Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
අදත් ළමයි පාසල් ඒම අඩුවෙයි - මැති ඇමතිවරුන්ගේ දරුවන් තවමත් පාසල් නොඑන බවට දෙමාපියන්ගෙන් චෝදනා! - Video

- අදත් ළමයි පාසල් ඒම අඩුවෙයි - මැති ඇමතිවරුන්ගේ දරුවන් තවමත් පාසල් නොඑන බවට දෙමාපියන්ගෙන් චෝදනා! - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,977 Views
ඇමතිවරයෙක්ගේ දරුවෙක් පාසල් ආවොත් අපිත් එවන්නම්..!
 
ආරක්ෂාව තහවුරුයි කියලා කියනව නම් ඇයි එයාලගේ ළමයි නැත්තේ..?
 
පාසල්වල අධ්‍යයන කටයුතු අතපසුවූ සති දෙකක කාලය සදහා හිලව් සැසි නොපවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
 
මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දෙවන වාරය සදහා පාසල් ආරම්භ වී අදට දින පහක් ගතව ඇතත් තවමත් සිසුන් පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්ව නැහැ.
 
අද දිනයේත් කොළඹ දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන්ගේ පැමිණීම පැවතියේ දුර්වල තත්ත්වයකයි.
 
ඒ අනුව කොළඹ මහානාම විද්‍යාලයේ සිසුන් 8 ක්, ආනන්ද විද්‍යාලයේ සිසුන් 30 ක්, නාලන්ද විද්‍යාලයේ සිසුන් 20 ක්, තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 8 ක්, ඉසිපතන විද්‍යාලයේ සිසුන් 53 ක් සහ ආරක්ෂක සේවා විද්‍යාලයේ සිසුන් 38 ක් පැමිණ තිබුණා.

බාලිකා පාසල් අතරින් කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියන් 19 ක්, ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ 40 ක් සහ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ සිසුවියන් 43 ක් අද පැමිණ සිටියා.
 
එමෙන්ම කොළඹින් බැහැර නාගරික පාසල්වලද සිසුන් පැමිණීම පැවතියේ අඩු මට්ටමකයි.
 
ඒ අනුව මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ සිසුන් 18 ක්, විද්‍යාර්ථ විද්‍යාලයේ සිසුන් 18 ක්, ධර්මරාජ විද්‍යාලයේ සිසුන් 25 ක් පැමිණ සිටියද මහනුවර උසස් බාලිකා විද්‍යාලයට අද කිසිදු සිසුවියක් පැමිණ සිටියේ නැහැ.
 
මේ අතර පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය චෝදනා කරන්නේ දරුවන් පාසල් ගෙන්වාගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශයට නිසි වැඩපිළිවෙලක් නොතිබූ බවයි.
 
ලංකා ගුරු සංගමයද අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය පිළිබදව අදහස් පලකළා.
 
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ රටේ පැවති වාතාවරණය හේතුවෙන් පාසල් අධ්‍යයන කටයුතු අතපසුවූ දෙවන වාරයේ සති දෙකක කාලය සදහා හිලව් සැසි නොපවත්වන බවයි.
 
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ මේ වසරේ දෙවන වාරයට නියමිත ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගැයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදුකිරීමට පියවර ගන්නා ලෙසයි.
 
සියලු විෂය කරුණු ආවරණය වන පරිදි වාර සටහන් සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙසද පාසල් ප්‍රධානීන් වෙත දැනුම්දී තිබෙනවා.
 
මේ අතර විශ්ව විද්‍යාලවල ආරක්ෂක තත්ත්වය පිළිබදව උපකුලපතිවරයා සෑහීමකට පත්වන්නේ නම් ලබන 13 වනදායින් පසු සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කිරීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අදාල ආයතන වෙත බලය පවරා තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,560 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  242 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,957 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,072 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,310 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,686 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,037 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,108 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,618 Downloads



Top 10 Commenters

Latest Comments

Top