Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
09
"ලලිත් මාමා අම්මට කියලා, උඹව ලොරියට යට කරලා මරනවා කියලා..." - ලලිත් සමඟ අනියම් පෙමක පැටලුණු සිව්දරු මවක් වූ උදේනි අභිරහස් ලෙස අවසන් ගමන් යයි - Video

- "ලලිත් මාමා අම්මට කියලා, උඹව ලොරියට යට කරලා මරනවා කියලා..." - ලලිත් සමඟ අනියම් පෙමක පැටලුණු සිව්දරු මවක් වූ උදේනි අභිරහස් ලෙස අවසන් ගමන් යයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,116 Views
දවසක් මට කිව්වා 'මම මැරුණොත් මේ CD එකේ විස්තර තියනවා' කියලා..
 
අම්මා දිවිනහගෙන කියලා නම් කියන්න එපා, එයා එහෙම කෙනෙක් නෙවෙයි..
 
කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ මහරගම වර්ණ සංඥාවට මීටර් එකසිය අසුවක් පමණ කැස්බෑව දෙසට වන්නට මාර්ග සංවර්ධන අධිකාරියට අයත් අංක 1/4 බෝක්කුව පිහිටා තිබෙනවා. එම බෝක්කුව පසුකරගෙන කොළඹ දෙසට යද්දි වම් අත පැත්තේ හමුවන්නේ වගුරුබිමක්. එම වගුරු බිම අසළ පාර අයිනේ සැකකටයුතු සෙරප්පුවක් තිබෙන බවට පිළියන්දල පොලීසියට පසුගිය පළමුවැනිදා තොරතුරු ලැබුණා.
 
මෙම සැකකටයුතු සෙරප්පුව මුලින්ම දැක තිබුණේ ඒ අසළින් පාරේ ගමන් කළ කාන්තාවක්. ඇය ඉන් අනතුරුව මේ පිළිබඳව අවටින් හමුවූ තරුණයකුට පවසා තිබෙනවා. එම තරුණයා විසිනුයි සිද්ධිය පොලිසීයට දන්වා තිබුණේ.
 
තොරතුර ලද සැණින් පොලීසිය එම ස්ථානයට පිටත්ව ගිය අතර අනතුරුව වගුරු බිමේ මඩ අතර තිබී කාන්තාවකගේ මළසිරුරක් හමුව තිබෙනවා. මළසිරුර හොඳින් නිරීක්ෂණය කරද්දි දුටුවේ කහපාට දම්පාට සහ රතුපාට ඉරි සහිත ටීෂටයක් ඇය හැඳ සිටින බවයි.

මේ අතර එම ස්ථානයට එක් රොක් වූ පිරිස අතර සිටි එක් අයෙකු පවසා සිටියේ මේ පෙරදින සවස සිට අතුරුදහන් වූ තමාගේ අක්කා බවයි.
 
ඇය නමින් උදේනි ගීතාංජලී ජයසූරිය නම් වුණා. වයස අවුරුදු 40ක් වන ඇය කුඹක නැගෙනහිර, ගෝනපල ලිපිනයේ පදිංචිව සිටියා. ඇය සිවු දරු මවක් ද වුණා.
 
වැඩිමහල් දියණිය විවාහක අතර දෙවැනි දියණිය විවාහ වීමට සුදානමින් සිටියා. බාල දරුවන් දෙදෙනා වන පවුලේ තුන්වැනියා වූ පුතාත්, බාලම දියණියත් පාසල් අධ්‍යාපනය ලබනවා. මීට වසර කිහිපයට පෙර සැමියා මේ දරුපවුල අතහැර යන්නට ගොස් තිබුණා.
 
මැදපෙරදිග රැකියාවක නිරතව සිටි ඇය එයට සමුදී මෙරටට පැමිණ තිබුණේ මීට වසරකට පමණ ඉහතයි. ඇය අතුරුදහන් වන්නේ තිස්වැනිදා සවස ජංගම දුරකථනයක් අලුත්වැඩියා කිරීමට යන බව කියා මහපාරට පිවිසීමෙන් අනතුරුවයි. ඇය.... ඒ ගමන ගොස් තිබුණේ එදින සවස ඇයගේ දෙවැනි දියණිය විවාහ වීමට සිටින බුලත්සිංහල පදිංචි තරුණයාගේ නිවසට යාමට සැලසුම් කර ඒ ගමන ඉක්මනින් යාමට පැමිණෙන බව පවසා තිබියදී යි.
 
"එදා... උදේ දහහමාරට විතර මට නංගිගේ අම්මා (උදේනි) කෝල් එකක් දීලා කිව්වා පුතේ නංගීට ඕගොල්ලන්ගේ ගෙදර එන්න ආසයි කියනවා. අපිව ඔයාලගේ ගෙදර එක්කරගෙන යන්න හවසට එන්න පුළුවන්ද කියලා.. මම කිව්වා හරි මම එන්නම්.. ලෑස්ති වෙලා ඉන්න කියලා.."
 
