Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
"මම ඒ කතාව කිව්වොත් කවුරුත් තාත්තගේ මළ ගෙදරවත් යන එකක් නැහැ.." - ජයන්ත රත්නායක

- "මම ඒ කතාව කිව්වොත් කවුරුත් තාත්තගේ මළ ගෙදරවත් යන එකක් නැහැ.." - ජයන්ත රත්නායකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,523 Views
"අපේ අම්මා මේ හැමදේම දැනගෙන බොහොම ඉවසිල්ලෙන් දරාගෙන හිටියා.."

"තාත්තා අපිව කවදාවත් වඩාගෙන තියෙනවද කියලා මට නම් මතක නෑ..."

"තාත්තාට අපි හරි බයෙන් හිටියේ. ගෙදරදි හරිම සැර චරිතයක්. අම්මටත් සැරයි..."


අපි හැමෝම එනකොට අරන් එන්නේ අත පය හතර විතරයි. ඒත් අපි ජීවත්වෙන කාලෙදි හුඟක් දේවල් හම්බ කරනවා. මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල්, දරු මල්ලො මේ හැම දෙයක්ම. මේ භෞතික සම්පත් ජීවත් වෙන්න ඕන තමයි. ඒත් මේ සියල්ල සමඟින් හොඳ හිතත්, මිනිස්සුත් හම්බ කරන්න බොහෝ දෙනෙකුට අසීරුයි. මිල මුදල් හම්බ කරන්න පහසුයි. ඒත් මිනිස්සුන්ගේ හදවත් දිනාගෙන මිනිසුන් හම්බ කරන එක ඒ තරම් පහසු ක්‍රියාවක් නොවෙයි. මිල මුදල් නැති වුණත් මිනිස්සු හුඟක් හම්බ කරපු කෙනෙක් ගැන මේ කියන්න යන්නේ තවත් හුඟාක් සංවේදි කතා ගොඩකුත් එක්ක. ඔහු ජයන්ත රත්නායක.

ජයන්ත ගැන මෙහෙම ආරම්භයක් ලියන්න හිතුණේ ඔහු කොච්චර මිනිස්සු හම්බ කරල තියෙනවද කියලා පහුගිය දිනවල අපි දැකපු නිසා. ඒකට හේතුව වුණේ ඔහු වෙනුවෙන් පසුගිය දිනවල පවත්වපු සංගීත ප්‍රසංගය. ජයන්තගේ අසනීප තත්ත්වය වෙනුවෙන් පවත්වපු මේ සංගීත ප්‍රසංගයට පැමිණ සිටි පිරිස දැක්කම මිල මුදලින් කරන්න බැරි හුඟාක් දේවල් මිනිසත්කමින් හොඳ හිතින් කරන්න පුළුවන් කියලා ඕන කෙනෙකුට හිතෙයි.

‘ටික කලක ඉඳන් මගේ අසනීප තත්ත්වය තිබුණත් මම පුරුදු විදියට කරගෙන ගිය වැඩ ටික කළා. සංගීත සංදර්ශන, ප්‍රිය සම්භාෂණ ආදිය. මම මංගල සහ ප්‍රියසම්භාෂණ සංගීතවත් කරත්දි මගේ යුග ගායනයට එක් වෙන්නේ නිරංජලා මංජරීයි. මහේන්ද්‍ර පැස්කුවල්, නිරංජලා හා ජයනාත් දහනායක දැනට මාස කීපයකට උඩදී මගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර ගනිමින් සිටියදී ඒ සඳහා යන වියදම ගැනත් හිතලා පොඩි ප්‍රසංගයක් කරමු කියලා යෝජනා කළා. නිරංජලා තමයි ඒක සංවිධානය කළේ. ඊට පස්සේ ඕකට අපේ මල්ලි ලෙලුම් මැදිහත් වෙලා ලොකු ප්‍රසංගයක් දක්වා වර්ධනය වුණා.

