Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
12
"නිරූපණ හීනය අතඇරලා දැම්මා, මම කැමති නැහැ මගේ නිරුවත මාකට් කරන්න..." - පූජනී භාග්‍යා - Photos

- "නිරූපණ හීනය අතඇරලා දැම්මා, මම කැමති නැහැ මගේ නිරුවත මාකට් කරන්න..." - පූජනී භාග්‍යා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,444 Views
මේ අවස්ථාව මට ලැබෙන්නේ මම 2018 වසරේ හිරු අවුරුදු කුමරිය වීම නිසා...
 
ඒ අදහස නැතිවෙලා ගියා සමහරක් පැජන්ට්වල කරන දේවල් දැකලා..
 
ඇය ඔබ ආදරය කරන නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම ඇය දැන් ඔබ ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ නමෙහි සඳහන් ආකාරයටම ඇය සැබවින්ම භාග්‍යවන්තයි. ඒ නිසාම ඇයට 2018 වර්ෂයේ 'හිරු කුමරිය' වන්නට හැකිවෙනවා. ඒ වාසනාව ඇය මේ තරම් දුර රැගෙන ආ බව තමයි ඇය නම් පවසන්නේ. කෙටි කාලයකින් ඇය මේ තරම් දුර එයි කියා ඔබ නොහිතන්නටත් ඇති. නමුත් ඇය අද ජනප්‍රිය රංගන ශිල්පිනියක්. හිරු නාළිකාවේ 'හුස්මක් තරමට' ටෙලි නාට්‍යයෙන් ඇයගේ දක්ෂතා ඔබට දැක බලාගන්න පුළුවන්. මේ ඇය සමඟ කළ කතාබහක්....

මොනවද මේ දවස්වල කරන වැඩකටයුතු?
 
මේ දවස්වල හිරු නාළිකාවේ 'හුස්මක් තරමට' නාට්‍යයේ විකාශන කටයුතු ආරම්භ කළා.
 
කොහොමද ප්‍රතිචාර?
 
ඇත්තටම ප්‍රතිචාර ඉතාමත්ම හොඳයි.
 
සමාජ මාධ්‍ය හරහා ඔබ සත්තුන්ට ආදරේ කරන කෙනෙක් වගේ තමයි කටයුතු කරන්නේ. ඇත්තටම ඒක එහෙමද?
 
අනිවාර්යෙන්ම. මම සත්තුන්ට ඇත්තටම ආදරෙයි. අපේ ගෙදර දැනටත් සත්තු ගොඩක් අපි ඇති කරනවා. ඕනම සතෙක්ට කැමතියි. කිසිම සතෙක්ට මම හිංසා කරන්නේ නැහැ සර්පයෙක්ටවත්. දැනට මගේ ළඟ බල්ලො 10යි පූසො 8යි ඉන්නවා. ඒ ඔක්කොම පාරෙ දාල ගියපු සත්තු.
 
'හුස්මක් තරමට' චරිතය ගැන මොකද හිතන්නේ?
 
ඒකත් ලස්සන චරිතයක්. ඒකෙ චරිතෙ නම ෆියෝනා. සාමාන්‍ය පවුලක දඟකාර" කටකාර චරිතයක්. ආදරණීයම නැහැ චරිතේ. හරි ලස්සන චරිතයක්. ආරාධනා කරනවා හැමෝටම බලන්න කියලා. ඒ අවස්ථාව මට ලැබෙන්නේ මම 2018 වසරේ හිරු අවුරුදු කුමරිය වීම නිසා.
 
කොහොමද රංගනයට අවස්ථාව ලැබෙන්නේ?
 
මට මුලින්ම රංගනයට අවස්ථාව ලැබෙන්නේ වයස අවුරුදු 11දී දරුවනේ චිත්‍රපටයේ. සෙසු චරිතයක් තමයි කළේ. පස්සෙ ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා. එහෙම තමයි රංගනයට පියවරෙන් පියවර එන්නේ. දැන් වැඩි කාලයක් දීල තියෙන්නේ රංගනය සඳහා.
 