"මම මගේ ත්‍රීවිල් එකෙන් ඇවිත් හවස නංගි (උදේනිගේ දෙවැනි දියණිය) වැඩ කරන කඩේ ළඟට ගිහින් අම්මට (උදේනිට) කෝල් එකක් දීලා කිව්වා මම කඩේ ළඟ ඉන්නේ, එයාට කෝල් එකක් දීලා අහන්න කීයටද වැඩ ඉවර වෙන්නෙ කියලා..."
 
"මොකද එයාලට වැඩ කරන වෙලාවට ගන්න පුළුවන් අම්මගේ කෝල් එකක් විතරයි. ඒ පාර අම්මා කිව්වා ඇතුළට ගිහින් එයාගෙන් අහන්න කියලා. මම කඩේට ගිහින් ඇහුවම එයා කිව්වා තව පොඩි වෙලාවකින් එනවා, ත්‍රීවිල් එකට වෙලා ඉන්න කියලා.."
 
"අම්මා මට කිව්වා පොඩි නංගිව චන්දන මාමාලගේ කඩේ තියලා ආවේ, රෙදි ටික බාස්කට් එක යට දාලා තියනවා, නංගිගේ සුදු ගවුම හෝදලා වැලේත ඒකත් අරගෙන චන්දන මාමාලාගේ කඩේ ඉන්න, මම එනවා කියලා.."
 
"මම නංගිවත් අරගෙන චන්දන මාමාලගේ කඩේට ගිහින් නංගිවත් අරගෙන එයාලගේ ගෙදර ගිහින් ඇඳුම් ටිකත් අරගෙන ආපහු චන්දන මාමාලාගේ කඩේට වෙලා අම්ම එනකම් හිටියා. අම්මා එන්න පරක්කු නිසා අපි කෝල් කළා. ඒ වුණාට ආන්සර් කළේ නැහැ. රෑ අටහමාරට විතර කෝල් එකක් ගනිද්දි රිංස් දෙකක් ගිහින් කෝල් එක කට් වුණා. පස්සෙ ෆෝන් එක දිගටම ඕෆ්. රෑ දහය වෙනකම් විතර බැලුවා. අම්මගේ යාලුවන්ගේ නැදෑයන්ගේ ගෙවල්වලින් ඇහුවා. කිසිම ආරංචියක් නෑ. පස්සෙ තමයි අපි ඩගී මාමා (උදේනිගේ මල්ලි) හමුවෙන්න ගිහින් මේ බව කිව්වේ... පස්සෙ තමයි අපි ලලිත්ට කෝල් කළේ..."
 
ලලිත් යනු උදේනිගේ අනියම් පුරුෂයායි. ඇයට ඔහු හමුවන්නේ ඇය පදිංචි ගම් ප්‍රදේශයේ ගිය වසරේ පැවති අවුරුදු උත්සවයකදී. ඔහු එම අවුරුදු උත්සවයේ බයිසිකල් තරඟයට සහභාගි වීමට පැමිණ සිටියා. උදේනිගේ දියණියත්, ඇතුළු පවුලේ අය පවසන පරිදි ඔහු... එදින සිට උදේනි පසුපස පැමිණ ප්‍රේම සබඳතාවයකට ආරාධනා කොට තිබෙනවා. එහෙත්... ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබුණේ තමා දරු සිවු දෙනෙකුග් මවක් බව ඔහුට පහදා දෙමිනුයි. එහෙත් අවසානයේ ඇය ඔහුගේ දැලට කොටු වුණා.
 
"අම්මාගේ මල්ලිගේ ගෙදර ගිහින් අපි මේ වෙලා තියෙන දේ කියලා මම ලලිත් අයියට කෝල් එකක් ගනිද්දි වෙලාව රෑ දහයත් පහුවෙලා. කෝල් එක ගත්තේ එයාගේ පවුල. මම කිව්වා, මගේ වාහනේ කැඩිලා, ලලිත් අයියට පොඩ්ඩක් කතා කරනවද කියලා. ලලිත් අයියා ෆෝන් එක ගත්තම මම කිව්වා, මගේ වාහනේ මඟ හිටලා, ඇදගන්න වාහනයක් හොයාගන්න පුළුවන්ද කියලා..."
 
"ටික වෙලාවකට පස්සෙ ලලිත් අයියා කෝල් එකක් දීලා කිව්වා, මල්ලි මම එළියේ ඉන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා... මම කිව්වා, අයියේ ඔයාව හම්බ වෙන්න යනවා කියලා අම්මා හවස ගෙදරින් ගිහින් තියනවා, තාම ආපහු ඇවිත් නෑ. ෆෝන් එකත් වැඩ නෑ. මොකද වුණේ කියලා.."
 
