පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරවලින් මිය ගිය පිරිස සිහි කරමින් බොහෝ රටවල යාච්ඤා සිදු කරනු ලැබුවා. පසුගිය ඉරිදා දින අන්තර් ආගමික සේවය විසින් වොෂින්ටන් දෙව්මැදුරක යාච්ඤා සිදු කර තිබෙනවා.
එම අවස්ථාවට බෞද්ධ, හින්දු, ඉස්ලාමීය, යුදෙව් හා ක්‍රිස්තියානි ආගම් නියෝජනය කරමින් 1000කට අධික පිරිසක් සම්බන්ධ වී තිබෙන අතර භික්ෂුන් වහන්සේලා හා ආගමික ජුජකවරුන්ද සම්බන්ධ වූ බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
වොෂිංටන් ජාතික කතෝලික දේවස්ථානයේ පීඨාධිපති Randolph Marshall Hollerith විසින් සභාව මෙහෙයවා තිබෙන බවත් සදහන්. එමෙන්ම යාච්ඤා සිදු කිරීමට පෙර ශ්‍රී ලංකාවේ ජාතික ගිය වාදනය කිරීමත් සිදු කර තිබෙනවා. එය විශේෂ අවස්ථාවක් බවයි සදහන් වන්නේ. මහරගම දර්මශ්‍රි ස්වාමින් වහන්සේද එම අවස්ථාව සදහා සම්බන්ධ වී ධර්ම දේශනයක් පවත්වා තිබෙනවා.