මම ප්‍රතිකාර ගත්තට මගේ වැඩ එකක්වත් නැවැත්තුවේ නෑ. එහෙම දුබලතාවයකින් නොවෙයි මම ඉන්නේ. නමුත් ඉතින් මම ලොකු සල්ලිකාරයකුත් නොවන නිසා ඔවුන්ගේ ඉල්ලීමට මමත් එකඟ වුණා. මේ ප්‍රසංගය ඉතාම සාර්ථක වුණා. ප්‍රසංගයේ කිසිම දෙයක් කිසිම කෙනෙක් සල්ලිවලට කළේ නෑ. ක්ෂේත්‍රයේ ඉන්න අති විශාල පිරිසක් මම වෙනුවෙන් කැප වුණා. මේ හැම දෙනෙක්ම මම වෙනුවෙන් මට තියෙන ආදරේට ආවේ. ඇත්තටම මම හිතුවේ නෑ මට එහෙම පිළිගැනීමක් තියෙයි කියලා. මම එහෙම මගේ ප්‍රතිරූපය හදාගන්න දඟලන කෙනෙකුත් නොවෙයි. හම්බ වෙන වැඩේ හරියට කරගෙන ඉන්න කෙනෙක්. මට පුළුවන් විදියට හැමෝටම අත දීලා තියෙනවා. කවුරුත් කපාගෙන යන්න මට ඕන වුණෙත් නෑ. දැන් මට තේරෙනවා මම හම්බ කළේ මුදල් නෙමේ මිනිස්සුය කියලා. එදා ලැබුණු ඔවුන්ගේ ආදරය තව හුඟක් කල් මට ජීවත් වෙන්න ශක්තියක් වුණා. ඒ හැම දෙනාටම මගේ ආදරයත් එලෙසමයි.

‘ප්‍රසංගය හින්ද මම ජීවිතේ ලොකු සතුටක් ලැබුවා. මට ලොකු ශක්තියක් ලැබුණා. ඒ හැමෝගෙම ආදරය මෙච්චර අඩු වයසකදී ලැබීම මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මගේ ආත්ම ශක්තිය තව තව වැඩි වුණා. මට දැන් ඕන දේකට මූණ දෙන්න ශක්තිය තිබෙනවා. මම කොච්චර මිනිස්සු හම්බ කරලා තියෙනවාද කියලා හිතුණා. මගේ පිටරට ඉන්න යාළුවෝ මේ වෙලාවේ කතා කරනවා ප්‍රතිකාර ගන්න එහෙට එන්න කියලා. මෙහෙ ඉන්න යාළුවෝ මට යන්න ටිකට් අරන් දෙන්න පවා ලෑස්තියි. ඒත් දැන් මම හරි ප්‍රතිකාර ක්‍රමයට මෙහෙ යොමු වෙලා ඉන්නවා. ඒ ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඒ ඉල්ලීම් ස්තූති පූර්වකව මම ප්‍රතික්ෂේප කළා. තවමත් මම ගීත පටිගත කිරීම්වලට යනවා. ටී. වී. ප්‍රෝගෑම්වලට යනවා.. මගේ ගායන හැකියාවට වෙනම ලැබෙන සංදර්ශනත් තිබෙනවා. ඉතින් මේ එකක්වත් මට පැහැර හරින්න බෑ. මම මාස දෙකකට දින තුනක් අපේක්ෂා රෝහලේ කිමෝ තෙරපි ප්‍රතිකාරය ලබාගන්න ඕනෑ ලබන සැප්තැම්බර් මාසය වෙනකම්. ඉන් පස්සේ තමයි මට රටින් පිට යනවා නම් යන්න වෙන්නේ.’

