Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
12
දහම් පාසල්වලට ළමයින් පැමිණිම අඩුවෙයි - කතෝලික පෞද්ගලික පාසල් ආරම්භ කිරීම ගැන තවමත් තීන්දුවක් නැහැ

- දහම් පාසල්වලට ළමයින් පැමිණිම අඩුවෙයි - කතෝලික පෞද්ගලික පාසල් ආරම්භ කිරීම ගැන තවමත් තීන්දුවක් නැහැHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,476 Views
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව අද ආරම්භ වූ දහම් පාසල්වල ළමයින්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවති බව වාර්තාවනවා.
 
හිරු වාර්තාකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ සොයාබැලීම් වලදී වාර්තාවුණේ එක් සිසුවෙකු හෝ පැමිණ නොසිටි දහම් පාසල්ද දක්නට ලැබුණු බවයි.
 
ගම්පහ දිස්ත්‍රික්කයේ ද දහම් පාසල්වල සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පැවති බවයි හිරු ප්‍රාදේශිය වාර්තාකරු ටෝනි කරුණානායක සඳහන් කළේ.
 
දහම් පාසල් සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පැවතියද පොලිස් සහ හමුදා ආරක්ෂාව ලබාදී තිබූ ආකාරයක් දක්නට ලැබුණු බව හිරු ප්‍රාදේශිය වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල සඳහන් කළා.

මේ අතර කතෝලික දහම් පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව අගරදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ එඞ්මන් තිලකරත්න පියතුමන් සඳහන් කළා.
 
එමෙන්ම කතෝලික පාසල්වල අධ්‍යයන කටයුතු ද මෙම සතිය තුළ ආරම්භ කරන බවට මීට පෙර ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන්ද අවසන් තීරණයක් ගෙන නොමැති බවයි පියතුමන් කියා සිටියේ.
 
කෙසේ වෙතත් රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ දෙවන වාරයේ අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
 
හය ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ දෙවන වාරය පසුගිය සතියේ සිට ආරම්භ කළද සිසුන්ගේ පැමිණීම පැවතියේ ඉතා දුර්වල මට්ටමකයි.
 
එම තත්ත්වයට හේතුව දේශපාලන අරමුණු මත ඇතැම් කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රචාර සහ කතා කථා බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
 
පාසල්වල ආරක්ෂාව උපරිම ලෙස මේ වනවිටත් තහවුරු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,446 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,469 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,602 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,270 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,075 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,380 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,681 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top