එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා පිළිබඳව විස්තර කිසිවක් ප්‍රකාශ නොකිරීම හේතුවෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වහාම පොලිස් කණ්ඩායමක් කැඳවා සැකකටයුතු ලැගුම්හල පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගනු ලැබුවා.
කාන්තා පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම මෙම ලැගුම්හල වට කොට අදාල කාමරය දොර විවෘත කිරීමට ලැගුම්හල් හිමිකාරිනියට පොලිසිය අණ කළා.
පසුව එම කාමරයේ කාන්තාවක් සහ පිරිමි අයෙකු සිටි අතර එක වැරම ලැගුම්හලේ පිටත සිට තවත් පුද්ගලයෙකු එම ස්ථානයට දිව එන්නට වුණා.
ඔහු කියා සිටියේ මෙම ඇමතුම ලබා දුන්නේ පොලිසියට තමන් බවත් මෙම කාමරයේ සිටින්නේ තමාගේ බිරිද අනියම් සැමියා සමග පැමිණ බව කෑකෝගසන්නට පටන් ගත්තා.
නිවසින් සේවයට යන බව පවසා ඇය පැමිණි බවත් නිතර නිතර තම බිරිද වෙනත් පුරුෂයකු සමග මේ ආකාරයෙන් ලැගුම්හල්වල සිට රැකියාවට යන බවද ඔහු කෑකෝගසන්නට වුණා.
පසුව විහාර හන්දිය ප්‍රදේශයේ පිහිටි මෙම ලැගුම්හල් හිමිකාරිනිය ට පොලිසිය කියා සිටියේ නවාතැන් පොළ යනු මෙයාකාරයෙන් පැයට දෙකට කාමර ලබාදීමේ ක්‍රමවේදය සිදු නොවිය යුතු බවයි. එහෙත් ඇය කෑ ගසන්නට වූයේ පැයට දෙකට කාමර ලබාදීම ඇයගේ රැකියාව බව පවසමිනුයි.
කෙසේ වෙතත් සැකකාර යුවළ අත්අඩංගුවට ගැනිමට ගිය පොලිස් නිලධාරීන් පෞද්ගලික ප්‍රශ්න තම තමන්ට විසඳාගන්නා ලෙස පවසමින් ඇමතුම ලබාදුන් සැමියාට දැඩි ලෙස අවවාද කොට පිටත් කළ බව සඳහන්.