Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
09
බොලිවුඩයේ සුපිරි නළු නිළියන්ගේ සුපිරි ආදායම් මෙන්න - Photos

- බොලිවුඩයේ සුපිරි නළු නිළියන්ගේ සුපිරි ආදායම් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,242 Views
බොලිවුඩයේ සිනමා තරු බොහොමයක් මුදල් උපයා ගනුයේ රංගනයෙන් පමණක්ම නොවේ. සන්නාම තානාපතිවරු, ආයෝජකයන්, චිත්‍රපට නිෂ්පාදකයන්, ව්‍යාපාර හිමිකරුවන් ආදී වූ භූමිකාවන් ගණනාවක් පුරා ඔවුන්ගේ මුදල් ඉපැයීමේ මාර්ග තිබෙනවා. බොලිවුඩ් සුපිරි තරු එසේ ආදායම් ලබන අංශ පිළිබඳවයි මේ.

ෂාරුක් ඛාන්
ඉන්දීය සිනමා කර්මාන්තය තුළ ප්‍රචලිත Red chilies Entertainment හි සම සභාපතිත්වය දරනුයේ ඉන්දීය සිනමාවේ සුපිරි තරුව වූ ෂාරුක් ඛාන්ය. මේ සමාගම සතුව තවත් අනු සමාගම් කිහිපයක්ද පවතී.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන කොල්කටා නයිට් රයිඩර්ස් හි (kolkata Knight Riders) සම අයිතිය දරනුයේද ෂාරුක් ඛාන්ය. ඒ සාර්ථකව තිරගත වුණු චිත්‍රපට ගණනාවකදී එක්ව රඟ පෑ ජුහි චව්ලා හා අයිතිකාරීත්වය හවුලේ බෙදා ගනිමිනි. ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ වඩාත් සල්ලිකාර පොහොසතුන් වනුයේද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි. ඔවුන් රුපියල් මිලියන ගණනක වටිනාකමින් යුතු සන්නාම බොහෝ ප්‍රමාණයක් අත්වැල් බැඳගෙන සිටී. ෂාරුක් රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. කඳු ගැසීමට තරම් සල්ලි කන්දරාවකට ෂාරුක් හිමිකම් කියනුයේ ඔහු හා ගිවිසුම් අස්සන් කළ සන්නාම කිහිපයක් හේතුවෙනි.



ට්වින්කල් කන්නා
ට්වින්කල් ඉටිපන්දම් අලෙවි කරන්නියක් කිව්වොත් ඔබ පුදුම වේවි. නමුත් ඇය හා ඇගේ මව වුණු ඩිම්පල් කපාඩියා එක්ව ඇරඹූ ඉටිපන්දම්  ව්‍යාපාරයෙන් ඇය කෝටි ගණන් මුදල් උපයනවා. මේ ව්‍යාපාර ඉන්දියාවට පමණක් සීමා වුණු ව්‍යාපාරයක් නොවේ. එය ලෝකයේ රටවල් කිහිපයක් පුරා පැතිරුණු ව්‍යාපාරයකි. මුම්බායි පිහිටි “The White Window”  යන අභ්‍යන්තර හා ගෘහ අලංකරණ නිර්මාණ සමාගම  බිහිවූයේ ට්වින්කල් අතිනි. ඇය ඉන්දීය ජාතික පුවත්පතක තීරු ලිපි රචිකාවියකි. ලෝකය පුරා පිටපත් ලක්ෂයක් පමණ අලෙවි වූ 2015 වර්ෂයේ අගෝස්තුවේ පළවූ “Mrs Funnybones” කෘතියේ රචිකාවිය වන්නේද ට්වින්කල්ය. ඇගේ දෙවැනි කෘතිය වනුයේ “The Legend of Lakshmi Prasad””ය. ඇය සතු “Grazing Goat Pictures” ආයතනය හරහා ආසන්න වශයෙන් චිත්‍රපට හයකටවත් ඇය නිෂ්පාදන දායකත්වය සපයා ඇත. ඇය ඇගේ මුදලින් ඇරඹූ “Independent Film Producer” ආයතනය නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය වූයේ ඇගේ සැමියා රංගන දායකත්වය ලබා දුන් “Padman” සිනමා පටයයි.



ශිල්පා ෂෙට්ටි
රංගනයෙන් උපයන ආදායමට අමතරව සුරූපී ශිල්පාගේ ගිණුම් තර වනුයේ අෑ සතු ව්‍යාපාර ජාලය හේතුවෙනි. මේ සියල්ලටම මුදල් ආයෝජනය කෙරුණේ ඇගේ සැමියා වූ රාජ් කුන්දර් විසිනි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අයිතිකරුවන් වූ මේ දෙපළ පසුකාලීනව ඉන් ඉවත් වූයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ලන්සු තැබීමේ චෝදනාවට ඉන්දීය මහාධිකරණය විසින් රාජ් කුන්දර් වරදකරුවකු බවට පත් කිරීමෙන් පසුවය. මේ සිද්ධියත් සමඟම ශිල්පා ඉන් ඉවත් වී වෙනත් ව්‍යාපාරවලට සම්බන්ධ විය. ඇය ඇගේම චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් බිහි කිරීමට මුලපිරුවාය. 2014 වසරේදී ඇගේ ආයතනයෙන් නිෂ්පාදනය කළ Dishkiyanoo චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට තරම් සමත් වූයේ නම් නැත. ඉන්දියාවේ සුපතළ සම්බාහන සහ රූපලාවණ්‍යාගාර ජාලයක් වූ “Iosis” හි සම අයිතිකාරීත්වය දරනුයේද ශිල්පාය. ඇය 2015 වර්ෂයේ දී යෝගා ක්‍රම සහිත DVD තැටියක්ද එළි දැක්වීය. ඇගේ සියලු ව්‍යාපාර කළමනාකරණය කර ගනිමින්ම ඇය රූපවාහිනි මාධ්‍ය තුළද ක්‍රියාකාරී චරිතයක් බවටද පත්ව ඇත.



