Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
13
"ඒ ගැන දුකක් තියෙනවා, නමුත් ඊට වඩා වටිනා සම්පතක් මං ළඟ දැන් තියෙනවා..." - ඉෂාරා සදමිණි - Photos

- "ඒ ගැන දුකක් තියෙනවා, නමුත් ඊට වඩා වටිනා සම්පතක් මං ළඟ දැන් තියෙනවා..." - ඉෂාරා සදමිණි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,479 Views
"දැනට කවුරුත් මගේ වෙනසක් දැකලා නෑ වගේ..."

"කලාවම කරලා ජීවත් වෙන්න දැන් අමාරුයි.."

ඉෂාරා සදමිණි කියන්නේ දැන් වැඩිපුර රූපවාහිනි තිරයෙන් දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. අම්මා කෙනෙක් වුණාට පස්සේ ඉෂාරා ටිකක් කාර්යබහුල වෙලා මව් පදවියත් එක්ක. ඒ වගේම ඇය දැන් ආයුර්වේද වෛද්‍යවරියක් විදිහටත් කටයුතු කරනවා. නිර්මාණවලින්  නිතරම නොදැක්කත් ඉෂාරා තවමත් ජනප්‍රියයි. මේ ඇය ගැනයි.

ළඟදි දූ පැටික්කිගේ උපන්දිනය සැමරුවා නේද?
ඔව්. අපේ දුවගේ නම ඉසස්යා සිදුප්‍රි සඳුමිණි පතිරණ. දැන් එයාගේ වයස අවුරුද්දක්. ඉතින් එයාගේ අවුරුද්දේ උපන් දින සාදය පැවැත්වුවා.

දුවගේ නමටත් ඉෂාරාගේ නමට සමාන කොටසක් එක් කරලා නේද?
ඔව්, තාත්තගේ නම එයාට එද්දී මගේ නමෙත් කොටසක් දුවට තියෙනවා නම් හොඳයි කියලා හිතුවා.

දුව කලාවට ළැදියි වගේද?
රූපවාහිනියේ සින්දුවක් එහෙම යනවා නම් එයා ඉබේම නටනවා. පොඩි පොඩි ගීත කෑලි මුමුනනවා.

එයා අනාගතයේදී නිළියක් වෙන්න හිතුවොත් ඉෂාරා ඒකට කැමැති වෙයිද?
දුව මමයි සැමියයි වගේ වෙන රැකියාවක් කරන ගමන් කලාවට සම්බන්ධ වුණාට කමක් නැහැ. කලාවම කරලා ජීවත් වෙන්න දැන් අමාරුයිනේ. ඒ නිසා හොඳ රැකියාවක් කරන ගමන් හොඳ දෙයක් තෝරාගෙන දුව කලාවේ ගමනක් යනවට අකැමැත්තක් නැහැ.

කොහොමද දුව එක්ක ගෙවන ජීවිතේ?
අපි හිතුවේ දුව චුට්ට චුට්ට ලොකු වෙනකොට වැඩ අඩුවෙයි කියලා. හැබැයි දැන් වැඩ වැඩියි. එයා හරිම දඟයි. මමයි සැමියයි දෙන්නම එයාගේ පස්සෙන් ඉන්න ඕන. සම්පූර්ණ කාලයම එයා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. එයා දණගාද්දී අපිත් එයා එක්ක දණ ගානවා. එයත් එක්ක ඇවිදිනවා. අපිත් හරියට අපේ පුංචි කාලයට ගිහින් වගේ. දුවගෙන් අලුත් අත්දැකීම් ගොඩක් ජීවිතයට එකතු වෙනවා. බබා එක්ක ඉන්නකොට කාලය ගත වෙනවා තේරෙන්නේවත් නැහැ. අවුරුද්දක් වෙනකල්ම බබා එක්ක තමයි කාලය ගත කළේ.

ඒ කියන්නේ දුවගේ වැඩ රාජකාරි එක්ක වෛද්‍ය වෘත්තියෙනුත් ඉවත් වුණාද?
ඇත්තටම සියලු වැඩකටයුතුවලින් මේ අවුරුද්ද පුරාවටම අයින් වෙලා හිටියේ. බබා ලැබෙනකල්ම මම වෛද්‍ය වෘත්තියේ වැඩවලට සම්බන්ධ වුණා. නමුත් පත්වීම් දෙද්දී මම ඒක ඉල්ලලා කල් දාගත්තා. බොහෝ විට මේ වසරේ අග හෝ ලබන වසරේ මුල විතර ආයෙත් පත්වීම් දෙයි. දැන් මම වැඩවලින් චුට්ටක් එළියට එන්න ආයෙත් උත්සාහ කරනවා. මම ඉගෙන ගත්ත දෙයින් මගේම දෙයක් පටන් ගන්නත් සූදානමක ඉන්නවා.

අවුරුද්දක්ම රංගනයෙන් අෑත් වෙලා ඉන්න පහසු වුණාද?
ඒ කාලයේ බබාගේ වැඩත් එක්ක වෙනම ජීවිතයක් ගත කළේ. හරිම අවිවේකී ජීවිතයක්. රංගන කටයුතුවලට සම්බන්ධ නොවීම ගැන පුංචි දුකක් තිබුණා. ඒත් ඊට වඩා වටිනා සම්පතක් මං ළඟ තිබුණා. ගැහැනියක් වුණාම විවාහ වෙන්න ඕන. දරුවෙක් ලබන්න ඕන. ඉතින් පෞද්ගලික ජීවිතේ ඒ සතුට මං ළඟ තිබුණා. ඒ සතුට ළඟ තියෙන නිසා හිත හදාගත්තා.

