Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
23
‘‘මෙම ලේ වැගුරුණු දිනය අපෙන් ඔබට තෑග්ගක්.’’ කියලා මුහුණු පොතේ දාපු අයි.එස් ත්‍රස්තයන්ගේ තවත් බෝම්බ ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක් මෙන්න - Video

- ‘‘මෙම ලේ වැගුරුණු දිනය අපෙන් ඔබට තෑග්ගක්.’’ කියලා මුහුණු පොතේ දාපු අයි.එස් ත්‍රස්තයන්ගේ තවත් බෝම්බ ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක් මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

111,444 Views
අදාළ පිරිස කටාර් හි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් කියවෙයි...
ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගත් කරුණු මෙන්න...

කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන 08 කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය භාරගෙන ඇති බව එම සංවිධානයට සම්බන්ධ ඉරාකයේ ක්‍රියාත්මක අමාක් පුවත් සේවය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසනවා.

එහි දැක්වෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි කුරුසකරුවන්වන්ගේ සන්ධානය අයත් ජාතීන් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කර පෙරේදා එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයන් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයින් බවයි.

මේ අතර, ශ්‍රී ලංකාව තුළ තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සූදානමක් ඇති බව ඉන්දීය බළධාරින් ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

පුද්ගලයින් 321 කගේ ජීවිත අහිමි කරමින් පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ අනුග්‍රහය ලබන ජාතික තවුහීත් ජමාත් සංවිධානය සිදුකර ඇති බවට හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය පවසනවා.

එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ 2014 වසරේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශය පදනම් කර ගනිමින් බිහිවූ බවට සැලකෙන ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නිර්මාතෘ සහරාන් හසීම් හෙවත් අබු- උබයිඩා ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු බවටයි.

ප්‍රහාර එල්ල වූ පසුගිය 21 වන දින අබු උබයිඩා ඇතුළු තවත් 7 දෙනෙකු පෙනී සිටින වීඩියෝවක් ද අයි.එස් ත්‍රස්ත සංවිධානයට සහය දක්වන අල් ගුරාබා සමාජ මාධ්‍ය පිටුවට මුදා හැර තිබෙනවා.

‘‘මෙම ලේ වැගුරුණු දිනය අපෙන් ඔබට තෑග්ගක්.’’ ලෙස එහි සඳහන්.

වීඩියෝවේ පළමුව පෙනී සිටින අබු උබයිඩා මුහුණ නිරාවරණය කරගෙන සිටින අතර, සෙසු 7 දෙනාගේ මුහුණු ආවරණය කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියානු මාධ්‍ය පවසන්නේ එම වීඩියෝව මගින් ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ පිපිරීමේ වගකීම අදාළ සංවිධාන භාර ගෙන ඇති බවයි.

ජාතික තවුහිත් ජමාත් අයි.එස්.ත්‍රස්තවාදීන්ගේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන ස්වයං විකල්ප මතධාරි සංවිධානයක් බවයි ඉන්දියානු ආරක්ෂක විශේෂඥයෙකු උපුටා දක්වමින් හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

මේ අතර ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකත්වය සපයන ජාල් අල් කුවයිටාල් හෙවත් රිල්වාන් මසාග්, නවුෆර් මෞවුල්වි සහ හරාන් හසීම්ගේ ඥාති සහෝදරයෙක් ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා සූදානමකින් සිටින බව ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි හින්දුස්ථාන් වෙබ් අඩවිය පවසනවා.

එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ අදාළ පිරිස කටාර් හි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,682 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,569 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,218 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,174 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,544 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,540 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,666 Downloads



Top 10 Commenters

Latest Comments

Top