රට තුළ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය හමුවේ සිහිබුද්ධියෙන් යුතුව ක්‍රියා කරන්නැයි ආගමික නායකයින් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
රටට අහිතකර තත්ත්වයන් වළක්වා ගැනීමට පක්ෂ විපක්ෂ නායකයින් මෙන්ම සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් ප්‍රකාශ කළේ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමඟ ඊයේ (13) පැවති හමුවකට එක්වෙමින්.
මේ අතර, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ සියළු ජනතාව හැගීම්වලට ඉඩ නොදී සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම, සමාජ මාධ්‍යවල අනවශ්‍ය දෑ ප්‍රචාරණය නොකරමින් සාමකාමීව සහ ඉවසීමෙන් කටයුතු කරන ලෙස මුස්ලිම් ප්‍රජාවේ සියළු දෙනාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමය ද පවසනවා.
මුස්ලිම් ප්‍රජාව තමන් කරන කියන දෑ පිළිබදව වගකීමෙන් කටයුතු කරන ලෙසටයි එම සංගමයේ මාධ්‍ය ලේකම් ෂෙයික් ෆාසිල් ෆාරුක් ඉල්ලා සිටියේ.