Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
24
බෝම්බ ප්‍රහාරවල වගකීම භාර ගනිමින් තනතුරුවලින් ඉවත්වන ලෙසට පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට ජනපති දැනුම්දෙයි - Video

- බෝම්බ ප්‍රහාරවල වගකීම භාර ගනිමින් තනතුරුවලින් ඉවත්වන ලෙසට පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට ජනපති දැනුම්දෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,926 Views
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට යන මහත්වරුන්ට එම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්දී ඇතැයි රජයේ ආරංචිමාර්ග පවසනවා.

මේ අතර, ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටින්නේ ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා තම වගකීම පැහැර හරමින් සාපරාධී අපරාධයක් සිදුකර ඇති බැවින් ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

පසුගියදා සිදුවූ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් බුද්ධි අංශ ප්‍රධානියා විසින් පෙර දැනුම්දීමක් සිදුකර තිබියදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට මේවන විට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වනවා.

ජනාධිපතිවරයා ඊයේ ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශයේදීද සඳහන් කර සිටියේ ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රානාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇතැයි රජයේ ආරංචිමාර්ග පවසනවා.

මේ අතර, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරනවා.

ඒ ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමින්.

විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ පසුගිය අප්‍රේල් මස 4 වැනිදා සිට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදී එම තොරතුරු වසන් කරමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුවන බව දැන දැනම ඔවුන් දණ්ඩනීති සංග්‍රහයේ 296 හා 297 වගන්ති සමග කියවිය යුතු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 21 වන වගන්තිය යටතේ සාපරාධී අපරාධයක් සිදුකර ඇති බවයි.

එබැවින් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මකකොට නිසි දඬුවම් ලබාදීමේ වගකීම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බවද ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සිය ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.

මේ අතර, රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා.

එමෙන්ම, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ සර්ව ආගමික කමිටුවද රැස්වීමට නියමිත බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  836 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,625 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,404 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,192 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,375 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,254 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,861 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,749 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,738 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top