Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
11
අණ නොතකා ධාවනය වූ වාහන දෙකකට නාවික හමුදාවෙන් වෙඩි - අයෙක් මරුට - රියදුරන් බීමතින් සිටි බවට හෙළි වේ - Video

- අණ නොතකා ධාවනය වූ වාහන දෙකකට නාවික හමුදාවෙන් වෙඩි - අයෙක් මරුට - රියදුරන් බීමතින් සිටි බවට හෙළි වේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

67,495 Views
වත්තල - හුණුපිටිය දුම්රිය හරස්මාර්ගය අසලදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට නාවික හමුදා සෙබළුන් සිදු කළ වෙඩි තැබීමකින් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව වුණා.

එම මාර්ග බාධකයේදීම අණ නොතකා ධාවනය කළ තවත් මෝටර් රථයකටද නාවික හමුදාව වෙඩි තබා ඇති අතර ඉන් කිසිවකුටවත් ජීවිත හානියක් සිදුව නැහැ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ මෙම මෝටර්රථ දෙකෙහිම රියදුරන් එම අවස්ථාවේදී අධික බීමතින් සිට ඇති බවයි.

වත්තල - හුණුපිටිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය පිහිටුවා තිබූ නාවික හමුදා මාර්ග බාධකයේදී මෙම වෙඩි තැබීම් සිදුව තිබෙනවා.

ඉන් පළමු සිදුවීම වී ඇත්තේ අද අළුයම 12.50 ට පමණ.

කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් හුණුපිටිය සිට වත්තල දෙසට ධාවනය වී ඇති අතර පරික්ෂා කිරීම සඳහා එය නවත්වන ලෙස නාවික හමුදා නිළධාරීන් දැනුම් දී තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ එහිදී අදාළ මෝටර් රථය පැදවූ තැනැත්තා වාහනය නවත්වන ලෙසට අණ ලබාදුන් නිලධාරියාද අනතුරට පත්කර පලා යෑමට උත්සහ කළ බවයි.

එම අවස්ථාවේදී රථය නැවැත්වීම සඳහා නාවික හමුදා නිලධාරීන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, මෝටර්රථය මීටර් 300 ක් පමණ දුරට ධාවනය වී නතර වී ඇත්තේ බහාලුම් රථයක ගැටීමෙන්. 

නාවික හමුදාව සඳහන් කළේ එහිදී වෙඩිවැදී බරපතල තුවාල ලබා සිටි රියදුරා වත්තල ප්‍රදේශයේ පෞද්ගලික රෝහළකට ඇතුළත් කළ බවයි.

අනතුරුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහළට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය සඳහන් කළා.

මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වුණේ වත්තල - මීගමුව පරණ පාර ප්‍රදේශයේ පදිංචි 34 හැවරදි චාමර අසංක රණසිංහ නම් පුද්ගලයෙක්.

දෙදරු පියෙක් වන ඔහුගේ දියණිය 03 වැනි වියේ පසු වන අතර පුතුගේ වයස මාස 3 ක්.

ජීවිකත්ෂයට පත් වූ පුද්ගලයා තේ කර්මාන්තශාලාවක වැඩ පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර වෙඩි තැබීම සිදූ වූ ස්ථානයේ සිට ඔහුගේ නිවසට ඇත්තේ කිලෝමීටරයක පමණ දුරක්. 

ඔහු මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ පෙර දින රාත්‍රියේ සාදයකට සහභාගිවී ආපසු නිවස වෙත එමින් සිටියදී.

මේ අතර අදාළ වෙඩි තැබීම සිදු වූ මාර්ග බාධකයේදීම අද අළුයම 1.50 ට පමණ තවත් මෝටර්රථයක් නාවික හමුදා අණ නොතකා පලා යාමට උත්සාහ කර ඇති අතර ඊටද නාවික හමුදා සෙබළුන් වෙඩි තබා තිබෙනවා.

සුඛෝපබෝගී මෝටර්රථයක් වන එය ධාවනය වී ඇත්තේ වත්තල සිට හුණුපිටිය දෙසටයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ එම වෙඩි තැබීමෙන් එහි ගමන් ගත් අය අතුරින් රියදුරාට පමණක් සුළු තුවාල සිදු වූ බවයි.

නාවික හමුදාව එම රථයේ රියදුරාව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සහ සුඛෝපබෝගී මෝටර්රථය වැඩිදුර විමර්ශන සඳහා කිරිබත්ගොඩ පොලිසියට භාර දී තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ සිදු කළ විමර්ශණයේදී අදාළ රියදුරා නීතිඥයෙකු ලෙස හඳුනා ගත් බවයි.

ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර 
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

"මෙම අවස්තා දෙකේදීම සිදුකළ මූලික විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා එම රියදුරු වරු දෙදෙනාම අධික ලෙස බීමත්ව තමයි මේ රිය පදවලා තියෙන්නේ කියලා. මෙහිදී අප විසින් මතක් කළ යුතු වැදගත්ම කාරනාව මෙවැනි හදිස්සි නීතියක් පනවා ඇති මොහොතක මහජනතාව තමන්ගෙ සමාජයේ වගකීම අමතක කරලා කටයුතු කරන අවස්ථා වලදී ඒක ඉතාම කණගාටුදායක සිදුවීමක්..."

නාවික හමුදා අණ නොතක සිය මෝටර්රථය පැද වූ නීතිඥයා කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ මහර මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  180 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,692 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,335 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,675 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,781 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,275 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,138 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,271 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,840 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,752 Downloads



Top 10 Commenters

Latest Comments

Top