පුද්ගලයන් 3 දෙනෙකුගේ ජාන සංයෝගයෙන් දරුවන් බිහි කිරීම සඳහා ඉඩ දිය යුතු ද යන්න පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් බ්‍රිතාන්‍යයේ පසුගිය 3වනදා පැවැත්වුනා. මවගෙන් දරුවාට ප්‍රවේණිගත විය හැකි දරුණු රෝග වළක්වාලීම සඳහා මෙලෙස පියාට අමතරව තවත් අයෙකුගේ ජාන සංයෝග කිරීමේ තාක්ෂණය දැනටමත් සංවර්ධනය කර අවසන්.
මේ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති මත විමසුමකින් එයට මේ වන විට අවසර හිමිවී තිබෙනවා. ඒ අනුව තිදෙනෙකු එකතුව දරුවන් බිහිකිරීමට අවසර දී ඇති ලොව පළමු රට බවට බ්‍රිතාන්‍ය පත්වනු ඇති.
මෙම තාක්ෂණය වසරකට බ්‍රිතාන්‍යයේ පමණක් යුවළ 150කට පමණ ප්‍රයෝජනවත් වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. කෙසේ නමුත් මෙම පියවරට කතෝලික පල්ලියෙන් විරෝධය පළ වී ඇති බව සදහන්.