Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
"ඇමෙරිකාවේ වෛද්‍යවරයා තමයි කිව්වෙ පිළිකාව දැන් තියෙන්නෙ හතරවෙනි අදියරේ, බඬේ සෑහෙන දුරකට පැතිරිලා කියලා.. " - මරණය අබියස සිටින සොනාලි කියයි

- "ඇමෙරිකාවේ වෛද්‍යවරයා තමයි කිව්වෙ පිළිකාව දැන් තියෙන්නෙ හතරවෙනි අදියරේ, බඬේ සෑහෙන දුරකට පැතිරිලා කියලා.. " - මරණය අබියස සිටින සොනාලි කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58,234 Views
"ඔහු ස්කෑන් කරලා මට පෙන්නුවා පැතිරිලා තියෙන ප්‍රමාණය..."

"බඬේ පුංචි පුංචි වේදනා තිබ්බට මම එච්චර ගණන් ගත්තෙ නෑ.."

‘‘හින්දි සිනමාව විතරක් නෙමෙයි දෙමළ, මරාති, කන්නඩා, තෙලිඟු චිත්‍රපටි ලෝකවලත් දැවැන්ත භූමිකාවක් වුණ සොනාලි බෙන්ද්රේ තව දුරටත් අප අතර නැත..’’

පසු ගිය වසරේ දිනෙක රාම් කදම් නම් දේශපාලනඥයා සිය ට්විටර් අඩවියේ එසේ සදහන් කර තිබිණි. එය කියැවූ ඇගේ රසිකයෝ බොහෝ සෙයින් කම්පාවට පත් වූහ. ඔවුහු වහවහා ඇය ගැන තොරතුරු සොයා බලන්නට උත්සුක වූහ.

ඇය පිළිකාවක් වැළදීම හේතුවෙන් රෝගාතුර වී ප්‍රතිකාර ලබන්නට ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය බැව් ඔවුන්ට දැන ගන්නට ලැබුණේ එවිටය. පිළිකාව බොහෝ බරපතල තත්වයේ තිබුණ නමුත් රාම් කී ආකාරයට ඇය මරණාසන්නව නැති බව ද ඔවුන්ට දැන ගන්නට ලැබිණි. රාම් ඔවුන්ගේ නොමද දෝෂාරෝපණයට ලක් වූයේය. මාස පහක් තිස්සේ ප්‍රතිකාර ලැබීමෙන් පසුව නැවතත් ඉන්දියාවට පැමිණි සොනාලි කෙමෙන් කෙමෙන් ඇගේ සුපුරුදු ජීවන රටාවට අවතීර්ණ වෙන්නට පටන් ගත්තාය. ඇය සගරා කවරවලට පෙනී සිටියාය. පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡ ලබා දුන්නාය. ඒ හැම දේකින්ම පෙනී ගියේ මෙතරම් දැවැන්ත අභියෝගයකට මුහුණ දෙන්නට ඇය තුළ පැවති ආත්ම ශක්තියයි.

‘‘බඬේ පුංචි පුංචි වේදනා තිබ්බට මම එච්චර ගණන් ගත්තෙ නෑ.. වේදනාව දරා ගන්නම බැරි වුණාට පස්සෙ තමයි වෛද්‍යවරයා හමු වෙන්න ගියෙ.. මට පිළිකාවක් වැළදිලා කියලා ඔහු කියනකොට මට ලොකු කම්පනයක් දැනුණා.. ඒ මුළු රෑම මම ඇඩුවා.. ගෝල්ඩියි මමයි විවාහ වෙලා අවුරුදු 16 ක්.. මගෙ පුතා රන්වීර්ට මේ ආරංචිය දරා ගන්න පුළුවන් වෙයි ද කියලා මට හිතුණා.. ’’

විලාසිතා සගරාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡවක මේ 44 හැවිරිදි නිළිය එලෙසින් සදහන් කර තිබිණි.

‘‘ඒත් පස්සෙ මම කල්පනා කළා මම යථාර්ථයට මූණ දෙන්න ඕන කියලා.. මම කදුළු පිහදාගෙන නැගිට්ටා.. පින්තූරයක් අරගෙන ඒක අන්තර්ජාලයට මුදා හැරියා.. පුතාට පුළුවන් විදියට විස්තර කරලා කිව්වා ඇති වෙලා තියෙන තත්වය ගැන.. පුතා ඒක සන්සුන්ව දරා ගත්ත හැටි මතක් වෙනකොට අදත් මට පුදුමයි..’’ ඇය කියන්නීය.

‘‘අපි ඇමෙරිකාවේ ගිහින් බෙහෙත් ගනිමු..’’

ඇගේ සැමියා ගෝල්ඩි බෙහැල් යෝජනා කළේය. ඒ වන විට පිළිකාවේ සැබෑ ස්වරූපය ගැන සොනාලි දැන සිටියේ නැත. එම නිසා ඇය එම යෝජනාව පිළි ගන්නට අදිමදි කළාය.

‘‘සමහර විට පොඩි දේකට මම ඕනවට වඩා වියදම් කළා කියලා පස්සෙ මම පසුතැවිලි වෙන්න පුළුවන්.. එහෙම කළේ නෑ කියලා පසුතැවිලි වෙනවට වැඩිය අරක හොදයි.. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම ඇමෙරිකාවේ යනවා..’’

