Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
23
ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගත යුත්තේ පොලිස්පතිවරයාද? නැතහොත් ආරක්ෂක ලේකම්වරයාද? - Video

- ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගත යුත්තේ පොලිස්පතිවරයාද? නැතහොත් ආරක්ෂක ලේකම්වරයාද? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,235 Views
කොළඹ ඇතුළු ප්‍රදේශවල සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් දැනුවත් කර තිබියදී ඒ පිළිබඳව ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව පොලිස්පතිවරයා පොලිස් ප්‍රධානීන් 4 දෙනෙකුගෙන් කරුණු විමසා දින දෙකක් තුළ වාර්තා කැදවා තිබෙනවා.

මෙලෙස කරුණු විමසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගෙන්.

සමාජ මාධ්‍යවල පළවන පරිදි පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත මෙම රහසිගත ලේඛනය යොමුකර තිබුණේ ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඒ.එන්. සිසිර මෙන්ඩිස් මහතා විසින්.

අදාළ ලිපියේ දැක්වුණේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සහරාන් හෂ්මි සහ ඔහුගේ අනුගාමිකයින් මෙරට තුළ ඉතා නුදුරේදීම මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවයි.

ඔවුන් මෙරට වැදගත් දේවස්ථාන සිය ඉලක්ක කරගෙන ඇති බව අදාළ ලිපියේ පැහැදිලිව දැක්වෙනවා.

මීට අමතරව මෙරට පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ද ඔවුන්ගේ ප්‍රහාරවල ඉලක්කයක් විය හැකි බව මෙම ලිපියේ සඳහන්.

රාජ්‍ය බුද්ධි සේවයේ වාර්තාව උපුටා දක්වමින් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා යොමුකළ ලිපිය මගින් ප්‍රහාර එල්ල විය  හැකි ආකාර 4 ක් පිළිබද පොලිස්පතිවරයාගේ අවධානයට යොමුකර තිබෙනවා.

ඒ අනුව මරාගෙන මැරෙන ප්‍රහාර, ආයුධ ප්‍රහාර, පිහි ඇනුම් හා ට්‍රක් රථ ප්‍රහාර එල්ල විය හැකි බව එහි සඳහන්.

සැලසුම් කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සදහා සහරාන් හෂ්මි, ජාල් අල් කුවිතාල්, රිල්වාන්, සජිත් මවුලවි, ෂාහීඩ්, මිල්හාන් සහ තවත් කණ්ඩායමක් සම්බන්ධ විය හැකි බවට ද අදාල ලිපියේ දක්වා තිබෙනවා.  

දක්වා ඇති මෙම කරුණු පිළිබඳ දැඩි අවධානයක් නීතිය ක්‍රියාත්මක කරවන බලධාරින් වෙත යොමුකර වීම  වැදගත් බවයි රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්  පොලිස්පතිවරයා වෙත යැවුණු ලිපියෙන් අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව අදාළ ලිපියෙහිම විශේෂ සටහනක් යොදමින් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අප්‍රේල් මස 9 වන දිනම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර යන මහත්වරුන් වෙත යොමුකර තිබෙනවා.

එම ලිපියට ප්‍රතිචාර දක්වමින් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා අප්‍රේල් මස 11 වන දින මේ පිළිබඳව දැනුවත් කරමින් ඇමති ආරක්ෂක, අධිකරණ ආරක්ෂක, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක, තානාපති ආරක්ෂක යන අංශ වෙත ලිපියක් යොමුකර ඇති බව සමාජ මාධ්‍ය වාර්තාවල මෙලෙස දැක්වුණා.

එහි වැඩිදුරටත් සදහන් වුණේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙන ලිපියට අදාළව ජාතික තව්හිත් ජාමාත් නායක මොහොමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන ලද බවට රාජ්‍ය බුද්ධි සේවය ලබාදී ඇති වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසයි.

ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් සිදුකරමින් ආරක්ෂක ලේකම් වෙනුවෙන් ජාතික බුද්ධි අංශ ප්‍රධානියා  පොලිස්පතිවරයා වෙත ලිපිය යොමුකර සති දෙකකටත් අඩු කාලයදී මෙරට ස්ථාන 8ක බෝම්බ ප්‍රහාර මාලාව සිදුවුණේ මිනිස් ජීවිත 321 ක් බිලි ගනිමින්.

කෙසේ වෙතත් මෙම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමේ සූදානම සම්බන්ධයෙන් තමන් යොමු කළ ලිපියේ කරුණු පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ඇතුලත් විස්තරාත්මක වාර්තාවක් අනිද්දාට ප්‍රථම නොවරදවාම මා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා අදාළ පොලිස් ප්‍රධානීන් වෙත දන්වා ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන මෙම ලිපියෙහි දැක්වෙනවා.

අදාළ ප්‍රහාරවලින් අනතුරුව වාර්තා පල වුණේ මෙම ප්‍රහාර පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් නිසිපරිදි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත වාර්තා වී නොතිබූ බවයි.

එසේ නම් මිනිස් ජීවිත රැසක් බිළිගත් මෙම ත්‍රස්ත ප්‍රහාරයන් පිළිබඳව බුද්ධි අංශ විසින් කල් තියා දැනුවත් කර  තිබියදීත් ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගත යුත්තේ පොලිස්පතිවරයාද? නැතහොත් ආරක්ෂක ලේකම්වරයාද?

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,677 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,563 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,215 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,163 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,542 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,539 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,666 Downloads



Top 10 Commenters

Latest Comments

Top