Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
තනතුරු නාමයක් නැතිව සම්ප්‍රදාය කඩකරමින් හැරී සහ මේගන් සිය රාජකීය බිලිඳාට නම් තැබීම ගැන ලෝකයේම අවධානය - Photos

- තනතුරු නාමයක් නැතිව සම්ප්‍රදාය කඩකරමින් හැරී සහ මේගන් සිය රාජකීය බිලිඳාට නම් තැබීම ගැන ලෝකයේම අවධානය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,304 Views
සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය සිය බිලිඳු පුතුට ආර්චී හැරිසන් මවුන්ට්බැට්න්-වින්ඩ්සර් (Archie Harrison Mountbatten-Windsor) යනුවෙන් නම් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

ආර්චී යනු අලුත උපන් බිලිඳාගේ නම සම්බන්ධයෙන් ඔට්ටු තැබූ පුද්ගලයින් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ නමක් බවත් සදහන්.  බිලිඳාට යෝජනා කෙරුණු නම් අතර බෙහෙවින් ජනප්‍රිය වී පැවතියේ, ඇලෙක්සැන්ඩර්, ආතර් සහ ඇල්බර්ට් යන නම්ය.

"මේ වගේ නමක් ගැන කිසිම කෙනෙකුගේ අවධානයක් යොමු කරලා තිබුණේ නැහැ," මැජෙස්ටි රාජකීය සඟරාවේ කළමනාකරණ සංස්කාරක ජෝ ලිට්ල් පවසා තිබෙනවා.

ආර්චී යන නම බ්‍රිතාන්‍ය රාජකීය පවුලට සම්බන්ධ නමක් නොවන අතර, හැරිසන් යන නාමය ද රාජකීය පවුලට අලුතින් එක් වන නමක් බවත් පැවසෙනවා.

ආර්චී යන්නෙහි අර්ථය "නියම" හෝ "නිර්භීත" යන්නයි. එය බ්‍රිතාන්‍යය තුළ ජනප්‍රිය නමක් වන අතර  එය ආර්චිබෝල්ට් (Archibald) යන වචනයේ කෙටි යෙදුමක් බවත් සදහන්.

2017 වසරේදී එම නම එංගලන්තයේ සහ වේල්සයේ වඩාත් ජනප්‍රිය නම් අතර 18 වන ස්ථානය හිමි කර ගත් බවත් ප්‍රකාශ වෙනවා. එම වසරේදී උපත ලැබූ බිලිඳුන් 2803 දෙනෙකු සඳහා එම නම යොදා තිබෙන අතර  ඊට අමතරව 2003 වසරේ සිට එම නම ජනප්‍රිය ම නම් 50 අතර පසු වූ බවත් සදහන් වෙනවා.

ඇමෙරිකාවේ ආර්චී යන නමට වඩා හැරිසන් යන නම මඳක් ජනප්‍රියයි. කෙසේ වෙතත් හැරිසන් යන නම එක්සත් රාජධානියේ අතිශයින් ජනප්‍රිය එකක් වන අතර 2017 වසරේදී එය 34 වන ස්ථානය හිමි කර ගත්ත.

එහි මූලික අර්ථය ලෙස සඳහන් වී ඇත්තේ, 'හැරීගේ පුත්‍රයා' (son of Harry) යන්නයි.

"ඔවුන්ට වුවමනා වෙලා තිබුණා පොඩි වෙනසක් කරන්න. ඔවුන් ඒක කරලා තියෙනවා," රාජකීය සඟරාවේ සංස්කාරක ජෝ ලිට්ල් එලෙසින් ප්‍රකාශ කර සිටිනවා.

සම්ප්‍රදාය අනුව බිලිඳාගේ මුත්තණුවන්ගේ නමක් (ෆිලිප් හෝ චාර්ල්ස්) මැද නම ලෙස භාවිත නොකර තිබීම පිළිබඳව ද ඇතැම් අදහස් පළ වී තිබෙනවා.

"ඒක දෙමාපියන්ගේ කැමැත්ත," ජෝ ලිට්ල් එලෙසින් ඊට උත්තර සපයනවා.

සිය අලුත උපන් බිලිඳාට රාජකීය තනතුරු නාමයක් භාවිත නොකිරීමට ද හැරී සහ මේගන් තීරණය කර තිබෙනවා.

ආදිපාදවරයෙකුගේ පළමු පුත්‍රයා වන හෙයින් සාම්ප්‍රදායිකව ආර්චී බිලිඳා ඩම්බාර්ට්න්හි අර්ල්වරයා ලෙස හැඳින්විය යුතුයි. එහෙත්, හැරී සහ මේගන්ගේ තීරණය අනුව ඔහු ආර්චී දරුවා (Master Archie) ලෙස හැඳින්වෙනු ඇති.

රාජකීය ප්‍රකාශක රිචර්ඩ් ෆිට්ස්විලියම්ස් පැවසුවේ, හැරී සහ මේගන් සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් රාජකීය නම් තෝරා නොගැනීම "පුදුමසහගත" බවයි. ඒ මගින් "රජ පවුලේ නව්‍යත්වයක්" සිදු වනු ඇතැයි ද ඔහු සදහන් කරනවා.

"එය අනන්‍ය ආකාරයකට ක්‍රියා කරන අනන්‍ය යුවළකගේ අනන්‍ය තෝරා ගැනීමක්,අපි කතා කරන්නේ සසෙක්ස් සන්නාමය ගැන. එයා ජාත්‍යන්තර සන්නාමයක්." ඔහු අවසන් වශයෙන් පවසනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,571 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  242 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,957 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,072 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,310 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,696 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,038 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,108 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,618 Downloads



Top 10 Commenters

Latest Comments

Top