මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ලොකුකැටගොඩගේ ජනිත් ආකාශ් පෙරේරා හෙවත් ජනියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ කඩුවෙල - විජයන්ති සිනමා ශාලාව ඉදිරිපිට දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදියි.
හෝකන්දර ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 556ක් සොයාගෙන ඇති අතර, ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.