Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
09
"මම ගියාට පස්සේ මධූෂ් අයියා ඩුබායිවලින් තට්ටු දෙකේ ගෙයක් සල්ලිවලට ගත්තා...." - මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී පොලීසියට මාට්ටූ වූ තරංග, කළ පව් සියල්ල වමාරයි

- "මම ගියාට පස්සේ මධූෂ් අයියා ඩුබායිවලින් තට්ටු දෙකේ ගෙයක් සල්ලිවලට ගත්තා...." - මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී පොලීසියට මාට්ටූ වූ තරංග, කළ පව් සියල්ල වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

56,450 Views
පාටියට අමල් පෙරේරලා, රයන්ලා කට්ටියම ආවා...
 
ඩුබායිවලට යද්දි රත්තරන් පවුම් දහයක් අරගෙන ගියා...
 
"රංගජීව මහත්තයට වෙඩි තියලා දවස් දෙක තුනක් යද්දි පොලීසිය ඒකට සම්බන්ධ කට්ටිය හොයන්න ගත්තා... මම මධූෂ් අයියට කෝල් කරලා කිව්වා මට මෙහේ ඉන්න බෑ මොනව හරි කරන්න කියලා. මධූෂ් ඇහුවා මට පාස්පෝට් තියනවද කියලා... මම 'ඔව්' කිව්වා.. ඊටපස්ස මධූෂ් මට වීසයි, ටිකටුයි එව්වා... මම දෙදාස් දාහතේ මැයි මාසේ දහනව වෙනිදා ඩුබායිවලට ගියා..."
 
"මම එහේට යද්දි මධූෂ් හිටියේ තනි තට්ටුවේ ගෙදරක. මටත් ඒ ගෙදර නවාතැන් ලැබුණා. මධූෂ්ට ගරාජ් එකක් තිබුණා.. මම ඒකේ වැඩකරගෙන හිටියා..."
 
"පස්සේ මධූෂ් තට්ටු දෙකේ ගෙයක් සල්ලිවලට ගත්තා. ඒ ගෙදර උඩ තට්ටුවේ මධූෂ් එයාගේ පවුලයි ළමයයි එක්ක හිටියා. මම හිටියේ පල්ලෙහා තට්ටුවේ. මධූෂ්ගේ හිතවත් අය ආවම ඉන්න පහළ තට්ටුව ලෑස්ති කරලා තිබුණා..."

"ඒ ඉන්න අතරේ මම දෙපාරක් ඉන්දියාවට ගිහින් ආවා. මධූෂ් මාව යැව්වා. පළවෙනි පාර මාව යැව්වේ තිරුපති කෝවිලට. ඒ ගමන ගිහින් ආපහු ඩුබායිවලට යද්දි රත්තරන් පවුම් දහයක් අරගෙන ගියා. ඉන්දියාවෙන් පිටවෙද්දි පවුම් දහයක් ගෙනියන්න පුළුවන්....."
 
"දෙවැනි පාර ගියේ අසිතව බලන්න. එයා අසනීප වෙලා චෙන්නායි හොස්පිට්ල් එකේ අයි.සී.යූ එකේ නවත්තලා හිටියේ. අසිතව බලලා එන්න කියලා මධූෂ් මාව යැව්වා. ඒ වුණාට මට අසිතව බලන්න බැරිවුණා. ලෙඩ්ඩු බලන්න දෙන වෙලාව වෙනකම් හිටියොත් ෆ්ලයිට් එක මිස් වෙන නිසා මම අසිතගේ තනියට හිටපු කෙනා අතට රුපියල් පහළොස් දාහක් දීලා ඉන්දියාවෙන් රත්තරං පවුම් දහයකුත් අරගෙන ඩුබායි වලට ගියා...."
 
"එහෙම ඉන්දෙද්දි පෙබරවාරි මාසේ හතර වෙනිදාට මධූෂ්ගේ බබාගේ උපන්දිනේ තිබ්බේ. උපන්දිනේට ලොකු පාටියක් ලෑස්ති කරලා. ඒකට අමල් පෙරේරලා, රයන්ලා කට්ටියම ආවා. ඒ පාටිය වෙලාවේ ඩුබායි පොලීසියෙන් පැනලා කට්ටියම අල්ල ගත්තා...."
 
මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි පොලීසියට කොටුවී සිටින පසුව මෙරටට පිටුවහල් කළ මාකඳුර, රන්සෑගොඩ පදිංචිකරුවෙකු වූ 'රනුක්ගේ දීපාල් චමින්ද නොහොත් තරංග' යන අය මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කළ ප්‍රශ්න කිරීම්වලදී එලෙස පවසා සිටියා.
 
එවකට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක රංගජිව ඝාතනය කිරීමට මාකඳුරේ මධූෂ් සැලසුම් කරන්නේ ඔහු මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම පසුපස හඹා ගොස් දිගින් දිගටම මෙහෙයුම් කළ නිසයි.
 
දෙදහස් දාහත වර්ෂයේ මැයි මස නම වනදා සවස රංගජිව ඇතුළු කණ්ඩායමක් පිළියන්දලට යන්නේ මත්ද්‍රව්‍ය තොගයක් පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව රහසිගත වැටලීමකටයි. එම මත්ද්‍රව්‍ය තොගය ගැන රංගජිවට තොරතුරු ලැබී තිබුණේ පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙනුයි. ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිට මහාධිකරණ නඩු දෙක තුනක්ම පැවරී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වනවා. පසුව ඔහු රංගජීවට මත්ද්‍රව්‍ය පිළිබඳ ඔත්තු සපයන්නෙකු වුණා. ඔහු රංගජිවට හොඳ මූණ පෙන්නා ගෙන මධූෂ් ගේ වුවමනා වලට අනුව වැඩ කරන බව රංගජීවලා දැන සිටියේ නැහැ.
 
ඔවුන් ඔහුගේ කීමට අනුව මෙම මෙහෙයුමට යන්නේ ඒ විශ්වාසය නිසයි. ඔහු රංගජිවලාට අතනට එන්න, මෙතනට එන්න යැයි කියමින් වටේ යවා තිබුණා. එදින ඔවුන් ගමන් කළ මෝටර් රථය පදවාගෙන ගියේ රියදුරු නොව රංගජීවයි. ඔත්තුකරු කියන පරිදි ස්ථාන කිහිපයකටම ගිය අතර ඔහු අවසන් වරට එන්නට යැයි කී ස්ථානය බලා යන විට වෙලාව රාත්‍රී 8 පසුවී තිබුණා.
 
පිළියන්දල මාතර බත් කඩේ අසළ වාහන තදබදයේදී රංගජීව ගමන්ගත් මෝටර් රථයට වෙඩි වරුසාවක් පතිත වුණා. එල්ල වූ මුල්ම වෙඩි පහර මෝටර් රථයේ ඉදිරිපස අසුනේ සිටි අයටයි. ඒ... රංගජිව යැයි සිතායි. එහෙත්.. එතැන සිටියේ කොස්තාපල්වරයෙක්. ඔහු එම වෙඩි පහරවලින් ජිවිතක්ෂයට පත් වෙද්දි රංගජීවද බරපතල තුවාල ලැබුවා.
 
මාතර බත්කඩේ හිමිකරුගේ බාල දියණියද වැඩිමහල් දියණිය ද වෙඩි පහරවලින් තුවාල ලැබූ අතර පසුව බාල දියණිය මිය ගියා.
 
මෙම වෙඩි තැබීම පිළිබඳ විමර්ශන පොලිස්පතිවරයා විසින් බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පවරනු ලැබුවා. සිද්ධිය වූ පිළියන්දල ප්‍රදේශය අයත් වන්නේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයටයි. එහෙත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම විමර්ශන භාර දෙන්නේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකටයි. ඒ අනුව නුගේගොඩ කොට්ඨාසය බාර පොලිස් අධිකාරිවරයාගේ යටතේ විමර්ශන දියත් කෙරුණු අතර ඔහු පිළියන්දල පොලීසියේ කණ්ඩායමක් ද මිරිහාන ඒකකයෙන් අතුරුගිරිය පොලීසියට අනුයුක්තව සිටි කණ්ඩායම ද කැඳවා කණ්ඩායම්වලට බෙදා විමර්ශන කොටස් වශයෙන් පවරා දෙනු ලැබුවා.
 
