ඇතිවී තිබෙන තත්වය පාළනය කිරීම සඳහා පවතින නීතිය උපරිම ලෙස යොදවන්නැයි පොලිස් මූලස්ථානය සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.
මේ අතර අද රාත්‍රී 9 සිට හෙට උදෑසන 4 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා.
එසේම වයඹ පලාතට සහ ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි පනවා තිබෙන අතර වයඹ පළාතට එය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකවනවා.
නමුත් ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය උදෑසන 6 ට අවසන් වන බවයි පොලිසිය පවසන්නේ.