Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
13
"එහෙම කතා කළත් මුලින් එයා දැනගෙන හිටියේ නැහැ මම ඒ ජනප්‍රිය ගායකයාගේ පුතා කියලා.." - බණ්ඩාර අතාවුදගේ පුත් බුද්ධික කියයි - Exclusive

- "එහෙම කතා කළත් මුලින් එයා දැනගෙන හිටියේ නැහැ මම ඒ ජනප්‍රිය ගායකයාගේ පුතා කියලා.." - බණ්ඩාර අතාවුදගේ පුත් බුද්ධික කියයි - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,529 Views
"අපි ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ එයා මම ගැන හොයලා බලන්න ඇති..."

"අපි එකතු වෙලා සින්දු කිව්වා, පස්සේ ඒක වෙනස් වුණා.."

බුද්ධික අතාවුද. මේ නම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ රූපය බොහෝ දෙනෙක් හදුනන්නේ නැහැ. නමුත් බණ්ඩාර අතාවුද කියන්නේ 70 දශයක තුළ සංගීතයට එකතු වී එදත් අදත් ගීතය පෝෂණය කරන ලයාන්විත ගායකයෙක්. ඔහුගේ ආදරණිය පුතණුවන් තමයි බුද්ධික කියන්නේ. බුද්ධිකටත් පියා වගේම රසට ගයන්න පුළුවන්. නමුත් ඔහු වෘත්තීය ගායකයෙක් නෙමෙයි. කලාවත් හිතැති බුද්ධික ඒ ගැන වගේම ඔහු ගැන කියන්නේ මේ විදිහටයි.

ඔබේ පියාගේ හඩ ඇහුවත්, රූපය දැක්කත්, නම ඇහුවත් ඒ කවුද කියලා හැමෝම දන්නවා. නමුත් බුද්ධික කියන්නේ කවුද මොනවද කරන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා මුලින්ම බුද්ධික ගැන කතා කරමු..?
මම අධ්‍යාපනය ලැබුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන්. කළමනාකරණ විෂයන් තමයි මම උසස්පෙළට කළේ. සංගීතය ඉගෙන ගත්තේ නැහැ පාසලෙන්. මම සංගීතය ඉගෙන ගත්තේ මගේ පියාගෙන්. නමුත් මම පාසල් සමස්ත ලංකා සංගීත පැත්තෙන් ජයග්‍රහණ හිමි කරගෙන තියෙනවා. උසස් පෙළ කළාට පස්සේ මම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු වුණා. කළමනාකරණ විෂයන් ඉගෙන ගත් නිසා පුද්ගලික අංශයට යොමු වෙලා මේ වෙද්දී රැකියාවක් කරනවා.

විවාහකද..?
තවම නැහැ. පෙම්වතියක් ඉන්නවා.

ඔබ පෙම්වතියට ආදරේ ප්‍රකාශ කරද්දී ඇය දැනගෙන හිටියද මේ යෝජනාව ගේන්නේ බණ්ඩාර අතාවුද කියන ජනප්‍රිය ගායකයාගේ පුතා බව..?
නැහැ. එයත් මම ඉගෙන ගත් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබුවේ. විශ්ව විද්‍යාලයේදී තමයි මම ඇයව දකින්නේ. ආදරයක් ඇති වුණා ඇය ගැන. පසුව මම එය ඇයට යෝජනා කළා. ඒ වෙනකොට එයා මගේ පසුබිම දැනගෙන හිටියේ නැහැ. අපි ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ එයා මම ගැන හොයලා බලන්න ඇති. එයා දැනගත්තට පස්සේ තමයි මගෙන් ඇහුවේ. අපි දෙන්නට දැන් දෙපාර්ශවයෙන්ම කැමැත්ත දීලා තියෙන්නේ.

කුඩා කල සිටම ඔබට ඇහෙන්නේ සංගීතය, සංගීත භාණ්ඩවල රසමුසු වූ නාදයන්. නමුත් ඔබ ඔබේ ගමන වෙනස් මගකට යොමු කරගෙන තිබෙනවා. පියාගේ බලපෑමක් නිසාද එහෙම වෙන්නේ...?
කොහෙත්ම නැහැ. අම්මයි තාත්තයි හැරුණු කොට මට ඉන්නේ අක්කා. අපි දෙන්නම දන්න කාලේ ඉදලා හැදෙන්නේ වැඩෙන්නේ සංගීතය එක්ක. විවේකයක් තියෙන වෙලාවට පුංචි කාලේ අපි ඔක්කොම එකතු වෙලා සින්දු කිව්වා. අපි ටික ටික ලොකු වෙද්දී ඒවා වෙනස් වුණා. අම්මයි අප්පච්චි කවදාවත් අපිට බලකරලා නැහැ මේ දේ කරන්න ඕන කියලා. අප්පච්චිත් සංගීතය කළේ කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන ගමන්. ඒ නිසා මට මගේ ගමන යන්න එයාලා උදව් කළා. මම මම කැමති දේ තෝරා ගත්තා.

