පිපිරීම් සම්බන්ධයෙන් වරකාපොළදී අත්අඩංගුවට ගත් සැකකරු භාවිත කළ බවට සැකකෙරෙන වෑන් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බුද්ධි අංශ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකාය වරකාපොළ පොලිසියේ නිලධාරීන් සමඟ එක්ව ලද තොරතුරකට අනුව අඟුරුවැල්ල පාරේ නිවසක් පරීක්ෂා කර මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී සැකකටයුතු යතුරුපැදියක් සහ ජංගම සන්නිවේදන උපකරණ 4 ක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාෂකවරයා ප්‍රකාශ කළේ.