‘මම ආපස්සට හිතත්දි මට හිතන්න දේවල් ගොඩක් තියෙනවා. මම හිටියේ තාත්තගේ වැඩ ඔක්කොම කරගෙන. කොටින්ම කිව්වොත් මම තාත්තාගේ සංගීත අධ්‍යක්ෂවරයා. මම දන්න දවසේ ඉඳන්ම ඒ කියන්නේ මට අවුරුදු 10 දි විතර ඉඳන් තාත්තා සර්පිනා එක ගහන කොට මම ස්වර ප්‍රස්ථාර ලියනවා. ඒක මම හිතනවා ජානවලින්ම මට ලැබුණු දෙයක්. ඉතින් එහෙම පුතෙක් හැම තාත්තටම නෑනේ. ඒ හින්ද තාත්තත් ඒ අගය දැනගන්න ඕන. නමුත් දැන් අද හිතනකොට මම මගේ පුතා ඇමරිකාවට යවල අද උපාධිධරයෙක්. මගේ තාත්තටත් තිබුණා මාව ඉන්දියාවට හරි යවල සංගීතය පැත්තෙන් ඉහළට යවන්න. එහෙම යැව්වෙ නැති හේතුව දැන් මට තේරෙනවා. පොඩි කාලේ ඉඳලා තාත්තා මට පෙන්නලා තිබුණේ පුතාලා කවුරුත් තාත්තලා අබිබවා ගිහින් නෑ කියලයි. ඒක අපේ ඔළුවට දාලයි තිබුණේ. නමුත් මගේ මල්ලි බොහොම රැඩිකල් කෙනෙක් නිසා එයා ඒක බිඳ ගෙන ගියා. මම බොහොම තැන්පත් කෙනෙක් නිසා තාත්තගේ වැඩ කරගෙන එයා කියන විදියට හිටියා කාගෙවත් හිත නොරිද්දා. ඒ වුණාට දැන් මම දන්නවා ඒකෙන් ගොඩාක් අය මගෙන් ප්‍රයෝජන ගත්තා කියලා.

‘මම විවාහ වුණේ ව්‍යාපාරික පවුලක දියණියක් සමඟ. ඒ පැත්තෙන් මට ලැබුණ හැමදේම එක්ක තමයි මම මේ තත්ත්වයට ආවේ. පුතාලව රට යවල උගන්වන මානසිකත්වය පවා ගෙනාවේ ඒ පැත්තෙන්. ඒ සඳහා මූල්‍යමය සහන පවා ලැබුණේ එහෙන්. කොටින්ම කිව්වොත් අපිට ඉන්න ගෙයක් පවා ලැබුණේ එතනින්. ඒක ඇත්තෙන්ම මගේ මානසිකත්වය හොඳ තත්ත්වයට ගෙනාවා. මොකද නැතිනම් මට එහෙම ලොකු හීන තිබුණ කෙනෙක් නොවෙයි.

දැන් මට මගේ පවුලෙන් කියලා ඉතිරි වෙලා ඉන්නේ නංගියි මල්ලියි විතරයි. ඒ දෙන්නා නිරන්තරයෙන්ම මගේ දුක සැප බලනවා. අපේ තාත්තා නිසා තාත්තගේ පැත්තේ අනිත් නෑදෑයොත් මට නැති වුණා. ඒ අයත් සාමාන්‍ය රසිකයෝ වගේ තාත්තගේ ජීවිතේ වෙච්ච වෙනස්කමත් සමඟ තාත්තගේ පැත්ත ගන්නේ. මගේ පැත්ත අරන් වැඩක් නෑ. මම කවුද? ඒගොල්ලන්ට හොඳ තාත්තයි. මම ඒකට මුකුත් කියන්නේ නෑ. ඒක ඒගොල්ලන්ගේ තීරණයනේ.’

කොහොම වුණත් තාත්තාගේ ජීවිතේ සිදු වූ වෙනස්කමත් එක්ක මම ලොකු කම්පනයකට පත් වුණා. නමුත් දැන් තේරෙනවා තාත්තා අපිට පෙන්වලා තියෙන මුහුණ නෙමෙයි සමාජයේ සමහර තැන්වලට පේන්වලා තියෙන්නේ කියලා. අපේ අම්මා මේ හැමදේම දැනගෙන බොහොම ඉවසිල්ලෙන් දරාගෙන තාත්තා ඉහළට ගේන්න කටයුතු කරලා තියෙනවා. තාත්තා වෙනුවෙන් අපේ අම්මා මාර කැප කිරීමක් කරපු ගැහැනියක්. ලංකාවට මහ රැජින ආපු වෙලාවේ පණීභාරත මහත්මයාගේ නර්තන කණ්ඩායමේ නායිකාව වෙලා ඉඳලා තියෙන්නේ අපේ අම්මා. ඒ සේරම අම්ම තාත්තා වෙනුවෙන් අතහැරලා තාත්තට ඉහළට යන්න මාර්ගය හදලා තියෙනවා. මට තේරෙන දෙයක් තමයි මගේ යම්කිසි වැදගත්කමක් තියෙනවා නම් ඒක මට ආවේ අම්මගෙන්. තාත්තා අපට හොඳ දේවල් පුරුදු කරන්නවත්, අපිව හදන්නවත් ගෙදර හිටපු කෙනෙක් නොවෙයි.

