දුම්මලසූරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අමතර පන්තියක ගුරුවරයෙක් පිරිමි ළමයි තිදෙනකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චාර්තා වෙනවා. එම ගුරුවරයා ඉකුත් 11දා අත්අඩංගුවට ගත් බවත් සදහන්.
දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පැවැසුවේ මෙම ගුරුවරයා මාස කිහිපයක් තිස්සේ වයස අවුරුදු 14ත් 15ත් අතර වයසේ පසුවන පිරිමි ළමයින් තිදෙනකු අපයෝජනය කර ඇති බවත් එම ළමයින්ට අමතර පන්ති ගුරුවරයා සිය ජංගම දුරකථන හරහා අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා මෙම ළමයින් මාස කිහිපයක් තිස්සේ අපයෝජනය කර ඇති බවයි.
මෙම ගුරුවරයා අවුරුදු 43ක් වයස ඇති පුද්ගලයෙක් වන අතර ඔහු මීට වසර කිහිපයකට පෙර දුම්මලසූරිය ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආරම්භ කර ඇති බවත් සදහන්. මෙම ගුරුවරයා තමාගේ දරුවාගේ වයසේ පසුවන දරුවන් මෙලෙස අපයෝජනය කර ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳ දුම්මලසූරිය පොලිසියේ ළමා කාර්යාංශයේ නිලධාරීන් මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර අත්අඩංගුවට ගත් ගුරුවරයා කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් පවසයි.