රංගන කටයුතුවලටත් ආයෙත් එකතු වෙයිද?
මට දිගටම වැඩවලට කතා කළා. නමුත් දුවව දාලා යන්න බැරි නිසා හිත නොරිදෙන විදියට ඒ ආරාධනා ප්‍රතික්‍ෂේප කළා. මේ දවස්වල නිර්මාණයකට සම්බන්ධ වෙන්න කතා කරමින් ඉන්නවා. කොහොම වුණත් ඉදිරියේදී ඒ නිර්මාණයෙන් හෝ වෙනත් නිර්මාණයකින් ප්‍රේක්‍ෂකයෝ අතරට එන්න ඉන්නේ.

රංගනයෙන් අෑත් වෙලා හිටියට ඉෂාරාව බොහෝ දෙනෙක්ට අමතක වෙලා නෑ වගේ?
මම ක්‍ෂේත්‍රයේ ගොඩක් වැඩවල හිටියේ නැති වුණාට ඒ හිටපු කාලේදී මට සම්මාන දෙකක් ලැබුණා. අධ්‍යාපන කටයුතු කරන ගමන් තමයි මම රංගන කටයුතුවලට සම්බන්ධ වුණේ. මම නිර්මාණවල පේන්න නොහිටියත් මට තාමත් ලියුම් එනවා. දුරකථන ඇමැතුම් එනවා. අපි නිර්මාණයකට සම්බන්ධ වෙලා තෘප්තියක් ලබනවා වගේම අපි වෙනුවෙන් මේ වගේ හොඳ ප්‍රතිචාර ලැබෙද්දීත් අවංකවම සතුටක් දැනෙනවා.

ඉෂාරා ආයෙත් රංගන කටයුතුවලට එකතු වෙනවාට සැමියාගේ අකැමැත්තක් නැද්ද?
නැහැ. මගේ හස්බන්ඩ් දන්නවා මම රංගනයට ආසයි කියලා. බබා වෙනුවෙන් කැප කිරීම් කරනවා කියලාත් දන්නවා. එයා කියන්නේ කාන්තාවක් ගෙදරටම කොටු වෙන්න ඕනේ නෑ කියලා. ඒ නිසා එයා මට පුළුවන් තරම් සහයෝගය දෙනවා.

සමහර රංගන ශිල්පිනියන් විවාහයෙන් පස්සේ දරුවෝ ලැබුණට පස්සේ රංගනයෙන් අෑත් වෙනවා. නමුත් ඔබේ සැමියා ඔබව ඒ වගකීම්වලට කොටු කරන්න ලෑස්ති නෑ වගේ?
විවාහ වෙන්න ස්වාමිපුරුෂයෙක් තෝරා ගනිද්දීම මම මගේ නිදහස ගැන හිතුවා. මගේ සැමියා විශ්වාස කරනවා කාන්තාවෝ ගෙදරට කොටු වෙලාම ඉන්න ඕනේ නෑ කියලා. අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අපි හම්බ කරන්න ඕන. නමුත් අපි අපේ ජීවිතවල ආසා කරන තෘප්තියක් ලබන දේවල් තියෙනවා. මගේ සැමියාගෙන් මට සියයට දෙසීයක සහයෝගයක් ලැබෙනවා. ඉතින් එයාට ස්තුති කරන්නත් මේ අවස්ථාව යොදා ගන්නවා. හැමදේම සමබර කරගෙන මේ ගමන යන්න ලැබීම ගැන සතුටුයි.

මවක් නිසා ඉදිරියේදී ඉෂාරාගේ තෝරා ගැනීම් තවත් වැඩි වෙයිද?
කොහොමත් මම මුල ඉඳන්ම චරිත තෝරා බේරාගෙන කළේ. වාසනාවද මන්දා මට ගැළපෙන චරිත ලැබුණා. දැන් අම්මා කෙනෙක් නිසා ඉස්සරටත් වඩා තෝරා ගැනීම් තියෙයි. ඉදිරියට හොඳ නිර්මාණ ලැබුණොත් ඒවට සම්බන්ධ වෙනවා.

තාමත් ඉෂාරාට පෙම්වතිය වෙන්නද ආරාධනා ලැබෙන්නේ?
සුපුරුදු පෙම්වතියගේ චරිතයට තමයි දැනටමත් කතා කරන්නේ. දැනට කවුරුත් මගේ වෙනසක් දැකලා නෑ වගේ.

පුංචි තිරයේ නම් නිර්මාණ කිහිපයක ඉෂාරාව දැක්කා. සිනමාවට එන්න අදහසක් නැද්ද?
හොඳ නිර්මාණයක් ලැබුණොත් සිනමාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක ඉන්නවා.

රංගනයට එකතු වුණාට පස්සේ දුව වෙනුවෙන් ඉටුකරන වගකීම්වලට මොකද වෙන්නේ?
ඒ වගකීම් මගෙන් මිස් වෙන්නේ නැහැ. මමයි සැමියයි දෙන්නම මේ හැමදෙයක්ම සමබරව කරගෙන යනවා. අම්මත් උදවු කරනවා. බබාව පිට තැනක තියලා නම් මම රංගන කටයුතුවලට එන්නේ නැහැ. රූගත කිරීම්වලට යද්දී සමහර වෙලාවට බබාව එක්ක යන්නත් පුළුවන්. සැමියාත් ඒ වැඩවලට ගොඩක් උදවු කරනවා.

මොනවද ඉදිරි සැලසුම්?
දුවගේ වැඩවලටත් බාධාවක් නොවෙන්න කලා කටයුතු සහ ආයුර්වේදයේ මම ඉගෙන ගත්ත දෙයින් යමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  189 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,693 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,360 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,725 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,788 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,275 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,286 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,840 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,752 Downloads



Top 10 Commenters

Latest Comments

Top