Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
02
දොස්තරවරුන් වැසිකිලිවල කැමරා සවි කරන අසහන යුගයක සිට

- දොස්තරවරුන් වැසිකිලිවල කැමරා සවි කරන අසහන යුගයක සිටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

291 Views

පසුගිය 20 වනදා අනුරාධපුර රෝහලෙන් ආරංචි වූයේ එම රෝහලේ කාන්තා වැසිකිලි දෙකක සවිකරන ලද කැමරා මගින් එම රෝහලේම වෛද්‍යවරයෙකු වැසිකිළි අභ්‍යන්තරය නරඹා ඇති බවයි. බැලු බැල්මට නොපෙනන කුඩා ප්‍රමාණයේ කැමරා දෙකක් එම වැසිකිලි දෙකෙහි සවිකොට තිබී ඇත. කැමරාවලට සම්බන්ධ කර ඇති වයර් දිගේ ගොස් බලද්දී එම වයර් අවසාන වී ඇත්තේ රෝහලේම දොස්තර දිනුෂ සෙරංග විජේවර්ධන නම් විසි හත් හැවිරිදි විවාහක වෛද්‍යවරයෙකුගේ කාමරයකිනි.
අවසානයේ ඔහුව අත්අඩංගුවට ගෙන අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය. ආරක්ෂක කැමරාවේ දත්ත කොළඹ යවා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද විනිසුරුවරිය එහිදී නියෝග කලා. වෛද්‍යවරයාට අධිකරණයෙන් එළියට පැමිණෙන විට ලැජ්ජාව වසා ගැනීමට උපකාරීවූයේ කුඩා ලේන්සුවකි.

රෝගී පියෙකුට හදිසි ප්‍රතිකාරයක් නොදී මිය යෑමට සැලැස්වූවාය කියා ඥාතීන් විසින් වෛද්‍යවරයෙකුට බැන වැදීම නිසා තමන්ට අපහාසයක් වූවා කියා පසුගියදා බදුරලිය රෝහලම දින 7 ක් තිස්සේ වසා දැමූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තම සාමාජිකයෙක් හොරෙන් කාන්තා වැසිකිලි වල කැමරා සවිකර අසභ්‍ය දර්ශන පටිගත කිරීමෙන් අපහාසයක් සිදුනොවීම මෙහිදී සිදුවූ පුදුමාකාර සිදුවීම වූයේය.



2010 වසරේදී හෙම්මාතගම හා ඕලාන යන ප්‍රදේශවල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන පවත්වාගෙන යමින් සිටි රජයේ වෛද්‍යවරයෙකු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පාසල් සිසුවියන් සහ තරුණ කාන්තාවන්ගේ නිරුවත් දර්ශන ගෙන අසභ්‍ය සංයුක්‌ත තැටි නිපදවූ සිද්ධියක්ද වාර්තාවුනා.

තවද 2007 නොවැ 12 වනදා තරුණියක දූෂණයට ලක්කොට මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා ඝාතනය කොට තිබුණා. මේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු වුයේ මීගමුව රෝහලේ සේවය කල සුදර්ශන බාලගේ නමැති සීමාවාසික වෛද්‍යවරයෙකි. මියගිය 23 හැවිරිදි චමිලා මොනරාගල පදිංචි කටුනායක ඇගලුම් කම්හලක සේවය කළ, දුප්පත් පවුලක තරුණියකි.

අසහනයේ තරම වෛද්‍යවරුන්ගෙන් අවසන් නොවේ. පසුගිය දෙසැම්බර් 27 වනදා හම්බන්තොට හෙද විදුහලෙන් ආරංචි වූයේ මෙවැනි පුවතකි. හම්බන්තොට හෙදි විදුහලේ පුහුණුවන හෙදියන්ගේ යට ඇඳුම් සොරකම් කිරීමට ගිය පුද්ගලයකු හෙදි විදුහලේ මුරකරුවන්ට හසුවී ගුටි පුජාවක් ද දි හම්බන්තොට පොලීසියට බාරදී තිබෙනවා. පොලීසියට සැකකරු බාරදෙන විට කොට කලිසමක් ඇඳ සිටි අතර එයට යටින් කාන්තා යට සායක් කකුලක පටලවාගෙන සිට තිබෙනවා. එය ගලවා දීමේදී කාන්තාවන් පරිහරණය කරන නිල්පාට කාන්තා යට ඇඳුමක් සැකකරු ඇඳගෙන සිටිය බව පොලීසිය පවසනවා. පසුව සැකකරු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එසේම ජංගම දුරකථනයේ කැමරාවෙන් කාන්තාවන්ගේ ඡායාරූප ගත් 50 හැවිරිදි පුද්ගලයෙකු පිළිබදවද පසුගියදා වාර්තා වුනා. කොටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටිමින් සඟවා ගත් ජංගම දුරකථනයකින් කාන්තාවන්ගේ ඡායාරූප ලබා ගත් මේ පුදුගලයා අනුරාධපුර ලංකාරාම පාර ප්‍රදේශයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ සේනානායක නමැති පුද්ගලික ආයතනයක ආරක්ෂකවරයෙකි. වයස අවුරුදු පනහකි. සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අසභ්‍ය වීඩියෝ දර්ශන සහ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප තිබි හමුවී තිබෙනවා.

ලාංකීය සමාජයේ උගත් නූගත් වශයෙන් පමණක් නොව බාල මහලු බොහෝ දෙනෙක්ද දැඩි අසහනයකින් පෙළෙන බව දිනපතා පුවත්පත් බැලීමෙන් පෙනීයන ප්‍රකට කරුණක්. එකල ස්ත්‍රී දූෂණයක් සිදුවුවහොත් ගීතවලින් පවා එහි බිහිසුණු බව ගායනා කෙරුණා. නමුත් අද එසේ දූෂණ ගැන ගී ගැයුවොත් දිනපතා MP3 තැටි නිකුත්කරන්නට සිදුවන තරමට දූෂණ අපරාධ සිදුවනවා. ලිංගිකත්වය, ලිංගික අධ්‍යාපනය අප සමාජයේ තව දුරටත් වසාගෙන, හංගගෙන සිටින තාක්කල් මෙවැනි පුවත් වලට එහාගිය ඒවාද අපට අසන්නට දකින්නට ලැබීම අරුමයක් නොවනු ඇත.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song) - Rose Alagiyawanna
Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song)
Rose Alagiyawanna
⤵  1,505 Downloads

Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  2,776 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,854 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  11,258 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,540 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,352 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,911 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,602 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,747 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,184 Downloads



Top 10 Commenters

Latest Comments

Top