"ඒ පාර එයා කිව්වා, මල්ලි... එයා මාව හම්බෙන්න ආවේ නෑ. මට කෝල් කරලා පුත්තලමේ යන්න ඕනි කියලා සල්ලි ඉල්ලුවා. මම එයාගේ පොතට රුපියල් එක්දාස් පන්සීයක් දැම්මා කියලා..." උදේනිගේ දෙවැනි දියණිය විවාහ වීමට සිටින තරුණයා එලෙස පැවසුවා.
 
පසුදා පහන් වෙද්දි උදේනිගේ මල්ලි (ඩගී) ඇයගේ වැඩිමහල් දියණියන් දෙදෙනාම සමඟ මොරගහහේන පොලීසියට පැමිණිල්ලක් දමන්නේ ඉන් අනතුරුවයි.
 
"පොලීසිය අපේ පැමිණිල්ල බාර අරගෙන හරි ඉක්මනට අවශ්‍ය දේවල් කළා. ඒ වෙද්දි අම්මා මැරිලා කියලා අපි දැනගෙන හිටියේ නෑ. අතුරුදහන් කියලා විතරයි. ඒත් අපේ පැමිණිල්ලට හොඳට අවධානය යොමු කළා..."
 
"එයාලට අපි ලලිත් මාමාගේ ෆෝන් නම්බර් එක දුන්නා. පොලීසියෙන් කෝල් කරලා අම්මා ගැන ඇහුවම එයා කියලා තිබුණේ බුලත්සිංහල යන්න සල්ලි ටිකක් ඉල්ලුවම අම්මගේ පොතට එක්දාස් පන්සීයක් දැම්මා කියලා..."
 
"එතනම එයාගේ කතාවල පරස්පර බව පේනවනේ.. අපේ අම්මා කියපු සී.ඩී තැටියක් අපි අහලා බැලුවා. ඒක අම්මගෙයි ලලිත් මාමාගෙයි ටෙලිෆෝන් කතාවක් රෙකෝඩ් කරපු එකක්. ඒ කතාවේදී ලලිත් මාමා අම්මට කියලා, උඹව ලොරියට යට කරලා මරනවා කියලා..."
 
"අම්මගේ මිනිය කළුබෝවිල මෝචරියේ තියෙද්දි අපි එතැන හිටියේ. ඒ වෙලාවේ ඔය මිනිහා මෝචරිය ළඟට ආවා. ඒ වෙලාවේ මම ඌට බැන්නා. අම්මාගේ ෆෝන් එකක් එයා ළඟ තිබුණ එක දෙන්න ආවේ කිව්වා. උඹට කොහෙන්ද මේක ලැබුණේ කියලා මම ඒක උදුරගත්තා..."
 
උදේනි ගීතාංජලිගේ වැඩිමල් දියණිය ගීතිකා එලෙස පැවසුවා.
 
"ඔය මිනිහා එදා මේ ගෙදරටත් ආවා. ඒ එනකොට මිනිය ගෙනත් නෑ. ගෙදර හිටියේ මම මට ඌ දැක්කම තරහ ගියා. මම ඌට පාරවල් දෙකක් ගැහුවා. ඒ වෙලාවේ ඌ කිව්වා මම නෙවෙයි, මගේ නෝනා තමයි මේක කරන්න ඇත්තේ කියලා.." උදේනිගේ පියා කියා සිටියා.
 
මීට දින කිහිපයකට පෙර ඔහුගේ පවුල්වල කිහිප දෙනෙකු ඇය සොයා ඇය පදිංචි නිවසට පැමිණ තිබුණා. ඒ අවස්ථාවේදි ඇය නිවසේ සිට නැති අතර ඒ බව ඇය දැනගන්නේ කුලියට සිටින නිවසේ හිමිකරුගෙනුයි. ලලිත්ගේ බිරියද ඇයගේ නිවසට පැමිණ ඇයට තර්ජනය කර ගොස් තිබුණා.
 
"අම්මා බයකින් හිටියේ. දවසක් මට කිව්වා හදසියෙන්වත් මම මැරුණොත් මේකේ සේරම විස්තර තියනවා කියලා. සීඩී එකක් පෙන්නලා ඒක එයා ලොකර් එකේ දාලා වහලා තිබුණා. එයා කිව්වා මම මැරුණට පස්සේ 'ගුණ ගී වරුසා පැසසුම් ගෝසා රැව් දෙන්නේ මරණින් පස්සේ, කී දොස් නැවතී මෙතුවක් පැවතී හොඳ මතුවේ මරණින් පස්සේ' සිංදුව දාන්න කිව්වා..."
 
