Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
24
බුර්කාවක් ඇඳගෙන වත්තල හැඳල ප්‍රදේශයේ ගමන්ගත් පිරිමි පුද්ගලයකුට වෙච්ච වැඩේ - Video & Photos

- බුර්කාවක් ඇඳගෙන වත්තල හැඳල ප්‍රදේශයේ ගමන්ගත් පිරිමි පුද්ගලයකුට වෙච්ච වැඩේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58,678 Views
බුර්කාවක් පැළඳි කාන්තාවක් ලෙස පෙනී සිටියදී ප්‍රදේශවාසීන්ට හසුවෙලා...

359 දෙනෙකුට දිවි අහිමි කරමින් දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලට සම්බන්ධ බවට සැකපිට මේ වනවිට පුද්ගලයින් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව , පුපුරණ ද්‍රව්‍ය සහිත රථ වාහන කිහිපයක් කොළඹට ඇතුළු වූ බවට ලද බුද්ධි තොරතුරු මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව තවදුරටත් ආරක්ෂාව තරකර තිබෙනවා.

මේ අතර බුර්කාවක් පැළඳ කාන්තාවක් ලෙස පෙනී සිටිමින් වත්තල ප්‍රදේශයේ ගමන් ගත් පුද්ගලයකු ප්‍රදේශවාසීන්ට හසු වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මුහුණ ආවරණය වන සේ බුර්කාවක් පැළද වත්තල ප්‍රදේශයේ මාර්ගයක ගමන් ගත් සැකකටයුතු පිරිමි පුද්ගලයෙක්  ප්‍රදේශවාසීන් විසින් ඊයේ පස්වරුවේ අල්ලාගත් අතර එහිදී ඇති වූයේ කලබලකාරී තත්ත්වයක්.

පසුව අදාළ සැකකරු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සම්බන්ධයෙන් අප වත්තල පොලිසියෙන් විමසීමක් කළා.

එහිදී වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සදහන් කළේ අදාල සැකකරු පෑලියගොඩ පොලිසිය වෙත භාරදුන් බවයි.

පසුව අප මේ පිළිබඳව පෑලියගොඩ පොලිසියෙන් සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූ අතර, එම සැකකරු පිළිබඳ පෑලියගොඩ පොලිසියට හෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව ඔවුන් සදහන් කළා.

කෙසේ නමුත්, අපට වාර්තා වුණේ බුර්කාව පැළද සිටියදී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මුදාහැර ඇති බවයි.

මේ අතර, අදත් දිවයින පුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී පිපිරීම්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වුණා.

අලුත්ගම දර්ගා නගරයේ සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 6 ක්.

මේ අතර, බේරුවල - කංකාවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් 5 දෙනෙක් ඊයේ රාත්‍රි සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත්තේ එම ප්‍රදේශයේ දෙමහල් නිවසක රැදී සිටියදීයි.

අදාළ සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබාදුන්නා.

කටාන - කටුවපිටිය ප්‍රදේශයේදී ද තවත් පුද්ගලයන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මීට අමතරව පසුගියදා සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර තිබූ වෑන් රථයක් සහ යතුරුපැදියක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙන්නේ වරකාකාපොළ නිවසක තිබියදීයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්ගආර්ග ලතීෆ්ට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රි මෙම වැටලීම සිදුකර තිබෙනවා.

වරකාපොල - අඟුරුවැල්ල මාර්ගයේ මස්ජිත් මාවතේ 9A දරන නිවස තුළ සඟවා තිබී මුලින්ම සොයාගත්තේ 144 – 2446 අංකය සහිත තැඹිලි පැහැති යතුරුපැදියක්.

පසුව SGPH – 3779 අංකය සහිත වෑන් රථය ද සොයා ගැනුණා.

අවධානයෙන් පසුවන ලෙසට පොලිසිය ඊයේ නිවේදනය කළ වාහන අතරට මෙම යතුරුපැදිය සහ වෑන් රථය ද අයත්ව තිබුණා.

වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත සදහන් කළේ පසුව මෙම නිවස වැඩිදුර පරීක්ෂා කිරීමේදී වෝකි ටෝකි යන්ත්‍ර 4ක් සොයා ගැනුණු අතර, ඒවා සක්‍රිය තත්ත්වයේ පැවති බවයි.

එම නිවසේ සිටි 47 හැවිරිදි මොහොමඩ් ජුනයිට් මොහොමඩ් ආම්න් නැමැති සැකකරුවෙකු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා.

මෙම වෑන් රථයෙන් කුලී පදනම මත පුද්ගලයින් ප්‍රවාහනය කර ඇති අතර, රථයේ රියදුරා වශයෙන් කටයුතු කර ඇත්තේ මොහොමඩ් ජුනයිට් නැමැති මෙම සැකකරුයි.

හෙම්මාතගම ප්‍රදේශයේ ඉස්ලාම් පූජකවරයෙකු විසින් කරන ලද වෙන් කිරීමකට අනුව පසුගිය 14 වැනිදා ඩුබායි සිට පැමිණි සංචාරකයින් පිරිසක් පසුගිය සති දෙක තුළ මෙම වෑන් රථයෙන් ප්‍රවාහනය කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පසුව වෑන් රථය වෙන්කර ගත් අදාළ ඉස්ලාම් පූජකවරයා ද පොලිස් භාරයට ගැනුණා.

පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වුණේ එම පූජකවරයා සහ වෑන් රථය පැදවූ රියදුරා අතර සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍ර දේශවල සිදුවූ පිපිරීම්වලට මෙම වෑන් රථය භාවිත කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වනවිට වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව සදහන්.

පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 32 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනවා.

තවත් සැකකරුවන් 4 දෙනෙකුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ප්‍රශ්න කරමින් පවතින අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මේ වනවිට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  824 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,619 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,404 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,188 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,373 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,254 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,861 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,749 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,738 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top