Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
13
"එයා හමුවුණේ නැත්නම් මම කවදාවත් විවාහ වෙන්නෙ නැහැ කියලයි හිතාගෙන ඉන්නේ, එයා එනකල් මම ඉන්නවා.." - රෂීප්‍රබා සංදීපනි - Photos

- "එයා හමුවුණේ නැත්නම් මම කවදාවත් විවාහ වෙන්නෙ නැහැ කියලයි හිතාගෙන ඉන්නේ, එයා එනකල් මම ඉන්නවා.." - රෂීප්‍රබා සංදීපනි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,005 Views
"අපිට මුණගැහෙන්න ඉඩක් කොහොමටත් තිබුණෙ නැහැ. ඒක එහෙමම නැතිවෙලා ගියා..."

"මට කාගෙවත් ආදරේ සෙල්ලමකට ගන්න බැහැ.."

ඉස්කොලෙ දි නම් මම පිරිමි ළමයින්ට ගහන, බය නැති කෙල්ලක්. පිරිමි ළමයි හරියට මගෙන් ගුටිකාලා තියෙනව. හතේ අටේ පන්තිවල ඉඳන්ම පිරිමි ළමයි මගෙන් යාලූවෙන්න අහලා තියනව. මම ඒ කාලෙ ඒ තරම් ලස්සන ගැහැණු ළමයෙකුත් නෙවෙයි. ඒත් පිරිමි ළමයින්ගේ ලොකු ආකර්ෂණයක් මට තිබුණා. හැබැයි මම ඒ කාලෙ හරියට ගණං උස්සනව. ඒ කියන්නෙ හරි ආඩම්බරයෙන් හිටියෙ. ඒකට හේතුව මම හරි බයයි ඔය කාරණයට. පෙම් සබඳතාවයක පැටලිලා ගෙදරින් දැනගත්තොත් ඉතින් හොඳටම දඬුවම් තමයි කියලා මම දැනගෙන හිටියා.

ඔය විදිහට යාළු වෙන්න ආව පිරිමි ළමයිට අකමැති වුණහම ලැබුණ ප්‍රතිචාර මොනවද?
පිරිමි ළමයෙක් යාලූවෙන්න ඇහුවම මම එයාලට බණින නිසා පිරිමි ළමයි මාත් එක්ක තරහයි. ගොඩක් වෙලාවට එයාල කරන්නෙ මගෙන් යාලූවෙන්න අහන ළමයින්ගෙ නම් කියලා මට විහිළු කරනව. ඒ වෙලාවට ආයෙත් මගෙන් බැණුම් තමයි. ඔය තත්ත්වය මම සාමාන්‍ය පෙළ පන්තිය දක්වාම විතර තිබුණා.
 
උසස් පෙළ පන්තියට ආවට පස්සෙ තත්ත්වය වෙනස් වුණාද?
උසස් පෙළ කරත්දි මට කෙනෙක් ගැන කැමැත්තක් ඇතිවුණා. ගොඩක් අය හිතුවෙ අපි අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා කියලා. ඒත් ඒක පන්තියේ ඈත ඉඳන් බලන් ඉන්නව වගේ දෙයක් විතරයි. ඔය කාලෙ වෙත්දි මගේ යාලූවො ගොඩක් දෙනෙකුට ප්‍රේම සම්බන්ධතා තිබුණා. ගෙදර දැනගනියි කියල තිබුණ මම බය නිසා මම අර පිරිමි ළමය ගැන තිබුණ කැමැත්ත හිතේම තියාගෙන හිටියා. ඒ වෙද්දී මම රූපවාහිනියක වැඩසටහනක් ඉදිරිපත් කළා. ඒ නිසා ගෙදරින් එක්ක යනව ගෙනියන්න එනව තනියම කොහෙවත් යැව්වෙ නැහැ. අපිට මුණගැහෙන්න ඉඩක් කොහොමටත් තිබුණෙ නැහැ. ඒක එහෙමම නැතිවෙලා ගියා.
 
පන්තියෙ එකට ඉන්න යාලූවො පෙම් කරත්දි රෂීටත් පෙම්වතියක් වෙන්න උවමනාවක් ඇතිවුණේම නැතිද?
ගොඩක් අය උත්සාහ කළා මට ප්‍රේම සම්බන්ධයක් තියෙනව කියලා ප්‍රසිද්ධ කරන්න. ඒ කාලෙත් මම කැපී පෙනෙන චරිතයක්. ඒ නිසා අනිත් අයගෙ ඉරිසියාවට මාව නිතරම ඉලක්ක වුණා. මගේ යාලූවන්ගෙ පෙම්වතුන් මට කැමැත්ත ප්‍රකාශ කළ අවස්ථා තිබුණා. ඒව නිසාත් ඉතින් යාලූවො මාත් එකක් තරහයි. මට පෙම් සබඳතාවන් ගැන පිස්සුවක් තිබුණෙ නැහැ. මට තිබුණෙ කලාව නිවේදන කටයුතු ඔය වගේ දේවල් කරන පිස්සුවක්. හැබැයි මම යාලූවන්ගෙ පෙම් සබඳතාවලට නම් සෑහෙන්න උදව් කරලා තියෙනව.
 
