Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
13
"ජනප්‍රියත්වයේ ඉහළ ඉන්නකොට විවාහ වෙන්න ගත්ත තීරණය ගැන බොහෝ දෙනා මට එක එක දේවල් කිව්වා..." - ගීතිකා රාජපක්ෂ

- "ජනප්‍රියත්වයේ ඉහළ ඉන්නකොට විවාහ වෙන්න ගත්ත තීරණය ගැන බොහෝ දෙනා මට එක එක දේවල් කිව්වා..." - ගීතිකා රාජපක්ෂHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,479 Views
"එයා මට සීමාවන් දාන්න තරම් මම සීමාවෙන් පිට ගිහින් නැහැ.."

" මනස එක තැනක තියාගන්න හරි අමාරුයි..."

මේ දවස්වල වැඩි හරියක් ගෙදරට වෙලා තමයි ඉන්නේ. අවුරුද්දෙන් පස්සේ යන්න හිතන් හිටිය ගමන් බිමන් ඔක්කොම නවත්තන්න වුණා දැන් තියෙන තත්ත්වයත් එක්ක. ප්‍රසන්න ප්‍රියදර්ශන අයියා අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒක වෙනස්ම විදිහේ චරිතයක්. මම සාමාන්‍යයෙන් නයි නටවන තැනකවත් ඉන්නේ නැති කෙනෙක්. හැබැයි මේ නාට්‍යයෙත් නයි එක්ක ළඟ ළඟම ගැවසෙන්න වුණා. ලොකු අභියෝගයක් තිබ්බ චරිතයක් කළේ. ඒ වෙනස ළඟදීම ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයි.
විවාහයට කලින් වැඩ කිහිපයක පේන්න හිටියට දැන් ගීතිකා වැඩ ගොඩක පේන්න නෑනේ. ඇයි ඒ?
දැන් මම වැඩිපුර නිදහස හොයනවා වෙන්න ඇති. කොහොම වුණත් වැඩ සියයක් කරනවට වඩා එක හොඳ වැඩක් කළොත් ඒක වටිනවා.

නිදහස හොයන නිසාමද සමහර වැඩ අතහරින්නේ?
මෙහෙමයි, මට කතා කරපු වැඩ තියෙනවා. වැඩක් කරද්දී අගයක් වටිනාකමක් තියෙනවානේ. ලෝ බජට් කියලා ඉතිං අපේ අගය, වටිනාකම නැතිව වැඩ කරන්නත් අමාරුයිනේ. මූණ පෙන්නගන්න ඕනේ කියලා රඟපාන්නේ නැහැ. මාවම නිර්මාණයකට ඕනේ නම් ඒ අය මාව සම්බන්ධ කරගනියි.

ඒ කියන්නේ ගීතිකා ජනප්‍රියත්වය කියලා ඕන දෙයක එල්ලෙන්නේ නැද්ද?
ඇත්තටම ජනප්‍රියත්වය මොකටද? ජනප්‍රියත්වය ගැන ඉස්සර හිතුවා. එක නාට්‍යක දෙකක පේන්න ඉද්දී ජනප්‍රිය වෙනවා. නමුත් තව පිරිසක් ආවම ඔවුන් ජනප්‍රිය වෙනවා. නමුත් ජනප්‍රියත්වය පස්සේ හඹාගෙන ගිහින් වැඩක් නෑ. පාඩුවේ තමන්ගේ ගමන ගියාම ලැබෙන දේ ලැබෙයි. මිනිස්සුන්ගේ ආදරය සහ ගෞරවයත් ලැබෙයි.

ඔබ බිරියක් විධියට වගකීම් ඉෂ්ට කරන්න ලොකු කැපකිරීමක් කරනවා වගේ?
ඇත්තටම මම කැමැතියි මගේ අතින්ම සියලුම වැඩ කරන්න. මම රූගත කිරීම්වලට ගියත් මගෙන් වියයුතු දේවල් කරලා යන්නෙ. සැමියාගේ අම්මාගේ සහායත් මට ලැබෙනවා.

