"ඔහුගේ වයස අවුරුදු 30ක් විතර ඇති.ඉතා අහිංසක තරුණ පෙනුමක් තිබුනේ.."
"බෝම්බකරු පල්ලියට ඇතුළු වුනු ගමන් බෝම්බය පිපිරිලා..."
මිගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් පල්ලියට බෝම්බය රැගෙන ආ බෝම්බකරු පල්ලියට ඇතුළු වුයේ මගේ මිණිබිරියගේ හිසට තට්ටු කරමින් බව 66 හැවිරිදි පිලිප් ප්‍රනාන්දු මහතා ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ " පාස්කු ඉරිදා 7.30 ට මමත් බිරිදත් පල්ලියට ආවා. එදා පල්ලිය භූමියේ විශාල සෙනගක් හිටියා. හිටගෙන ඉන්න බැරි නිසා මම වෙනත් පල්ලියකට යන්න තීරණය කළා. නමුත් මගේ පවුලේ අනෙක් සාමාජිකයන් හා මිණිබිරියන් දෙදෙනා කිව්වා අපි මේ පල්ලියේ මිදුලේ හරි ඉන්නවා කියලා. ටික වෙලාවකට පස්සේ මගේ පවුලේ සාමාජිකයන් දැක තිබෙනවා තරුණ පුද්ගලයෙක් විශාල බෑග් එකක් එල්ලගෙන පල්ලිය භූමියට ඇතුල් වෙනවා.
ඔහු පල්ලිය පැත්තට ගියේ මගේ මිණිබිරියගේ හිසට තට්ටුවක් දමාගෙන. පවුලේ අයගේ තොරතුරුවලට අනුව ඔහුගේ වයස අවුරුදු 30ක් විතර ඇති. ඉතා අහිංසක තරුණ පෙනුමක් තිබුනා කියලා වගේම ඔහු කිසිම තැතිගැන්වීමකින් තොරව ගිය බවට පසුව මට ඔවුන් කිව්වා. බෝම්බකරු පල්ලිය ඇතුළු වී ක්ෂණයකින් බෝම්බය පුපුරා ගොස් තිබුනා.ඒ වනවිට මම හිටියේ වෙනත් පල්ලියක.
මගේ පවුලේ කිසිකෙනෙකුට අනතුරක් නැහැ. නමුත් අනිත් මනුෂ්‍ය ප්‍රජාවට වුනු දේ ගැන කනගාටුයි..." එලෙසිනුයි