ඔහු තරයේම කී කල එයට එකග වෙනවා මිස වෙන විකල්පයක් ඇයට නොවිණි. ඉදින් ඇය ඔහු හා ඇමෙරිකාවට ගියාය.

‘‘ඇමෙරිකාවේ වෛද්‍යවරයා තමයි කිව්වෙ පිළිකාව දැන් තියෙන්නෙ හතරවෙනි අදියරේ.. බඬේ සෑහෙන දුරකට පැතිරිලා ගිහින් කියලා.. ඔහු ස්කෑන් කරලා මට පෙන්නුවා පැතිරිලා තියෙන ප්‍රමාණය.. ඒත් පුදුමෙ කියන්නෙ මට මරණ බයක් දැනුණෙ නෑ..

මුලින් මම හිතුවා මේක කාටවත් නොකියා හංගාගෙන ඉන්නවා කියලා.. මම ලෙඩෙක් කියලා ප්‍රසිද්ධ වුණාම ඒක මගෙ ප්‍රතිරූපයට හානියක්නෙ.. ඒත් ජීවත් වෙන්න මට තියෙන්නෙ සීයට තිහක අවස්ථාවක් විතරයි කියලා වෛද්‍යවරයා කිව්වම මට තව දුරටත් ප්‍රතිරූපය ගැන හිතන්න ඕනකමක් තිබුණේ නෑ.. මගේ අත්දැකීම් හැමෝම එක්ක බෙදාහදා ගන්න මට ඕන වුණා..’’ ඇය කියා තිබිණි.

ඇය මෙන්ම ඇගේ පවුලේ අය ද බලාපොරොත්තු අත් හැරියේ නැත. ඇය සුව වන බැව් ඔවුහු ඉඳුරාම විශ්වාස කළහ. තමා ඇමෙරිකාවට කැටුව යාමට තීරණය කිරීම පිළිබඳව ඇය ගෝල්ඩිට ස්තුති කළාය.

සොනාලි ගේ අලංකාර වරලස කවදත් ඇයට ආභරණයක් වූයේය. ඇය පමණක් නොව ඇගේ රසිකයන් ද එම වරලසට ප්‍රිය කළහ. එක් යුගයක කොණ්ඩා වෙනුවෙන් කරනු ලබන හැම නිෂ්පාදනයකම පාහේ දැන්වීම්වලට පෙනී සිටියේ සොනාලිය. එහෙත් එම වටිනා වරලස මුළුමනින්ම බූ ගා දමා ප්‍රතිකාරවලට යොමු වෙන්නට ඇයට සිදු වූයේය. ඇය ආපසු පැමිණියේ යාන්තමින් වැවීගෙන එන කෙස් සහිත හිසක් සමඟය. එහෙත් ඇය පසුතැවිලි වූයේ නැත. ඇය සඟරා කවරයකට පෙනී සිටියේ එම කොණ්ඩය එසේම ඇතිවය. එයට බොහෝ හොඳ ප්‍රතිචාර ලැබිණි.

‘‘මං පොඩි කාලේ සිද්ද වුණ දෙයක් මට අද වගේ මතකයි.. මගේ ආච්චි අම්මා දවසක් එයාගෙ සාරි පොටේ ගැටයක් ගහ ගත්තා.. මම ඇහැව්වා එහෙම කළේ ඇයි කියලා.. එතකොට එයා කිව්වා කරන්න තියෙන හැම දේම මතක තියා ගන්න අමාරුයි.. මේ ගැටේ දැක්කම ඊ ළගට කරන්න තියෙන දේ මතක් වෙනවා කියලා.. ඇත්තටම ඒක අපි හැමෝටම හොද පාඩමක් කියලා දැන් මට හිතෙනවා.. අපිත් එහෙම ගැටයක් ගහගෙන අපේ අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදාහදා ගන්නවා කියලා පොරොන්දුවක් වෙන්න ඕන.. ඇත්තටම අපේ අත්දැකීම් අපේ ජීවිත වෙනස් කරනවා, හැඩ ගස්සනවා විතරක් නෙමෙයි අනිත් අයටත් පාඩමක්, දිරියක් වෙනවා කියලා මට හොදටම විශ්වාසයි..’’ ඇය කියන්නීය.

නිළියක්, නිරූපිකාවක්, රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක්, රියැලිටි තරග විනිශ්චයවරියක් පමණක් නොව සොනාලි ලේඛිකාවක ද වන්නීය. ඇය විසින් රචනා කරන ලද මොඩර්න් ගුරුකුල් මයි එක්ස්පෙරිමන්ට්ස් විත් පේරන්ටින් ග්‍රන්ථය බොහෝ සෙයින් ජනප්‍රිය වූයේය. මේ අත්දැකීම ද ඇය පොතකට ගොනු කරනවා නොඅනුමානය.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  644 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  3,908 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,313 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  300 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,024 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,621 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,137 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,362 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  506 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,514 Downloads



Top 10 Commenters

Latest Comments

Top