ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට මරණ තර්ජන එල්ල කළ බවට චෝදනා එල්ල වූ ගැරී ග්රැවල්ට වරදකරු වුවහොත් වසර 140 ක සිර දඬුවමක් ලැබිය හැකි බව විදෙස් වාර්තා පවසනවා.
2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ගැරී ග්රැවල් ජනාධිපති ට්‍රම්ප් ඝාතනය කරන බවට තර්ජනය කරමින් ලිපියක් ධවල මන්දිරය වෙත තැපැල් කර තිබුණා.
එමෙන්ම, වොෂින්ටන්හි රජයේ ගොඩනැගිලි කිහිපයකට සහ මානසික වෛද්‍ය ආයතනයකට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවටද මොහු දුරකථන ඇමතුම් ලබාදී තිබූ බවයි වාර්තා වන්නේ.
පොලිස් භාරයේ සිටින 51 හැවිරිදි මොහුට චෝදනා 16ක් ගොනු කර තිබෙනවා.