Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
11
"හස්බන්ඩ් කැමැති වුණේ නැහැ මගේ ඒ තීරණයට. ඒත් එයා මට යන්න කිව්වා.." - ඉරේෂා රණසිංහ

- "හස්බන්ඩ් කැමැති වුණේ නැහැ මගේ ඒ තීරණයට. ඒත් එයා මට යන්න කිව්වා.." - ඉරේෂා රණසිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,760 Views
"මාව පෙන්නල සමහරු ළඟ ඉන්න අයට එහෙම කියනවා මට ඇහෙනවා.."

"ඉන්න විදිහ අනුව තමයි කතා හැදෙන්නේ.."

ඉරේෂා රණසිංහ කියන්නේ බොහෝ දෙනෙක් දන්න හදුනන ආදරේ කරන රංගන ශිල්පිනියක්. විවිධ චරිත එක්ක රූපවාහිනියෙන් දකින්න ලැබුණු ඉරේෂා කාලයක් රංගනය සමුදීලා පසුගිය කාලයේ යලිත් රංගනයට එකතු වූ නිලියක්. මේ ඇය ගැනයි.

වැඩිපුරම නපුරු චරිත කරන නිසා ප්‍රේක්ෂකයොත් ඒ මිම්මෙන්ම ඔබව මනිනවා ඇති?
එහෙමත් වෙනවා. අරයා හරිම නපුරුයි නේ කියලත් මාව පෙන්නල සමහරු ළඟ ඉන්න අයට කියනවා ඇහෙනවා. මාව දන්න අය නම් එහෙම කියන්නේ නැහැ. ඒ වුණාට මං ටිකක් නපුරුයි. හැබැයි කපටි නැහැ.

නපුරු චරිත සඳහා ඔබේ වාරණයක් නැතිද?
නැහැ. මට රඟපාන්න පුළුවන් නම් සහ මට ගැළපෙනවා නම් මං ඒව බාර ගන්නවා.

බොහෝ ජනප්‍රිය නිළියන් විවාහ වෙලා දරු මල්ලො ලැබුණයින් පසුව රංගනයෙන් ඈත් වුණා?
මගෙත් ඒ වාරණය තිබුණා. කවදා හරි විවාහ වෙලා ඊට පස්සේ පවුල් ජීවිතයටම මුල් තැන දෙන්න තමයි හිතාගෙන හිටියේ. හස්බන්ඩ් කැමැති වුණේ නැහැ මගේ ඒ තීරණයට. එයා තමයි යන්න යන්න කියලා මාව පෙළෙඹුවේ. ඔහුගේ පැත්තේ ඥාතීන්ගෙනුත් මට විරුද්ධත්වයක් ආවේ නැහැ. මගේ පොඩි පුතා අඩු මාසෙන් ඉපදුණ නිසා අවුරුදු දෙක හමාරක් එයා වෙනුවෙන් රඟපෑම නතර කළා මිසක විවාහයෙන් පසුව අයින් වුණේ නැහැ.

සැමියා කැමැතිද ඔබ පෙම්වතියගේ චරිතය රඟපානවට?
පෙම්වතියගේ චරිතය රඟපානවට අකැමැත්තක් නැතුව ඇති. ඒ වුණාට ඒ පෙම් චරිතය තුළ පෙම්වතා සමඟ බදාගෙන වගේ රඟපානවා නම් ඔහු විරුද්ධ වෙනවා කියලා මං දන්නවා. මං දරුවො දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. ලොකු පුතාට අවුරුදු නවයයි. ඉතින් මං ඒ අය හැමෝම ගැන හිතලා තමයි චරිතයක් බාර ගන්නේ.

ලොකු පුතාගේ පාසල් මිතුරන් සහ ඔවුන්ගේ මවුපියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
පුතාගේ වැඩවලට පාසලට යනවා. එතකොට සමහරු මගෙත් එක්ක ෆොටීස් එහෙම ගන්නවා. පුතාට නම් එච්චර ගාණක් නැහැ අම්මා නිළියක් කියන එක. එයා පැත්තකට වෙලා ඉන්නවා ෆොටෝ ගහලා ඉවර වෙනකම්.

ඔබේ පුතාලා දෙන්න කවදා හරි කලාව තෝරා ගත්තොත්?
මම හිතන්නේ නැහැ ලොක්කා කවදාවත් කලාවට එයි කියලා නමුත් පොඩි පුතා එහෙම නැහැ. එයාට අවුරුදු පහයි. හොඳට බෙර වාදනය කරන්න පුළුවන්. අපිට දැනෙන්නේ ඒක සහජ කුසලතාවයක් කියලා. නැතුව අපි එයාට විශේෂයෙන් වාදනය උගන්වලා නැහැ. කලාව පැත්තෙන් එයා ඉදිරියට යයි කියලා හිතනවා.

නිළියක් වුණාම කටකතා එහෙම හැදෙනවා?
ඉන්න විදිහ අනුව තමයි කතා හැදෙන්නේ. මට නම් මේ වෙනකම් කට කතා හැදිලා නැහැ. මං ගැන ගොඩක් අය කියලා තියෙනවා විශේෂයෙන් ඥාතීන්ට මං හොඳට පවුල් ජීවිතයත් තියාගෙන රඟපෑමත් කරගෙන යනවා කියලා. එහෙම අහන්න මං වාසනාවන්තයි.

ඔබ නිළියක් නොවුණා නම්?
අනිවාර්යයෙන්ම ක්‍රීඩිකාවක් වේවි.

ගෙදර ඉන්න කොට හස්බන්ඩ්ට වැඩිපුරම හදල දෙන්නේ මොනවාද?
ඩෙසර්ට් වර්ග තමයි හදන්නේ. හස්බන්ඩ්ට සීනි හැදිලා තියෙන්නේ මං හදලා දෙන ඩෙසර්ට් කාලා. එච්චරටම මං එයාට ඒවා හදලා දෙනවා.

ඉරේෂාගේ සැමියගේ දරුවන්ගේ නම් කිව්වොත්?
හස්බන්ඩ් චරිත රුබේරු. ලොකු පුතා ෂයොන්, පොඩ්ඩා යයෝන්. අප හතරදෙනා බ්‍රයිඩල් ෂූට් එකක් කළා. විවාහයට අවුරුදු දහයක් පිරුණදා.

ඉරේෂා රංගනයේ යෙදෙන්නේ වෘත්තියක් විදිහටද නැතිනම් විනෝදාංශයටද?
වෘත්තියක් විදිහට.

සිනමාවට තවමත් පය තැබුවේ නැත්තේ?
චිත්‍රපටවලට කතා කළා. චරිතය පිළිබඳ හෝ එයට අඳින ඇඳුම් පැළඳුම්වල ප්‍රශ්න නිසා චිත්‍රපට ප්‍රතික්ෂේප කරන්නට වුණා.
 
 
ප්‍රසාද් සමරතුංග




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,450 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,485 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,635 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,270 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,078 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,382 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,682 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top