Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
13
කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුට සම්බන්ධ සැකකරුවෙකු ගැන පොලිසියෙන් අද හෙළිකරපු දේ - Video

- කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුට සම්බන්ධ සැකකරුවෙකු ගැන පොලිසියෙන් අද හෙළිකරපු දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,916 Views
වහාම ක්‍රියාත්මකවන පරිදි අද පස්වරුවේ සිට නැවත දැනුම් දෙන තුරු වයඹ පළාතට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.

මේ අතර අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීම සඳහා බෝම්බකරු පැමිණි බව සැලකෙන වෑන් රථය දේවස්ථානය අසල නතර කර තිබියදී පොලිසිය සොයාගත්තා.

අදාළ වෑන් රථයද පිපිරවීමක් සඳහා සූදානම් කර තිබූ අතර පසුගිය 22දා එය ආරක්ෂිතව පුපුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්යබලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන්ට හැකිවුණා.
 

එය මිලදී ගැනීමට සහ එහි ආසන සකස් කිරීමට සැකකරුට සහය ලබාදුන් පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. 

මේ අතර අද පෙරවරුවේ සිට ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල වෙත මෙරට සිට ප්‍රවේශවීම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් අවහිර කර තිබෙනවා. 

මේ අතර කුරුණෑගල හෙට්ටිපොල ප්‍රදේශයේ ඇඳිරි නීති උල්ලංඝනය කරමින් රැස්ව සිටි පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. 

මේ අතර වැල්ලවාය, කුඩා ඔය කමාන්ඩෝ පුහුණු කඳවුරට ගමන් ගන්නා මාර්ගය ආසන්නයේ වත්තක වළ දමා තිබියදී ගිනි අවි තොගයක් සොයාගැනුණා. 

යුද හමුදාව ප්‍රකාශ කළේ රිපීටර් ගිනි අවි 2 ක්, පතරොම් තුවක්කු 2 ක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, T 56උණ්ඩ 342 ක්, එම්. 6 වර්ගයේ උණ්ඩු 75 ක් සහ පතරොම් තුවක්කු සඳහා භාවිතා කරන උණ්ඩ 593 ක් මෙලෙස සොයාගත් බවයි.

මේ අතර වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේදී අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අධිකරණය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අද අවසර ලබා දුන්නා.

කරුපයියා රාජේන්ද්‍රන් නම් නඩුවේ 10 වන සැකකරු වන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කළා.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා කොළඹ රිමන්ඩ් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ හෙට සහ අනිද්දා දෙදින සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අවසර ලබා දෙන ලෙසයි.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් ට අයත් මෙම තඹ කර්මාන්තශාලාවේදී පුද්ගලයින් 10 දෙනෙක් අත්අඩංගුවට ගැණුනු අතර ඉන් 9 දෙනෙකු පසුව ඇප මත මුදා හැරුණා.

එම සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමේදී පොලිසිය යම් වරදක් සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදු කෙරෙනවා.

මේ අතර රටේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අද අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,566 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  242 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,957 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,072 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,310 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,688 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,038 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,108 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,618 Downloads



Top 10 Commenters

Latest Comments

Top