රංගජිවට වෙඩි තැබීමට ගිය යතුරු පැදිය සිද්ධියට පසුදින සොයා ගැනීමට හැකි වුණා. එය මහරගම, දෙහිවල පාරේ අතැර ගොස් තිබුණා.
 
උප පොලිස් පරීක්ෂක රවින්ද්‍ර, සැරයන් මෙන්ඩිස් ඇතුළු කණ්ඩායම මෙම යතුරු පැදියේ අයිතිකරු සොයාගත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුයි. එහි හිමිකරු හෝකන්දර ප්‍රදේශයේ පදිංචි අයෙක් වුණා. යතුරුපැදිය ගැන විමසූ විට ඔහු පැවසුවේ එය බියගම පැත්තේ අයකුට විකිණූ බවයි.
 
එය මිලදී ගෙන තිබුණේ පැරණි යතුරුපැදි මිලට ගෙන ඒවා යළි විකුණන අයෙක්. බියගම එම ස්ථානයට ගොස් විමසද්දි හෙළි වූයේ ඊට දින කිහිපයකට පෙර පුද්ගලයින් දෙදෙනකු පැමිණ මුදල් දී එම යතුරු පැදිය රැගෙන ගිය බවයි.
 
එම වෙළඳසැලේ සිසිටීවි කැමරා සවිකර තිබුණා. ඒවා පරීක්ෂාවේදී ත්‍රීරෝද රථයකින් පැමිණෙන දෙදෙනෙකු එම යතුරුපැදිය මිලදීගෙන එන අයුරු සටහන්ව තිබුණා. මේ එම යතුරුපැදිය රැගෙන ගිය දෙදෙනා බවට එම වෙළඳසැලේ හිමිකරු හඳුනා ගත්තා. ඒ දෙදෙනාගෙන් එක් අයෙකු හඳුනා ගන්නට විමර්ශන කණ්ඩායම් සමත් වුණා.
 
ඔහු මීට පෙර මිරිහානෙන් අත්අඩංගුවට ගෙන දැන් ඇප මත සිටින මධූෂ්ගේ ළඟම ගෝලයෙකු වන ගුණපාල නොහොත් ගුණේ ය. ඒ අනුව රංගජිවලාට වෙඩි තැබීම මධූෂ්ගේ වැඩක් බව තහවුරු කරගැනීමට හැකිවුණා.
 
එතරම් දැන උගත් අයකු නොවුණත් ඒ වන විට මෙරට සිදු කෙරුණූ මධූෂ්ගේ අනවසර ව්‍යාපාර මුදල් ගණුදෙනු කටයුතු කරගෙන ගියේද ගුණේ විසිනුයි.
 
විමර්ශන අතුරතුරේ මාකඳුරේ පදිංචි අසිත ගැන ද තොරතුරක් ලැබුණු අතර රංගජිවලාට වෙඩි තැබුවේ ඔහු බවට තහවුරු වී තිබුණා. අසිත සොයා මෙහෙයුම් දියත් වෙද්දි ඔහුට ආධාර අනුබල දුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත්තද අසිත සිටින ස්ථානයක් ගැන තොරතුරු ලැබුණේ නැහැ.
 
ඔහුගේ ජංගම දුරකථන වාර්තාවලට අනුව ඔහු හලාවත සිටින බව තහවුරු වූ අතර පොලිස් කණ්ඩායමක් හලාවත ඔහුගේ ඥාති නිවසකට කඩා පැන්නා. ඔහු ඒ වන විට නිවසින් නික්ම ගොස් තිබුණා. එම නිවසේ අනිත් අය පැවසුවේ අසිත විදෙස් ගත වන නිසා ඔහුගේ මව, සහෝදරියන් ඇතුළු මාතර කට්ටිය පෙර දින රාත්‍රීයේ පැමිණ කෑම කා යන්නට ගිය බවයි.
 