ඔබ ජනප්‍රියම තලයේ සිටිද්දී තමයි විවාහ වෙන්නේ. ඒ තීරණය ගැන අද මොකද හිතෙන්නේ?
ජනප්‍රියත්වයේ ඉහළ ඉන්නකොට විවාහ වෙන්න ගත්ත තීරණය ගැන බොහෝ අය මට දේවල් කිව්වා. ඒ ගැන හිතන්න කිව්වා. නමුත් ජනප්‍රියත්වයේ හිටපු කාලේ විවාහ වුණ එක ගැන පසුතැවීමක් මට දැනිලා නැහැ. සුදුසු කාලේ මම විවාහ වුණා. ලැබිලා තිබ්බ ජනප්‍රියත්වයත් මදෑ ඉතිං.

දැන් ගීතිකාගේ ජනප්‍රියත්වය අඩු වෙලාද?
මම ක්ෂේත්‍රයට ආවට පස්සේ එකම කාලේ නාළිකා කිහිපයක මම රඟපාපු නාට්‍ය විකාශය වුණා. ඒ කාලේ ලොකු ජනප්‍රියත්වයක් තිබුණා. දැන් ඒ ජනප්‍රියත්වය ටිකක් අඩු වෙලා. හැබැයි ජනප්‍රියත්වය අඩුවෙලා කියලා දුකක් නෑ. මොකද හැමදේම අනිත්‍යයිනේ. හැමදේම සතුටින් භාරගන්නවා මම.

ගීතිකා කාලයක් නිවේදන කටයුතුවලටත් එකතු වුණානේ. ආයෙත් නිවේදනයට එන්න අදහසක් නැද්ද?
අධ්‍යාපන වැඩකටයුතු සහ රංගන කටයුතු නිසා 2016දී මම නිවේදන කටයුතුවලින් ඈත් වුණා. නිවේදන කටයුතුවලට වෙන් කරන කාලය පිළිබඳ ප්‍රශ්නයක් තමයි ඇති වුණේ. දැන් නම් කාලය තියෙනවා. හොඳ වැඩසටහනක් ලැබුණොත් සම්බන්ධ වෙන අදහසක් තියෙනවා. අපි රාවණ රජුගේ ජීවිත කතාව සොයාගෙන යන වැඩසටහනක් කළා. ඒක මඟදි නතර වුණා. ඒක ගවේෂණශීලී වැඩසටහනක්. සමහරවිට ඒ වැඩසටහන ඉදිරියෙදී එන්න පුළුවන්.

ගත්ත උපාධියෙන් ප්‍රයෝජනයක් ගන්නේ කවදද?
ගත්ත උපාධියෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. පරිපාලන විභාගය කරන්නත් හිතාගෙන ඉන්නවා. දැන් පොතක්පතක් අල්ලන එකත් හරිම අමාරු වැඩක්. මනස එක තැනක තියාගන්න හරි අමාරුයි. කොහොම වුණත් උපාධියෙනුත් වැඩක් ගන්න ඕනේ. දන්නෙම නැතිව දැන් ටික ටික ගෙදරටම කාලය වෙන් වෙලා.

සැමියා ගීතිකාට සීමා දාන්නේ නැද්ද?
එයා මට සීමාවන් දාන්න තරම් මම සීමාවෙන් පිට ගිහින් නැහැ. හැබැයි එයා ගෙදර එද්දි මම ගෙදර හිටියේ නැත්නම් එයාට අප්සට්. මම එයාට කියලා තමයි හැමදේම කරන්නේ. ඉතිං ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.

මවක් වෙන හීනය ගැන දැන්මම හිතන්නේ නැද්ද?
මම සම්බන්ධ වුණ නාට්‍ය පහළොවක් විතර විකාශය වෙන්න තියෙනවා. විකාශය වෙන නාට්‍යවලට අසාධාරණයක් කරන්න මම කැමැති නැහැ. කොහොම වුණත් මවක් වෙන හීනය ගැන දැන්මම හිතලා නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,451 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,508 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,664 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,276 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,078 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,394 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,684 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,892 Downloads



Top 10 Commenters

Latest Comments

Top