රට තුල පවතින වාතාවරණයපිළිබද සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැදවා තිබෙනවා.
ඒ අනුව මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.
අද පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස් වන අතර පැයක කාලයක් එම කටයුතු සිදුකෙරෙනු ඇති.
එමෙන්ම, හදිසි නීතිය ගැසට් කිරීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් ද අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිතයි.