Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
ඊයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සේවකයින් සිව් දෙනෙකුට සිය ජීවිත අහිමි වෙයි - Video & Photo

- ඊයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සේවකයින් සිව් දෙනෙකුට සිය ජීවිත අහිමි වෙයි - Video & PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,826 Views
සෙසු අංශවල සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙයි...

ඊයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සේවකයින් සිව් දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර, තවත් කිහිපදෙනෙකු තුවාල ලැබුවා.

කෙසේ වෙතත්, බෝම්බ ප්‍රහාරයට ලක්වූ ස්ථානයේ හැර සෙසු අංශවල සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව, එහි ප්‍රකාශකයෙකු පැවසුවා.

බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොළඹ ෂැන්ග්‍රීලා හෝටලය නැවත දැනුම් දෙනතෙක් වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ප්‍රහාරයෙන් එම හෝටලයේ සේවකයින් තිදෙනෙකු තුවාල ලැබුවා.

මේ අතර, ප්‍රහාරයට ලක්වූ කිංග්ස්බරි හෝටලය ආශ්‍රිතවආරක්ෂක අංශ විසින් අදත් පරීක්ෂණ ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබුණා.

ඊට අමතරව දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟුම් හල ආශ්‍රිතව පරීක්ෂණ ක්‍රියාත්මක කෙරුණේ, දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි.

මේ අතර,  කොටහේන - කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වුණා.

මේ අතර, දේවස්ථානයේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණියා.

ප්‍රශ්නය - චෝදනාවක් තියෙනවා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් නොවුන හින්දා තමයි මේ ප්‍රශ්නය ඇතිවුණේ කියලා..?
"යම් අඩුවක් වෙලා තියෙනවා කියල පිලිගන්න සිද්ද වෙනවා. නැහැයි කියන්න බෑ ඒක අපි විවෘතව පිළිගන්න ඕන".

බෝම්බ ප්‍රහාරයට ලක්වූ මීගමුව, කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය ආශ්‍රිතවද රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල මූලිකත්වයෙන් අද දිනයේත් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරුණා.

ඊට අමතරව දේවස්ථානයේ සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු ද සිදුකෙරෙන ආකාරය දක්නට ලැබුණා.

ප්‍රහාරයෙන් මියගිය අයට වන්දි ගෙවීම සහ දේවස්ථානය යළි ගොඩනැගීම ආදි කරුණු සම්බන්ධයෙන් අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණේ, පූජ්‍ය පක්ෂය, රජයේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

කටුවාපිටිය දේවස්ථානයේ තත්ත්වය සොයා බැලීම සඳහා අදත් දේශපාලනඥයින් ඇතුළු පිරිසක් පැමිණියා.

ඊයේ එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවේ තවත් ඉලක්කයක් වූ මඩකලපුව සියොන් දේවස්ථානය ආශ්‍රිතවද පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක කෙරුණේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි.




මියගිය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සේවකයින් සිව් දෙනා

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,677 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,563 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,215 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,163 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,542 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,539 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,666 Downloads



Top 10 Commenters

Latest Comments

Top