චීනයේ Lianyungang ජිවත් වෙන බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන තරුණියක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතාබහට ලක් වෙලා තිබෙනවා. ඇය පරිසරය හා සතුන් සම්බන්ධයෙන් විවිධ තොරතුරු තම බ්ලොග් අඩවිය මගින් පල කරන අතර පසුගියදා සජීවී වීඩියෝ පටයකට ඇය සුදානම් වී තිබෙනවා. පණපිටින් බූවල්ලෝ අටදෙනෙක් කෑමට සුදානම් වෙන වීඩියෝවක් පෙන්වීමටයි ඇය සුදානම් වී ඇත්තේ.
නමුත් ඇය එක බූවල්ලෙක් අතට ගෙන එම අවස්ථාව විස්තර කරමින් බූවල්ලා මුවට ලන් කර තිබෙනවා. එම අවස්ථාවේදී බූවල්ලා තම ආරක්ෂාව උදෙසා ඇයගේ මුහුණ තදින් අල්ලා ගෙන තිබෙන අතර ඉන් එම යුවතිය දැඩි වේදනාවට හා බයට පත්ව කෑගසනවා. කෙසේ හෝ අවසානයේ ඇය බූවල්ලාගේ ආක්‍රමණයෙන් මිදී ඇති නමුත් ඇයගේ මුහුණ තුවාල වී ඇති බවත් සදහන් වෙනවා.
බූවල්ලකුට අත් අටක් තිබෙන අතර මෙම බූවල්ලාගේ එක අතක ඇති අඩු සංඛ්‍යාව 280ක් බවත් සදහන් වෙනවා. සාමාන්‍යයෙන් ගැහැණු බූවල්ලකුගේ සියලු අත්වල අඩු 2240ක් හා පිරිමි බුවල්ලකුගේ අඩු 2060ක් තිබෙන බවත් සදහන් වනවා.
මෙම තරුණියගේ මුහුණ බුවල්ලා විසින් තදින් අල්ලා ගත් අවස්ථාවේ බුවල්ලගේ අඬුවලින් රසායනික ප්‍රතිග්‍රාහක දහස් ගණනක් පිටවන්නට ඇතැයිද පැවසෙනවා. කොහොම නමුත් එම කාන්තාව අවසානයේ පවසන්නේ ඊළග වීඩියෝවෙන් සජීවීව පණ ඇති බුවල්ලෙක් ආහාරයට ගන්නා අයුරු පෙන්වන බවයි. ඒ වගේම දැල්ලන් ආහාරයට ගන්න වඩාත් කැමති බවත් ඇය සදහන් කර තිබෙනවා.