පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සඳහා යොදා ගත් බෝම්බ නිෂ්පාදනය කළ බව කියන කර්මාන්ත ශාලාවක ජායාරූප කිහිපයක් ඩේලිමේල් වෙබ් අඩවිය හෙළි කර තිබෙනවා.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ තඹ කර්මාන්ත ශාලාවක මෙම බෝම්බ නිෂ්පාදනය කර ඇති බවටයි ඩේලිමේල් වෙබ්අඩවිය වාර්තා කර ඇත්තේ.
මෙම ස්ථානය පොලීසිය විසින් වටලා එහි සිටි කළමණාකරු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ නගරයේ සිදුවූ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක පිපිරීම් සඳහා යොදාගත් බෝම්බ මෙහි නිෂ්පාදනය කර ඇති බවටයි සැක කෙරෙන්නේ.