Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
"වගකිවයුතු ඇමතිවරයෙක් ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ වැනි ප්‍රකාශයක් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්" - ‍ත්‍රෛනිකායික මහානාහිමිවරුන් කියයි - Video

- "වගකිවයුතු ඇමතිවරයෙක් ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ වැනි ප්‍රකාශයක් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්" - ‍ත්‍රෛනිකායික මහානාහිමිවරුන් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,815 Views
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ගේ සිත්සතන් තුළ විශ්වාසය, නීතිය හා සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවට එය නොසලකා හැරීම මෙන්ම, නිසි වේලාවට, නිසි ලෙස කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස නැවතත්, රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වී ඇති බව මහානාහිමිවරුන් පෙන්වා දෙනවා.

ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වගකිව යුතු අමාත්‍යවරයෙකු, ශ්‍රී ලංකාව, සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බවට ප්‍රකාශ කිරීමද ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි බවයි.

සියලු වාර්ගික, සියලු ආගමික සමගිය, සමාදානය තහවුරු වන සේ කටයුතු කිරීම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ හා විශේෂයෙන් පාලකයන් සතු බලවත් වගකීමක්.
 

එමෙන්ම බලය මුල්කරගෙන ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ චේතනාවෙන් කටයුතු කිරීම නිසා අයහපත් ප්‍රතිඵල රැසක් උද්ගත වී ඇති බවයි මහනාහිමිවරුන් පෙන්වා දෙන්නේ.

මීට පෙරද අවස්ථා කිහිපයකදී රටේ යහපැවැත්ම හා අභිවර්ධනය උදෙසා මහා සංඝරත්නය විසින් අනුශාසනා ලබාදී ඇති නමුත්, ඒවා නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස නැවත නැවතත් බලධාරීන්ගේ අවධානයට එම කරුණු යොමු කිරීමට සිදුවීම කණගාටුවට කරුණක් බව මහනාහිමිවරුන් පවසනවා.

මෙම අවාසනාවන්ත අවස්ථාවේදී නීතිය හා සාමය ආරක්ෂා කිරීමෙහි නිරතව සිටින ආරක්ෂක අංශවලට රටට හිතැතිව කටයුතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම කාගේත් පරම යුතුකමක්.

උතුම් තෙමඟුල යෙදෙන වෙසක් පුන් පොහෝ දිනය සැදැහැ සිතින් අනුස්මරණය කිරීමේ, සාමකාමී පරිසරයක් ඇති කර ගැනීම සඳහා ලක්වැසි සියළු ජනතාවම එක්ව සමගියෙන් කටයුතු කර ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වළක්වා ගැනීමට සහයෝගය ලබාදීම සුදුසු යැයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ නීතිය අතට ගෙන කටයුතු කිරීම සුදුසු නොවන බවයි.

එමෙන්ම පසුගිය දිනවල ඇතිවූ සිද්ධිවලදී දේශපාලන පක්ෂවල නායකයින් ඔවුන්ගේ ප්‍රාදේශීය නායකයින් හසුරුවා ගැනීමට කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  176 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,690 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,323 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,664 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,776 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,275 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,138 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,265 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,840 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,752 Downloads



Top 10 Commenters

Latest Comments

Top