අදහස රංගනය දිගටම කරගෙන යන්නද?
 
කාලයක් මම නිරූපණය කළා මගේ උස තියෙන නිසා. නමුත් මම දැන් නිරූපණය කරන්නේ බ්‍රයිඩ්ල් ඒවා විතරයි. රංගනය පැත්තෙන් ඉදිරියට යන්න ලොකු අදහසක් තියෙනවා වගේම මම නෙට්බෝල් තරඟ විනිශ්චකාරිණියක වෙන්න උත්සාහ කරමින් ඉන්නේ. මොකද මම පාසල් කාලේ ගොඩක් ක්‍රීඩා කළා. අදහසක් තියනවා මගෙම කියලා ව්‍යාපාරයකුත් පටන් ගන්න. ඒ අතර රංගනයට දැන් මුල්තැන දීල තියෙන්නේ.
 
ක්‍රීඩාවට යොමුවෙන්න විශේෂ හේතුවක් තියනවද?
 
ඇත්තටම මම ක්‍රීඩාවට ගොඩක් ආදරේ කෙනෙක්. පාසල් කාලෙ මම ගොඩක් ක්‍රීඩා කළා. නෙට්බෝල්වලට මම ගොඩක් දක්ෂයි වගෙම පාසලෙන් අයින්වෙද්දි මම පාසලේ ක්‍රීඩා නායිකාව. මේ හැමදේටම වඩා මට ලේසිම දේ තමයි ක්‍රීඩා. මම ක්ලබ්වලට ගොඩක් සෙල්ලම් කළා. ඇගේම ක්‍රීඩාව තියන දේ නිසා මට ක්‍රීඩාව අතාරින්න හිතෙන්නෙ නැහැ. ඒ ආසාව නිසාම තමයි මම විනිශ්චකාරිණියක වෙන්න හදන්නෙ.
 
ඉදිරි වැඩකටයුතු මොනවද?
 
කලින් කිව්ව වැඩ වගේම තවත් නාට්‍යයක් එන්න තියනවා. තවත් නාට්‍යයක් පටන්ගන්නත් තියනවා. තවත් මං ඉන්න චිත්‍රපට කිහිපයක් තිරගත වීමට තියනවා. බැක් ටු ස්කූල්, රෙවලූෂන්, ගුත්තිල තමයි ඒ සිනමාපට.
 
දැන් ඔබ හිතනවද පූජනී ජනප්‍රිය නිළියක් කියලා?
 
මෙහෙමයි මම කැමතියි මම ජනප්‍රිය නිළියක් කියනවට වඩා දක්ෂ නිළියක් කියල කියනව නම්. ඒ දේ ලබාගන්න මම දැඩි කැපවීමෙන් වැඩ කරගෙන යනවා. ජනප්‍රිය වෙන්න ඕන කෙනෙක්ට පුළුවන් වගේම දක්ෂ නිළියක් වෙන්න හැමෝටම බැහැ. ඇත්තෙන්ම මම හිතන්න්නෙ නැහැ පූජනී කියන්නෙ ජනප්‍රිය චරිතයක් කියලා.
 
නිරූපණය කරලා ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කරන්න අදහසක් නැද්ද?
 
එහෙම අදහසක් තිබුණා. මේ මෑතකදී ඒ අදහස නැතිවෙලා ගියා සමහරක් පැජන්ට්වල කරන දේවල් දැකලා. මම කැමති නැහැ මගේ නිරුවත මාකට් කරන්න. හොඳ පැජන්ට් එකකින් ජයග්‍රහණය කළත් මේ වෙන දේවල් එක්ක අපිට වැටෙන්නෙත් ඒ කාර්ඩ් එකම නිසා මම නිරූපණ හීනය ඇතෑරලා දැම්මා.
 
ප්‍රසංග මාභරණ
'දිවයින'


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,450 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,485 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,638 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,270 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,078 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,382 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,682 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top