පසුව අසිත හා රංගජිවලාට ඔත්තු සැපයූ අය ඉන්දියාවට පලා ගොස් ඇති බව තහවුරු වුණා. අසිතගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමේදී ඔහු මන්නාරමේ පුද්ගලයින් දෙදෙනෙකුට කතා කර තිබුණා. ඉන් එක් අයෙක් වූයේ බෝට්ටුවක් හිමි නිමල් ජූඩ් කුඤ්ඤේ යන අයයි.
 
විමර්ශන කණ්ඩායම ඔහු අල්ලාගෙන ප්‍රශ්න කළ අතර එහිදි ඔහු කියා සිටියේ යාපනයේ පදිංචි අයකු ලබාදුන් පණිවිඩයකට අනුව අසිත සහ අනෙක් පුද්ගලයා බෝට්ටුවෙන් ඉන්දියාවට රැගෙන ගිය බවත්, අතරමඟදී ඉන්දියාවෙන් බෝට්ටුවක් පැමිණ ඔවුන් දෙදෙනා රැගෙන ගිය බවත් ගාස්තු ලෙස තමන්ට එක්ලක්ෂ තිස්දහක් ලැබුණු බවත් ඔහු කියා සිටියා.
 
පොලීසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ මිනීමරුවන් රහසිගතව පිටුවහල් කිරීම යන චෝදනාව යටතේයි. එසේම මොවුන් ඉන්දියාවට පැන්නීම සඳහා යාපනේ අයට කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ මධූෂ් බවද පසුව හෙළි වුණා.
 
සිදු කළ දීර්ඝ විමර්ශනවලදී රංගජීවට වෙඩි තැබූ අසිත පැමිණී යතුරු පැදිය වූ පැට්ටා යන අය ගැනත් තොරතුරු ලැබුණත් ඒ වන තුරුම මෙම වෙඩි තැබීමේ සිද්ධියට මධූෂ්ගේ ළඟම ගෝලයෙකු මෙන්ම දකුණු පළාත් සභික ඩැනී හින්කැටියට වෙඩි තැබීමේ සිද්ධීයේ ප්‍රධාන සැකකරුවකු වන රනුක්ගේ දීපාල් චමින්ද නොහොත් තරංග සම්බන්ධ බව හෙළි වී තිබුණේ නැහැ.
 
එහෙත් පසුව හෙළි වූයේ රංගජීවට වෙඩි තැබීම සඳහා ටී - 56 ගිනි අවිය අසිතට ලබා දුන්නෙත්, වෙඩි තැබීමෙන් අනතුරුව අවිය ලබා ගෙන ඇත්තේ ද ඔහු විසින් බවයි.
 
ඩැනී හින්කැටියට වෙඩි තබා ඇතුළට යන තරංග ඇප මත එළියට පැමිණි පසු ගමේ සිටින්නට කැමති වුයේ නැහැ. පිළියන්දල පදිංචි බාප්පාගේ නිවසට එන ඔහු බාප්පාට අයත් බස්, ලොරි ආදිය පදවමින් කල් ගෙව්වා.
 
පිළියන්දල ඔහුට හොඳ මිතුරෙකු සිටියා. බ්ලොක්ගල් වැඩපළක් පවත්වාගෙන ගිය ඔහු නමින් 'සම්පත්'. කල්ගතවෙද්දි බාප්පාගේ නිවසින් පිටවන තරංග කල් ගෙවූයේ සම්පත් සමඟ කුලියට ගත් නිවෙසකයි.
 
මේ අතර තරංගට දුරකථන ඇමතුමක් දෙන මධූෂ් ඔහුට වැඩක් පවරනවා. ඒ... බෝකුන්දර අසවල් බෝක්කුව අසල පාර්සලයක් තිබෙන බවත්, එය රැගෙන ගොස් සඟවා තබාගන්නා ලෙසයි.
 
