වෙට මම හදාගත්තේ. මේ ක්ෂේත්රය ගත්තම අපි තනි දේකින් නැගිටිනවට අකමැති පිරිසක් ඉන්නේ. මගේ හිත රිදවීම් නම් අනන්තවත් කරා කට්ටිය. ඒ අය හැදුවෙ මම එකම රාමුවකට හිරකරලා තියන්න හැමදාම. කාටවත් ප්‍රශ්නයක් වෙන්නෙ නැතුව ඒකෙන් මම අයින්වෙන එක හරි කියල හිතලා මමම අයින් වුණා ඒකෙන්. ඒකෙන් කාටත් හොඳක් වෙයි කියල හිතල මම ඒකෙන් අයින් වුණා.
ඒ තුළින් කියවෙන්නේ ඔබ පියාගේ ගීත ගායනය තවදුරටත් ඉදිරියට කරගෙන යන්න අකමැතියි කියන අදහසද?
ඔව් අනිවාර්යෙන්ම. මම කැමති නැහැ තාත්තගෙ ගීත කියව කියව කරන වැඩසටහන්වල පල්වෙන්න. ඒ වැඩවලට මම කැමති නැහැ.
එහෙම බරපතල තීරණයක් ගන්න ඔබ ඔබේ පියාගෙ ගීත තවදුරටත් අනාගත පරම්පරාවට දායාද කරන්න වැඩපිළිවෙළක් සකස් කරලද තියෙන්නේ?
මම මෙහෙම දෙයක් දකිනවා. මම අමුතුවෙන් තාත්තගෙ ගීත මිනිස්සු අතරට අරගෙන යන්න දෙයක් නැහැ. කොහොම වුණත් මිනිස්සු අතරට සහ මාධ්‍යයට මම වැඩිපුර ආවෙ නැති වුණාට මම හික්මීමක් තියෙන කෙනෙක් විදියට තාත්තගෙ නම දැනටමත් මිනිස්සු අතරට ගෙනගිහින් ඉවරයි. ඒක නිසාම මගේ ගොඩක් වැඩ කෙරෙන්නේ ජාත්‍යන්තරයත් එක්ක. මම කරන්නෙ දවස ගානේ ෂෝ තිය තිය ඉන්න එක නෙවෙයි. මිනිස්සුන්ගෙ ඔලූවෙ රැඳෙන වැඩක් විතරයි මම දැන් කරන්නේ.
ඔබ ඒ තරම් වැඩක් ජාත්‍යන්තරය වෙනුවෙන් කරන බව රසිකයන් දන්නවද?
ඇත්තටම නැහැ. සංගීත ක්ෂේත්රයේ අයවත් හරියට දන්නෙ නැහැ. මගේ නිර්මාණ මාධ්‍යයක් තුළ උපරිම යන්නෙ දවස් දෙකයි තුනයි. ඒවට ඔවුන් සතුටු කරන්න පුළුවන් නම් සහ ඔවුන් ඉල්ලන දේ මට දෙන්න පුළුවන් නම් ඒ ගීත මාස ගණන් ප්‍රචාරය වේවි. නමුත් මට ඕන නැහැ මගේ ගීත එහෙම අල්ලස් දීල ප්‍රසිද්ධ කරගන්න. ඒ නිසා මගේ නිර්මාණ ෆේස්බුක්" යූ ටියුබ් එකෙන් සහ මට හිතවත් අයගෙ වට්ස් ඇප්වලට යවල තමයි ඒක මම දන්වන්නේ. එහෙම කිහිප දෙනෙක් විතරයි මගේ වැඩ දන්නේ. ක්ෂේත්රයේ මිනිස්සු බහුතරයක් මම කරන්නෙ මොනවද කියල දන්නවා. හැබයි කිසිම කෙනෙක් කිසිම දේකට මට කතා කරන්නෙ නැහැ. මාව කපන එක තමයි හැමෝම කරේ. අදටත් ඒක එහෙමයි කියලා මම දන්නවා.
ඔවුන් ඔබව එහෙම අතාරිද්දි ඔබ ඒ ගැන හිතන්නෙ මොනවිදියටද?
මගේ ගැන කවුරු කොහොම හිතුවත් මට ප්‍රශ්නයක් නැහැ. මම මගේ යන්න ඕන අරමුණට මම ගිහින් ඉවරයි. ජාත්‍යන්තයේ මිනිස්සු මාව හොඳට දන්නවා. ඔවුන් මට ආදරෙයි. කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සු අද පිම්බිලා ඉන්නවා. ඒක හැබැයි හැමදාම කරන්න බැහැ. මාධ්‍ය වුණත් තමන්ට වාසි වෙනකන් විතරයි ප්‍රයෝජන ගන්නේ. අවාසිනන් අතෑරලා දානවා. මම ආවෙ එහෙම පාරකින් නෙවෙයි. මම සංගීතයට ආවෙ ඒ පිවිතුරුකමත් එක්ක. ඒ නිසා රටේ බුද්ධිමත් මිනිස්සු පිරිසක් මං වටා එකතුවෙලා ඉන්නවා. ඔවුන් මාව උසස් තැනකට රැගෙන ඇවිල්ල තියෙනවා. ඒක මට ශක්තියක්.
රටේ මාධ්‍ය ගැනත් ඔබ කලකිරීමෙන් වගේ කතා කරන්නේ?
ඇත්තටම ඔව්. අද මාධ්‍යයෙන් මොකද කරන්නේ. සුදුස්සාට සුදුසු තැන දීල තියනවද? රටේ මේ වෙලා තියන දේවල්වලට වග කියන්න ඕන මේ මාධ්‍ය. මිනිසුන්ගේ මනස විකෘති කළේ මාධ්‍ය. සංගීතයෙන් පුළුවන් මේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න. දැනට මාධ්‍යයෙන් මගේ වැඩ වැහුවට මං මැරුණ දවසට පස්සෙ ඒ දේවල් ඔක්කොම උඩට එන බව මම දන්නවා. ඒක නිසා මේ කා එක්කවත් මට ලොකු බැඳීම් නැහැ. මගේ බලාපොරොත්තුව 2020 වෙනකන් ජීවත්වෙන්න විතරයි. දෙවියන් වහන්සෙත් ඒක හොඳින්ම තේරුම් අරගෙන ඉන්නෙ කියලා මම දන්නවා.