Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
11
කොච්චිකඩේ සහ කටුවපිටියේ බෝම්බකරුවන් DNA වාර්තාවෙනුත් තහවුරු වෙයි - සහරාන්ගේ වාර්තාව කඩිනමින් අධිකරණයට

- කොච්චිකඩේ සහ කටුවපිටියේ බෝම්බකරුවන් DNA වාර්තාවෙනුත් තහවුරු වෙයි - සහරාන්ගේ වාර්තාව කඩිනමින් අධිකරණයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,635 Views
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දියණිය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීම් සිදුකරනවා.
 
ඉදිරි දින කිහිපය තුළදී අධිකරණ නියෝග අනුව, සහරාන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පල් ලබාගෙන ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යැවීමට නියමිතයි.
 
මෙම රුධිර සාම්පල ලැබීමෙන් අනතුරුව සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ පරීක්ෂණයේ වාර්තාව දින දෙකක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කොච්චිකඩේ - ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණ ඇත්තේ අලව්ඩීන් අහමඩ් මුවාත් නැමැත්තා බවටම ඩී.එන්.ඒ. පරීක්ෂණයේදී හෙළිව තිබෙනවා.
 
එමෙන්ම කටුවාපිටිය දේවස්ථානයට පැමිණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ අච්චි මොහොම්මදු මොහම්මදු හස්තුන් බවටත් ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තාවෙන් ද අනාවරණ වුණා.
 
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සදහා ඩ්.එන්.ඒ. වාර්තාවක් කැඳවන ලෙසටයි අධිකරණය පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ.
 
එමෙන්ම, පාස්කු ඉරිදා ස්ථාන 8 කට එල්ල කළ බෝම්බ ප්‍රහාරවල රස පරීක්ෂක වාර්තාව ඉදිරි සති කිහිපය තුලදී අධිකරණයට ඉදිරිපත් කරන බව රජයේ නියෝජ්‍ය රස පරීක්ෂක ඩී.එච්.අයි.ඩබ්ලිව්. ජයමාන්න ප්‍රකාශ කළා.
 
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම පිපිරීම් සිදුවූ ස්ථානවලින් ලබාගත් විවිධ සාම්පල් විද්‍යාගාර තුළ පරීක්ෂණයට ලක් කෙරෙන බවයි.
 
සකස් කරනු ලබන මෙම වාර්තාවේ බෝම්බය සකස් කිරීම සඳහා යොදාගත් පුපුරණ ද්‍රව්‍යවල සහ එහි ප්‍රමාණයන්, පිපිරීම් සිදුවූ ස්ථානවලට සිදුවූ හානිද අන්තර්ගත වනු ඇති.
 
එමෙන්ම ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය හඳුනා නොගත් පුද්ගලයන්ගේ ශරීර කොටස්වල ඩී.එන්.ඒ. වාර්තා ද තවමත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරමින් පවතිනවා.
 
මේ වනවිට සියලූම විදේශිකයින්ගේ ඩී.එන්.ඒ. වාර්තා නිකුත් කර අවසන් බවයි නියෝජ්‍ය රස පරීක්ෂකවරයා කියා සිටියේ.
 
ඒ, මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගේ රුධිර සාම්පල හා සංසන්ධනය කරමින්.
 
එසේම, කල්මුණේ - සයින්දමරුදු ප්‍රදේශයේ බෝම්බ පිපිරීම් සිදුවූ නිවස ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඒ අනුව එහි වාර්තාව ද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.
 
මේ අතර, පාස්කු ඉරිදා පිපිරීම් දෙකක් සිදුවූ දෙමටගොඩ - මහවිල උද්‍යානයේ පිහිටි නිවස පෙරේදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් පරීක්ෂාවට ලක් කළා.
 
එමෙන්ම, පිපිරීම් සදහා යොදා ගත් බෝම්බ නිපදවූ බව කියන පානදුරේ නිවස ද එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පසුගිය දා පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,487 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  233 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,946 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,070 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,308 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,796 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,679 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,035 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,106 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,615 Downloads



Top 10 Commenters

Latest Comments

Top