පියා අතිශය ජනප්‍රිය චරිතයක්. ඔහුගේ ජනප්‍රියත්වය නිසාවත් හිතුණේ නැද්ද ගායකයෙක් වෙන්න ඕන කියලා..?
අපේ රටේ තවම සංගීතය ක්ෂේත්‍ර මට්ටමක නැහැ. ඇතැම් ගායක ගායිකාවන් මෙය දැන් මුදල් උපයන ප්‍රධාන මාර්ගයක් කරගෙන. නමුත් මට අවශ්‍ය වුනේ අප්පච්චි වගේ වෙනත් වෘත්තියක් කරන ගමන් සංගීත විනෝදාංශය කරගන්න. දැන් ගීතය තුළ ඇති භාෂාව අවභාවිතා වෙලා. රසාස්වාදය පහල මට්ටමක තියෙන්නේ. මේ හේතු නිසා මට හිතුණා අධ්‍යාපනයෙන් පස්සේ ගීත නිර්මාණය කරනවා කියලා. මම දැන් රැකියාව කරන ගමන් ගීත ගයනාව.

ඔබේ ගීත ගැනත් සදහනක් කරමු..?
"ඇසගාව ඉගිකර" කියන ගීතය මට ලියලා දුන්නේ ධම්මික බන්ඩාර මහත්මයා. රෝහණ වීරසිංහ මහත්මයා තමයි සංගීතය නිර්මාණය කළේ. ඒ මගේ මුල්ම ගීතය. ඊට පස්සේ ගීත කිහිපයක්ම කළා. ඒවා ජනගත කරන්න අදහසින් ඉන්නවා.

පියා ජනප්‍රිය චරිතයක් නිසා බුද්ධිකට පාසලේදී වැඩිපුර වරප්‍රසාද හිමි වෙන්න ඇති..?
අප්පච්චි ජනප්‍රිය චරිතයක් වගේම කථිකාචාර්යවරයෙක් නිසා නිතරම පාසලට ආවා. යම්කිසි සංගීත වැඩසටහනක් තිබ්බොත් අප්පච්චිට තමයි පුහුණු කරන්න එන්න කියන්නේ. ඒ නිසා බොහෝ ළමුන් ගුරුවරු දන්නවා මම බණ්ඩාර අතාවුද ගායකයාගේ පුතා කියලා. මට වැඩි සැලකිලි තිබ්බා. නමුත් දක්ෂතාවයට තමයි ඉඩ ලැබුණේ.

බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ බණ්ඩාර අතාවුද ගායකයාට මෙච්චර ලොකු පුතෙක් ඉන්නවා කියලා. ඔබ ගයන නිසා දැන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
අප්පච්චි තරම් මාව දන්නේ නැහැ. අප්පච්චි එක්ක විවිධ වැඩසටහන්වලට ගිහින් තමයි දන්නේ ඔහුගේ පුතා මම බව, වැඩසටහන්වලදී අප්පච්චිගේ ගීත ගායනා කරන නිසා මටත් හොද ප්‍රතිචාර ලැබෙනවා. කටහඩ ලස්සනයි කියලා කියන අයත් ඉන්නවා. සතුටුයි ඒ ගැන. බණ්ඩාර අතාවුද කියන ගායකයාගේ පුතා වීම ගැන ඒ නිසා මට සතුටක් තියෙනවා. අප්පච්චිට ලැබෙන ගෞරවය පෙරලා අපටත් ලැබෙනවා. ඒ වගේම අප්පච්චි සංගීතය නිසා බොහෝ ප්‍රවීණයින් හම්බකරගත්තා. ඔවුන්ගේ ආශ්‍රය අපිටත් ලැබුනා.  අප්පච්චි නිසා මටත් වටිනාකමක් ලැබිලා තියෙනවා සංගීතය තුළ. සංගීත ජීවිතය අමුතුවෙන් පටන්ගන්න මට අවශ්‍ය නැහැ ඒ නිසා.

සංගීත ප්‍රසංගවලට ඇරයුම් ලැබෙනවද..?
ආරාධනා ලැබෙන අවස්ථා තිබුනත් මගේ  වෘත්තිය ජීවිතය එක්ක සම්බන්ධ වෙන්න විවේකයක් ලැබෙන්නේ නැහැ. පුළුවන් උපරිමයෙන් සංගීතයට යමක් කරන්න උත්සහ ගන්නවා.

හර්ෂණී වීරරත්න





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,530 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  239 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,949 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,070 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,309 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,681 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,036 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,107 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,616 Downloads



Top 10 Commenters

Latest Comments

Top