පාස්කු ඉරිදා දින සිදු වූ පිපිරීම් හේතුවෙන් බොහෝ පිරිසකට ජිවිත අහිමි වුනා. දරුවන්ට දෙමාපියන් අහිමි වෙද්දී දෙමාපියන්ට දරුවන් අහිමි වුනා. සැමියාට බිරිද අහිමි වූ අතර බිරිදෑවරුන්ට සිට සැමියන් අහිමි වුනා.
එලෙසින්ම මෙරට අසිරිය නරඹන්න ආ විදේශිකයින් බොහෝ දෙනෙකුට ජිවිත අහිමි වුනා. louise allen නමැති විදේශකයා මෙරටට පැමිණ තිබෙන්නේ තම දරුවන් තිදෙනා හා බිරිද සමගයි.
ඒ රත්නපුර රෝහලේ විවෘත කිරීමට නියමිත ළමා වාට්ටුවකට ආධාර ලබා දීමේ අරමුණින්. රෝහලට ආ මොහොතේ ඔවුන් පවුලේ ඡායාරූපයක් ලබාගෙන තිබෙනවා. එය ඔවුන්ගේ අවසන් පවුලේ ඡායාරූපයයි. ඊට හේතුව දරුවන් තිදෙනා හා ආදරණිය සැමියා තනිකර ලුයිස් මහතාගේ බිරිද ශ්‍රී ලංකාවේ සිදු වූ පිපිරීමෙන් මිය යාමයි.