රෂිගෙ නව යොවුන් විය පෙම්වතෙකුගේ ඇල්ම බැල්මෙන් තොරව ගෙවුණ බවද පවසන්නෙ...?
මම මගේ ජීවිතයේ වැඩි කාලයත් ගත කළේ තනියම. ඒක මගේ ළඟින්ම ඉන්න අය හොඳට දන්නව. විශේෂම කාරණය මගේ පොඩි කාලෙ ඉඳන් මට හීනයක් තිබුණා මම ආදරය කරනව නම් ආදරය කරන්නෙ මේ වගේ කෙනෙකුට කියලා. එයා අඩි හයක් විතර උස ලස්සන ගොඩක් හොඳ ගතිගුණ තියෙන නිහතමානි මට ගොඩක් ආදරය කරන මගේ පවුලේ අය මගේ හිතවතුන් එකක් මිත්‍රත්වයෙන් ඉන්න පුළුවන් ගොඩාක් හොඳ කෙනෙක් විය යුතුයි කියලා මම හිතුවා.
 
ඔය හැම දෙයක්ම තියෙන කෙනෙක් හොයාගන්න එක රෂිට පහසු දෙයක් වුණාද?
මගේ ගෙදරින් වගේම යාලූවොත් කිව්වෙ එහෙම අය නම් මේ ලෝකෙ නැහැ පිටසක්වලින් තමයි හොයාගන්න වෙන්නෙ කියලා. මට ඒ වගේ ලක්ෂණ තියෙන දෙදෙනෙක් හමුවෙලා තියෙනව. ඒත් සතියක් දෙකක් කතා කරත්ද එයාලගෙ ඇත්ත තත්ත්වය දැනගනිත්දි මගේ හිතෙන් ඒ අදහස නැතිවෙලා යනව. මම හරිම හැඟුම්බර කෙනෙක් මට කාගෙවත් ආදරේ සෙල්ලමකට ගන්න බැහැ. මම කෙනෙක්ට බැඳෙනව නම් බැඳුනම තමයි එහෙම හිත කැමතිවෙලා දවස් කිහිපයකින් ඒක නැති වුණත් මම අවුරුද්දක් විතර ඒ ගැන දුක් වෙනවා.
 
රෂී හොයන ඔහු අද කොතනද?
එයාව මම හොයමින් යනව. ඒ ගැන මට හරියටම උත්තරයක් දෙන්න අමාරුයි. සමහර විට එහෙම කෙනෙක් ඉන්නත් පුළුවන්. මම හොයන විදිහෙ කෙනෙක් හමුවුණේ නැත්නම් මම කවදාවත් විවාහ වෙන්නෙ නැහැ කියලයි හිතාගෙන හිටියෙ. මම කාටවත් වරදක් කරන කෙනෙක් නෙවෙයි. ආදරයට වැරැද්දක් කරන කෙනෙක් නෙවෙයි ඒ විශ්වාසය එක්ක මට ආදරය කරන කෙනෙක් කවද හරි මට ලැබෙයි කියලා මට හිතෙනව. එයා හමුවෙන තුරු මම බලාගෙන ඉන්නවා.
 
රෂි කවදත් පාසල් වියේ වගේම විසේකාර කෙල්ලක්ද?
පිටින් බැලූවම මම හරි දඟයි කියලා පෙනුනට මම ඇත්තටම හුඟක් හැඟුම්බර කෙනෙක්. ඕනවටත් වඩා හැමදේම ගැන හිතන කෙනෙක් ඒක නිසාම මම තීරණ ගන්න බයයි. හැබැයි මට සිහින තියෙනව. මම ආසයි හොඳ බිරිඳක් වෙන්න" හොඳ අම්ම කෙනෙක් වෙන්න" ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න.
 
මම උපදේශනය කරපු කෙනෙක්. මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලින් ගොඩක් හිත රිද්දගත්ත කෙනෙක්. ආදරය ගැන ආදරය හොයන අය ගැන මම මෙහෙම දෙයක් කියන්න කැමතියි. ගොඩක් අය ඇත්ත ආදරය හොයාගෙන යනවනෙ හැබැයි හැමෝම කියන්නෙ ඇත්ත ආදරය කොතනකවත් නැහැ කියලයි. හැබෑ ආදරය කියන එක හරිම පිවිතුරුයි. අපි පිරිසිදු හදවතින් කෙනෙක් වෙනුවෙන් කැපවෙලා ආදරය කරනව නම් විතරයි අපිට අවංක ආදරයක් ලැබෙන්නෙ. අද කාලෙ ගැහැණු පිරිමි ගොඩක් අය ආශ්‍රය කරමින් ආදරයට වංක වෙලා තමන්ව විතරක් පතන කෙනෙක් හොයනව. ඒක මුලාවක්. ආදරයේදී තමන් අවංක නම් තමයි තමන්ටත් අවංක ආදරයක් ලැබෙන්නෙ.
 
 
 ධම්මිකා සුරංජි පතිරණ




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,494 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  234 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,946 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,070 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,308 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,796 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,680 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,035 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,106 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,616 Downloads



Top 10 Commenters

Latest Comments

Top