"මම ඒ පාර්සලේ අරගෙන ගිහින් සම්පත්ට හොරෙන් එයාගේ බ්ලොක්ගල් වැඩපළේ හැංඟුවා. ඔහොම ඉන්දෙද්දි එයාගේ බිස්නස් එක කඩා වැටුණා. අපි හිටිය බෝඩිමමයි. එයාගේ බ්ලොක්ගල් වැඩපළයි අයිතිකාරයින්ට බාර දීලා එයාගේ බඩු මගේ ලොරියේ පටවගෙන එයාගේ පවුල පදිංචි දෙහිඕවිට ගෙදරට අරන් ගියා. ඒ යද්දි හංඟලා තිබුණු මධූෂ්ගේ පාර්සලෙත් යාලුවට නොදැනෙන්න වාහනේට දාගත්තා..."
 
"දෙහිඕවිට ගෙදර බඩු බාද්දි කාටත් නොපෙනෙන්න ඒ පාර්සලේ අරගෙන මම එයාලගේ වත්ත පිටිපස්සට ගියා. වටපිට බලද්දි කුස්සියට එහායින් වළක් තිබුණා. පාර්සලේ වළට උඩින් දාලා වහලා මම යාලුවාගේ බඩු අදින්න උදව් කළා..."
 
"පස්සෙ අපි ආපහු පිළියන්දල ඇවිත් වෙන බෝඩිමක් හොයාගෙන නතර වුණා. එයත් වාහනවල වැඩ කරගෙන හිටියා. ඔහොම ඉන්දෙද්දි දෙදාස් දාහතේ පෙබරවාරි මාසේ නම වෙනිදා උදේ මධූෂ් කෝල් කරලා කිව්වා, 'අරක හැන්දෑවට ඕන ගෙනත් තියන්න..' කියලා..."
 
"ඒක ටී-56 වෙපන් එකක්. දෙහිඕවිට සම්පත් ගෙදර යන්න ඕන ඒක ගන්න. මොකද්ද කරන්නේ කියලා කල්පනා කරලා. මගේ යාලුවෙක් ඉන්නවා ගරාජ් එකක් කරන. එයාට කාර් එකකුත් තියනවා. මම එයාට කිව්වා මගේ ලොරිය හදාගන්න ස්පෙයාපාර්ට්ස් ටිකක් ගන්න යමු කියලා. මිනිහා කාර් එකෙන් ආවා. අපි හෝමාගම ගිහින් බැලුවා. ඕන කරන දේවල් තිබුණේ නැහැ..."
 
"මම කිව්වා, දැන් ඉතින් කොහොමත් එකයි, දරණියගල මගේ යාලුවෙක් ඉන්නවා, එහේ ගිහින් රා ටිකක් බීලා එමු කියලා. අපි ගියා. දෙහිඕවිට සම්පත්ගේ ගෙදරටත් ගියා. මම හෙමීට වත්ත පිටිපස්සට ගිහින් වළ දාලා තිබුණ අර පාර්සලේ ගත්තා. සම්පත්ගේ පවුල ඒක දැකලා ඇහුවා. මම කිව්වා, වල්ලපට්ට වගයක් කියලා යාලුවටත් හොරෙන් ඩිකියට දාගත්තා. යාලුවා මාව බෝඩිමට ඇරලුවා.මම පාර්සලෙත් අරන් බැහැලා ගියා..."
 
"මධූෂ් ආපහු කතා කරලා කිව්වා, යාලුවෙක් වේරහැරට ඇවිත් ඉන්නවා, ගිහින් එයාව එක්කගෙන එන්න කියලා. මම ගරාජ් එකේ යාලුවාගෙන් කාර් එක ඉල්ලගෙන වේරහැරට ගියාම බයික් එකකින් කොල්ලෙක් ඇවිත්, 'මධූෂ් අයියා එන්න කියපු කෙනාද' ඇහුවා. පස්සේ මම ඉස්සරහ කාර් එකේ යද්දි මිනිහා බයික් එකෙන් පස්සෙන් ආවා. අපි බෝඩිමට ගියා..."
 