"ඒ මනුස්සයාගේ අක්කා කෙනෙක් පොලිසියේ ඉන්නවා. එයත් අම්මට කෝල් කරලා තර්ජනය කරලා තිබුණා. එයාගේ පවුලේ බන්ටි, චුට්ටි, කලවානේ කියන නමින් හඳුන්වන අය අම්මා මැරෙන්න දවස් දෙක තුනකට කලින් වැගන්ආර් එකකිනුයි, ස්කුටියකිනුයි අම්මව හොයාගෙන ඇවිත් තිබුණා. එදා අම්මා ගෙදර ඉඳලා නෑ.." ඒ වැඩිමහල් දියණියයි.
 
උදේනිගේ පවුලේ හා අසල්වාසීන් පවසන පරිදි පසුගිය මස තිස් වැනිදා ඇය නිවසින් පිටව යන්නේ සවස පහ හමාරට පමණයි. ඒ ඇයගේ බාල දියණිය චන්දන යන අයගේ වෙළඳසැලට ඇරලවීමෙන් අනතුරුවයි. අසල වූ හෝටලයකින් ඇය රයිස් එකක් සාදාවගෙන අනුභව කර තිබෙනවා. ඒ අතරතුරේදී ඒ අසළින් මෝටර් රථයක් දෙවරක් එහා මෙහා ගොස් ඇති අතර ඒ අවස්ථා දෙකේදීම රියේ සිටි අය ජනේල් පහත් කොට ඇය දෙස බැලූ බව සඳහන්.
 
ඊට ස්වල්ප වේලාවකට පසු ඇයට දුරකථන ඇමතුමක් ලැබී තිබුණා. ඇය හෝටලයෙන් පිටවන්නේ ඇමතුමට පිළිතුරු ලබා දෙමිනුයි. මහපාරට ගිය ඇය මෝටර් රථයක නැඟුණු බව කීවත්, එය තවම තහවුරු වී නැහැ.
 
ඇයගේ මළසිරුර පිළිබඳව පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදි ලබා දී ඇත්තේ විවෘත තීන්දුවක්.
 
"ඒ දොස්තර මහත්තයා හරිම හොඳයි. අපිට කිව්වා ඔලුවේ පුංචි තුවාල වගයක් තියෙනවා, ඒවා වතුරෙදි මාලු කොටපුවා වෙන්න ඇති. බෙල්ලේ පොඩි තැලුමක් තියනවා, ඒක මාරාන්තික නෑ කියලා. දොස්තර මහත්තයා පොලීසියට කිව්වා සැකයි කියන කෙනාගෙන් කට උත්තරයක් ගන්න කියලා. ඒත් පොලීසිය තවමත් ඒ මනුස්සයගෙන් කටඋත්තරයක් ගත්තේ නෑ..."
 
"අපේ අම්මා එළියට බැහැලා යද්දි අලුපාට බෑග් එකකට කලුපාට පර්ස් එකක් දාගෙන යනවා. මොබයිල් දෙකත් එයා ළඟ තියෙනවා. රත්තරං මාලයක් දාගෙන ඉන්නවා. ඒ බෑග් එක වත් කරේ තිබුණු මාලෙවත් නෑ. පොලිසිය අම්මා වැටිලා හිටපු වගුර සර්ච් කළේ නෑ. ඩොක්ටර් ඒ වගුරෙන් වතුර එකක් අරගෙන දෙන්න කිව්වම ඒකත් කළේ අපි...."
 
"අනෙක අම්මා දුරකට යනවා නම් ඔය වගේ ඇඳගෙන යන්නෙ නෑ. ලස්සනට ඇඳලා ලිප්ස්ටික් ගාලා තමයි යන්නේ. ඔය ඇඳුම් ඇඳගෙන යන්නෙ කඩේට, පාරට, ළඟකට යනවනම් විතරයි..."
 
"අම්මා දිවිනහගෙන කියලා නම් කියන්න එපා. එයා කවදාවත් එහෙම කරන කෙනෙක් නෙවෙයි. එයාට ඉන්න එපා වුණාම එයා කියන්නේ රට යනවා කියලා මිසක් මැරෙනවා කියලා නෙවෙයි.."
 
"මේ මිනීමරුවා ඉක්මනට අල්ලගන්න. තව කල් ගත්තොත් පැනලා යාවී. අපේ අම්මට හරියට හයිය තියනවා. තනි මිනිහෙකුට අම්මා මරන්න අමාරුයි. කට්ටියක් එකතු වෙලා මේක කරන්න ඇත්තේ. උන් අතඅඩංගුවට අරන් දඬුවම් දෙන්න කියලා අපි ඉල්ලනවා..." වැඩිමහල් දියණිය ගීතිකා පවසනවා.
 
- තක්ෂිලා ජයසේකර

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  185 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,693 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,355 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,714 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,785 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,275 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,138 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,279 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,840 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,752 Downloads



Top 10 Commenters

Latest Comments

Top