අජේ දේව්ගන්
බොහෝ නැණවත් අයුරින් ව්‍යාපාර කිහිපයකට පමණක් මුදල් ආයෝජනය කළ අයකු ලෙස අජේ දේව්ගන් සැලකේ. අජේ සතුව “Ajay Devgan films” නමින් නිෂ්පාදනායතනයක් පවතී. දෙදාහ වර්ෂාවසානේදී ඇරඹුණු මේ නිෂ්පාදන ආයතනය හරහා නිෂ්පාදනය කෙරුණු පළමු චිත්‍රපටය වුණේ එම වර්ෂයේදී තිරගත වුණු “Raju Chacha” චිත්‍රපටයයි. එහි අජේ සමඟ රංගනයේ යෙදෙනුයේ ඔහුගේම ජීවන සහකාරිය වූ කාජල්ය.



අර්ජුන් රාම්පාල්
රංගනයට අමතරව ව්‍යාපාර ලෝකයෙත් උපයා ගන්නා මුදල් කන්දරාව නිසාම අර්ජුන් රාම්පාල් ගතකරනුයේ බොහෝ සුව පහසු ජීවිතයකි. ඉන්දියාවේ දිල්ලිහි පිහිටි “LAP” භෝජනාගාරය සහිත සුව පහසු අවන්හල් හිමිකරු වෙන්නේ අර්ජුන්ය. මේ  අවන්හලේ අභ්‍යන්තර ගෘහ අලංකරණ කටයුතු සිදුකොට ඇත්තේ බොලිවුඩයේ සුපිරි තරුව වුණු ශාරුක් ඛාන්ගේ බිරිය වන ගෞරි ඛාන්ය. “Chasing Ganesha” නමින් උත්සව කටයුතු සංවිධානය කිරීමේ ආයතනයකුත් අර්ජුන්ගේ ව්‍යාපාර අතරට එක්වේ.



මල්ලිකා අරෝරා
නිළියක්, රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, රියැලිටි තරග විනිශ්චයකාරිනියක් නර්තන ශිල්පිනියක් වගේම මල්ලිකා අරෝරා සාර්ථක ව්‍යාපාරිකාවක්. බිපාෂා බාසු හා  සුසන් කාන් සමඟ සුසංයෝගව මල්ලිකා විලාසිතා සම්බන්ධ වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා. “Label Life” නමින් හැඳින්වෙන එම වෙබ් අඩවියේ රෙදිපිළි සම්බන්ධ තොරතුරු සංස්කාරකවරිය ලෙස මල්ලිකා කටයුතු කරනවා.



ප්‍රීති  සින්ටා
බොලිවුඩයේ සුරූපිනියක් වූ පී්‍රති අපරාධ මනෝ විද්‍යාව සම්බන්ධයෙන්ද උපාධිධාරිනියක්. ඇය තීරු ලිපි රචිකාවියක්. ඉන්දියන් ප්‍රිමියර් ලීග්  තරගාවලියේ “King of punjab” කණ්ඩායමේ සම අයිතිකාරිය වනුයේද ඇයය. බුද්ධිමත් සුරූපිනියකට හොඳ උදාහරණය ලෙසද ඇය හැඳින්වෙයි.



කරිෂ්මා කපූර්
කරිෂ්මා කපූර් දක්ෂ රංගන ශිලිපිනියකි. නොදන්නා නමුත් ඇය දක්ෂ ව්‍යාපාරිකාවකි. කරිෂ්මා කපූර් මේ වනවිට කුඩා දරුවන්ට සහ මවුවරුන්ට අවශ්‍ය නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාරයක හිමිකාරියක් ලෙස සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යයි.



රිතික් රෝෂන්
“කහෝනා පෙයාර් හේ” (Kaho naa pyaar Hai) සිනමා පටයෙන් 2000 වර්ෂයේදී රිතික් සිනමාවට පිවිසුණේ ඔහුගේ  පියා වූ රාකේෂ් රෝහාන් එක්ක.  එතැන් පටන් කෙටි කාලයකින් සුපිරි නර්තන රටාවන් එක්ක රිතික් හින්දි සිනමාව ආක්‍රමණය කළා. “HRK” නමින් රිතික් ඇරඹූ විලාසිතා සන්නාමය මේ වනවිට ලෝකයේ බොහෝ අලෙවි වන්නක්  බවට පත්වෙලා.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  177 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,691 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,327 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,667 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,778 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,275 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,138 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,265 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,840 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,752 Downloads



Top 10 Commenters

Latest Comments

Top