වව්නියාව - තාන්ඩිකුලම් - පම්පෙමඩුව ප්‍රදේශයේදී ගව ඝාතකාගාරයක වළකට වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සදහන් කළේ අදාළ පුද්ගලයින් වල පිරිසිදු කිරීමට යාමේදී අද දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි.
එක් අයෙකු වළට වැටුණු පසු ඔහු මුදා ගැනීමට ගිය තවත් 3 දෙනෙකු ද විෂ වායුවක් ආඝ්‍රණය වීමෙන් මෙලෙස මියගොස් ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
මියගිය පුද්ගලයන්ගේ දේහ මේ වනවිට වව්නියාව මහරෝහල වෙත රැගෙනවිත් ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
..