තාත්තාට අපි හරි බයෙන් හිටියේ. ගෙදරදි හරිම සැර චරිතයක්. අම්මටත් සැරයි. අපටත් සැරයි. අපිව කවදාවත් වඩාගෙන තියෙනවද කියලා මට නම් මතක නෑ. ඒ කොහොම වුණත් අවුරුදු 75 ට පස්සේ තාත්තා පොඩි කෙල්ලෙක්ව බැඳ ගත්තා කියන එක අපට හොඳට දැනුණා. ඒ වේදනාව දැඩි ලෙස මට බලපෑවා. මෙවැනි රෝග තත්ත්ව මතු වෙන්නත් ඒ මානසික කම්පන බලපාන්න ඇති. දැන් මට තේරෙනවා මම ගායකයෙකු නොවුණේ ඇයි කියලත්. ඒකත් තාත්තගේ බලපෑමෙන් වෙච්ච දෙයක්. වෙන තාත්තලා ඒගොල්ල මැරෙන්න කලින් පුතාලව ගායකයෙකු කරලයි මැරෙන්නේ. තාත්තලා පුතාලව ගේන්න හදන තැනට ඇයි මගේ තාත්තා මට කළේ නැත්තේ කියලා. තාත්තා ගැන විශේෂ කතාවක් තියෙනවා. හැබැයි ඒක මම කොහේවත් කියන්නේ නෑ කවදාවත්ම. ඒක කිව්වොත් තාත්තගේ මළගෙදරටවත් කවුරුත් යන්නේ නැති වේවි.

‘පිය සෙනෙහස මෙච්චරම කුරිරු වුණේ කොහොමද කියලා අද මටම හිතා ගන්න බෑ. තාත්තා කෙනෙක් විදියට මගේ පුතාට හෙම්බිරිස්සාවක් හැදුණත් කලබල වෙනවා. ඒත් අපේ තාත්තා මගේ අසනීප තත්ත්වය රටක්ම දැනගෙන හිටියත් එක කෝල් එකක් දෙන්න තරම්වත් කාරුණික නොවුණේ ඇයි කියලා මම දන්නේ නෑ. ඒ කොහොම වුණත් මම බෞද්ධයෙක් විදියට පෙර ආත්මවල අපි කරපු පව් පින් ගැන හොඳට විශ්වාස කරනවා. නමුත් දැන් මම ඒ තාත්තගේ පුතා වෙලා ඉන්නවා. පෙර ආත්මයක අපි ලොකු පවක් කරලා ඇති. මගේ මේ අසනීප තත්ත්වය වුණත් මම හිතන්නේ එහෙමයි. පෙර කළ අකුසල කර්ම වෙන්න ඇති. මම බෞද්ධයෙක් නිසා නිතර බෝධි පූජා පවත්වනවා. මගේ හිතවත් හිමි නමක් කියූ පිරිත් බුදු ගුණ මම විවේකයෙන් ඉන්න කොට නිතර සිහිපත් කරනවා. පෙර ආත්මවල කරපු පව් මිසක් මම මේ ආත්මයේ නම් පව් කරපු කෙනෙක් නොවෙයි. දැනුවත්ව වරදක් කරන්නෙත් නෑ. මම මත්පැන් දුම්පානය කරන්නේ නෑ. දුරාචාරය කිසිම දෙයක් නෑ. හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. ඒක හැමෝම දන්නවා. මම හෙට මැරුණත් බය නැති කෙනෙක්. අපි ඉපදුණොත් මැරෙන බව දන්නවා. මට ඊළඟ ආත්මයක් තියෙන නිසා ඒක හොඳ වෙන්න ඕන නිසා මම වැරැදි කරන්න බයයි.

හේමාලි විජේරත්න
සරසවිය




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,446 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,469 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,602 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,270 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,075 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,380 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,681 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top