Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
"අම්මලා රෑ වෙනකන් ගෙදර ආවේ නෑ, පහුවෙනිදා මාමා කිව්වා ඒ දෙන්නා මැරිලා කියලා..." - පාස්කුදා ප්‍රහාරයෙන් මවුපියන් දෙදෙනා අහිමිව මෙලොව තනි වූ දරු පැටවුන් දෙදෙනෙකුගේ කඳුළු කතාවක් - Video

- "අම්මලා රෑ වෙනකන් ගෙදර ආවේ නෑ, පහුවෙනිදා මාමා කිව්වා ඒ දෙන්නා මැරිලා කියලා..." - පාස්කුදා ප්‍රහාරයෙන් මවුපියන් දෙදෙනා අහිමිව මෙලොව තනි වූ දරු පැටවුන් දෙදෙනෙකුගේ කඳුළු කතාවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40,502 Views
"මම නිදාගත්තා, ඒ නිසා මම දේවාලයට ගියේ නෑ..."
 
"මට ඕනෙ කොහොම හරි අක්කා ළඟට යන්න..."
 
පාස්කු ඉරිදා එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයත් සමග තම ආදරණීයන් අහිමි වු බොහෝ දෙනෙකුගේ සිත්සතන්හි ඒ වේදනාව තවමත් රැඳී තිබෙන්නේ අඳුරු මතකයක් ලෙසින්.
 
එම ත්‍රස්ත ප්‍රහාරයෙන් මව්පියන් දෙදෙනාම අහිමි වූ අහිමි වූ දරු දෙදෙනෙකු පිළිබඳවයි මේ පුවත.
 
වයස අවුරුදු 19 ක් වන ජීවනා තිරුකේෂ්වරන් නම් මෙම දියණිය තොරතුරු තාක්ෂණ අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා මේ වනවිට ජීවත්වන්නේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවරයි.

ජීවනා පවුලේ වැඩිමහල් දියණිය වන අතර ඇගේ සහෝදරයා වන තිරුකේෂ්වරන් සුෂාන් තවමත් 15 වැනි වියේ පසුවනවා.
 
ඔහු මඩකලපුව මෙතෝදිස්ත පාසලේ සිසුවෙක්.
 
පසුගිය පාස්කු ඉරු දින දේව මෙහෙය සදහා මෙම දරුවන්ගේ මව්පියන් මඩකලපුව සියෝන් දේවස්ථානය කරා පැමිණ තිබුනා.
 
දෛවයේ හාස්කමකට මෙන්, වෙනත් දිනවල තම මව්පියන් සමග ආගමික කටයුතු සදහා දේවස්ථානය වෙත යන සුෂාන් එදින නිවසේ නතර වී තිබුනේ ඔහුට නිදිමත බව පවසමින්.
 
දේවස්ථානයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් තම ආදරණීය මව මෙන්ම පියා ද සුෂාන්ට අහිමි වන්නේ ඔවුන්ගේ සිරුරු යළි දැක ගැනීමටද අවස්ථාව අහිමි කරමින්.
 
"මම නිදාගත්තා, ඒ නිසා මම දේවාලයට ගියේ නෑ. අම්මා තාත්තා විතරයි ගියේ. ඒගොල්ලො රෑවෙනකම්ම ගෙදරට ආවෙ නෑ. පහුවෙනිදා මාමා කිව්වා ඒ දෙන්නම මැරිලා කියලා. මම ගොඩාක් දුක් වුණා. මට දැන් ඉන්නෙ අක්කා විතරයි. එයා ඔස්ට්‍රේලියාවෙ ඉගෙන ගන්නවා. මට ඕනෙ කොහොම හරි අක්කා ළඟට යන්න..."
 
තම ආදරණීය මව්පියන් අහිමිව සුෂාන් මෙරට සිට සුසුම් හෙලද්දී ඔහුගේ සොයුරිය මේ වියෝව දරාගත්තේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවර සිටයි.
 
"මට හිතාගන්න බෑ. මොනාද වුනේ කියලා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මගේ මව්පියන් අහිමි වුණා. මගේ එකම මල්ලි ඉතුරු වෙලා ඉන්නවා. එයාගෙ වයස අවුරුදු 15 යි...."
 
එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් මේ දියණිය තනිකර තිබුණේ නැහැ.
 
ඔවුන් සියලුදෙනා එක්ව ඇයගේ මව්පියන් ඇතුළු මියගිය ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් දේව මෙහෙයක්ද පැවැත්වුවා.
 
මව්පියන් අහිමි වීමෙන් දැඩි කම්පනයට පත්ව සිටින ජීවනාගේ එකම බලාපොරොත්තුව මෙලොව ජීවත්ව සිටින තම එකම සමීපතමයා රැකබලා ගැනීමයි.
 
"මට හැම තිස්සෙම මල්ලිව මතක් වෙනවා. වද වෙනවා මං එයා ගැන මට ඕන එයාව ගෙන්න ගන්න මෙහෙට. මට පුළුවං එයාව හොඳට බලාගන්න..."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,558 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  241 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,956 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,071 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,310 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,686 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,037 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,108 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,618 Downloads



Top 10 Commenters

Latest Comments

Top