"මධූෂ් කෝල් කරලා කිව්වා, අරක ඌට දීපන් කියලා. පස්සෙ මාත් එක්ක ආපු පැටි ටී - 56 වෙපන් එක අරගෙන අපේ බෝඩිමේම තියාගෙන සුද්ද කළා. මධූෂ් ආපහු කෝල් කරලා කිව්වා, බෝකුන්දර කෙනෙක් ඉන්නවා, එයාවත් එක්කගෙන එන්න කියලා. මම කාර් එකෙන් ගිහින් එයාවත් එක්කන් ආවා. ඒ අසිත. මධූෂ් කිව්වා ටී-56 ඌට දීපන් කියලා.."
 
"ඒ දෙන්නව වේරහැරට ගිහින් ඇරලවන්න කිව්වා. මම කාර් එකෙන් ගියා. ඒ දෙන්නා බයික් එකෙන් පිටිපස්සෙන් ආවා. මම ඒ දෙන්නව වේරහැරට දාලා බෝඩිමට ඇවිත් හිටියා..."
 
"සෑහෙන වෙලාවකට පස්සේ මධූෂ් කෝල් කරලා කිව්වා. 'අනේ බං අරුං දෙන්නා වේරහැර පාරවල් දන්නේ නැතුව අතරමං වෙලා, ඉක්මනට ගිහින් උන්ට මහරගමට යන්න පාර පෙන්නලා දීපන්' කියලා. මම කාර් එකෙන්ම ගියා. වරෙන් මගේ පස්සෙන් කියලා දෙන්නවම මහරගම පැත්තට එක්කගෙන ගියා..."
 
"බයික් එක පාර අයිනේ දාලා දෙන්නා මගේ කාර් එකට නැග්ගා. පැට්ටා ගාලු පාරෙන් බැහලා මාතර යනවා කියලා ගියා. අසිතත් බැහලා යන්න ගියා. මම ඇවිත් කාර් එක යාලුවට දීලා බෝඩිමට වෙලා හිටියා. රේඩියෝවලින්, ටිවී එකෙන් තමයි මම දැනගත්තේ රංගජීව මහත්තයාට වෙඩි තියපු බව... ඒක කරන්න ඇත්තේ මේ දෙන්නා කියලා පස්සෙ තමයි දැනගත්තේ..."
 
තරංග එලෙස පැවසුවද විමර්ශන කණ්ඩායමේ අදහස වන්නේ රංගජීවට වෙඩි තැබීමට ගිනි අවිය දුන්නෙත්, ඉන්පසු එය සැඟවුයෙත් මොහු බවටයි.
 
මේ වන විට තරංග කල්ගෙවන්නේ මිරිහාන පොලිසියේ කුඩුවේයි. ඒ....... ඒ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ලබාගත් අධිකරණ නියෝග මතයි.
 
ප්‍රශ්න කිරීම්වලදී මොහු මේ තොරතුරු හෙළි කරත් මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන හෝ කෝටි 700 මැණික් කොල්ලය ගැන හෝ පවසා නැහැ. මෙරටට එද්දි මොහුට කැස්බෑව අධිකරණය ජාත්‍යන්තර පොලිසියට නිකුත් කළ වරෙන්තුවක් ද තිබුණා.
 
මේ අනුව රංගජිවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ අසිත සහ ඔත්තු සපයන්නා හැර පැට්ටා, ගුණේ, සම්පත්, ගරාජ් හිමියා ඇතුලු සියල්ලන්ම නීතියේ රැහැනට කොටු වී අවසානයි. අනෙක් සැකකරුවන් මේ වන විට ඇප මත එළියට පැමිණ සිටින අතර නඩුව තවමත් විභාග වනවා.
 
- තක්ෂිලා ජයසේකර
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,554 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  240 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,954 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,071 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,310 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,685 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,037 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,108 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,616 Downloads



Top 10 Commenters

Latest Comments

Top