Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
ත්‍රස්ත ප්‍රහාරය ගැන ඇමති හරීන් ප්‍රනාන්දු ට්විටර් දැමූ සටහන - හරීන්ගෙ කතාවට පාර්ශව කිහිපයකින් චෝදනා - Video

- ත්‍රස්ත ප්‍රහාරය ගැන ඇමති හරීන් ප්‍රනාන්දු ට්විටර් දැමූ සටහන - හරීන්ගෙ කතාවට පාර්ශව කිහිපයකින් චෝදනා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,291 Views
ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධ පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් එය නොසලකා කටයුතු කිරීම සම්බන්ධව බරපතළ ක්‍රියාමාර්ග ගත යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධව බුද්ධි අංශ නිලධාරියෙකු මාර්ගයෙන් තම පියාද දැනුවත්ව සිටි බවයි.

ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධ සැලසුමක් පිළිබඳව ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් දැන සිටි බවත් ඊට ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාද වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙනවා.

එහි සඳහන් වන්නේ තම පියාද එවැනි සැලසුමක් පිළිබඳව දැනුවත් වූයේ බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් බවයි.

කෙසේ වෙතත් ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ තමන් බදුල්ලේ සිටි බව එම ට්විටර් පණිවිඩයේ සඳහන්.

ඒ සමඟ ආරක්ෂක අංශ යොමු කළ පූර්ව අනතුරු ඇඟවීමේ ලිපි දෙකක්ද එම පණිවිඩයට අමුණා ඇති අතර විශේෂ ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතාගේ අත්සනින් යුතු එක් ලිපියක සඳහන් වන්නේ ජාතික තව්හික් ජමාත් නායක මොහොමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරු සම්බන්ධව විශේෂ අවධානය යොමු කරවන බවයි.

ඇමති ආරක්ෂක, අධිකරණ ආරක්ෂක, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක සහ තානාපති ආරක්ෂක කොට්ඨාශවල අධ්‍යක්ෂවරුන් වෙත එම ලිපිය යොමු කර තිබෙනවා.

මීට අමතරව මෙරට ප්‍රසිද්ධ කතෝලික පල්ලි සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට ජාතික තව්හික් ජමාත් නායක මොහොමඩ් සහරාන් සැලසුම් කර ඇති බවට විදේශ බුද්ධි අංශයන් විසින් තොරතුරු වාර්තා කර ඇති බව අනෙක් ලිපියේ සඳහන්.

එම ප්‍රහාර සැලසුම් සඳහා සම්බන්දවන බවට හඳුනාගත් සහරාන් හාෂීම් සහ ෂාහිඩ් යන පුද්ගලයන් 2018-12-26 මාවනැල්ල ප්‍රදේශයේ ආගමික ප්‍රතිමාවලට පහරදීමෙන් පසු පලාගොස් අක්කරේපත්තු, ඔළුවිල් ප්‍රදේශයේ රහසිගතව සැඟවීම සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි එහි දැක්වෙනවා.

මීට අමතරව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිල්වාන් සහ සහරාන්ගේ බාල සොහොයුරාද කන්තන්කුඩි පොලිස් වසමේ පදිංචිව සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි එම ලිපියේ සඳහන්.

රිල්වාන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය  903432624V බවට හඳුනාගෙන ඇති අතර ඔහු 2017 වසරේ මාර්තු 10 වන දින කාත්තන්කුඩි NTJ සංවිධානය හා තවත් සංවිධානයක් අතර ඇති වූ ගැටුමකින් පසු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිටින බවටද තොරතුරු ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් රිල්වාන් අක්කරේපත්තුව, කුලියාපිටිය, පුත්තලම, මාවනැල්ල සහ තිහාරිය යන ප්‍රදේශවල සංචාරය කරමින් සිය සහෝදරයාගේ මතවාදයන් වටා පිරිස් එකතු කිරීමට කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඔහු දැනට ඔලුවිල් ප්‍රදේශයේ සමීපතමයෙකුගේ නිවසේ රැදී සිටින බවටත් අදාළ පූර්ව අනතුරු ඇඟවීමේ ලිපියේ සඳහන්.

රිල්වාන් රාත්‍රී 11 ත් අලුයම 4 ත් අතර අංක 309 B, ෆරීනාස් පාර, දෙවන හරස්වීදිය, ආරියම්පති නැගෙනහිර, ආරියම්පති යන ලිපියන වෙත පැමිණෙන බවත් එහි ඔහුගේ බිරිඳ සහ දරුවා රැදී සිටින බවටත් තොරතුරු හෙළි වී ඇතැයි එම ලිපියේ සඳහන්වනවා.

අදාළ පූර්ව අනතුරු ඇඟවීමේ ලිපියේ සඳහන් වන්නේ නවසීලන්තයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු සමාජ ජාල ගිනුම් ඔස්සේ අන්‍යාගමිකයන් පිළිබඳව ඔහු ද්වේශ සහගත ලෙස අදහස් දක්වා ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

එමෙන්ම හිටපු යුද හමුදා සෙබළෙකුවන බදුර්දීන් මොහොමඩ් මොහිදීන් හෙවත් ආමි මොහොදීන් නැමැත්තෙක්ද සහරාන් සමඟ සමීප සබඳතා පවත්වන බවටත් තොරතුරු ලැබී ඇතැයි එම ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා.

ඔවුන් 2016 වසරේ සිටම සමාජ ජාලා සහ ආගමික දේශන හරහා අනුගාමිකයන් අභිප්‍රේරණය කරන බවටද තොරතුරු ලැබී ඇතැයි අදාළ පූර්ණ අනතුරු ඇගවීමේ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර ඉන්දියාවේ CNN නිව්ස් 18 නාලිකාව වාර්තා කළේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සැකකරු සහරාන් හෂීම් බවට හඳුනාගෙන ඇති බවයි.

මෙරට ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට ආරක්ෂක අංශ යොමු කළ පූර්ව අනතුරු ඇඟවීමේ ලිපියෙහිද සහරාන් හෂීම්ගේ නම සඳහන්වනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,683 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,569 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,219 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,174 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,546 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,541 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,666 Downloads



Top 10 Commenters

Latest Comments

Top