Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
ස්ථාන රැසකදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිසක් ඥාති හිතවතුන්ගේ සෝ සුසුම් මැද අද අවසන් ගමන් යයි - Video

- ස්ථාන රැසකදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිසක් ඥාති හිතවතුන්ගේ සෝ සුසුම් මැද අද අවසන් ගමන් යයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,516 Views
ස්ථාන රැසකදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් මියගිය ඇතැම් පුද්ගලයන්ගේ දේහයන් පිළිබද අවසන් කටයුතු අද ආගමික වතාවත් වලින් අනතුරුව සිදුකෙරුණා.

මේ අතර අදාල ප්‍රහාරවලින් මියගිය පුද්ගලයෙකුගේ අවමංගල්‍ය කටයුතු සදහා රුපියල් ලක්ෂයක් ලබාදීමටත්, රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදීමටත් තුවාල ලැබූ පුද්ගයින් සදහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 03 දක්වා වන්දි ලබාදීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඊයේ පෙරවරු 8.45 ට සිදුවූ ප්‍රහාරයත් සමග ජීවිත රැසක් අහිමි වූ කටාන - කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අවට අද දිස්වූයේ එතරම් සුන්දර දසුනක් නෙමෙයි.

මේ වන විට බොහෝ දේහයන් අවසන් කටයුතු සිදු කිරීම සදහා සූදානම් කර තිබුනද ඇතැම් දේහයන් තවමත් හදුනාගැනීමට හැකිව නැහැ.

මේ අතර ඊයේ පස්වරුවේ දෙමටගොඩ මහවිල උද්‍යානය ප්‍රදේශයේ මහල් නිවාස සංකීරණයක නිවසක් පොලීසිය හා පොලිස් විශේෂ බලකාය පරික්ෂා කරන අතරතුර සිදුවූ පිපිරීමෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

පිපිරීමෙන් මියගිය 39 හැවිරිදි උප පොලිස් පරීක්ෂක ඩබ්.එම්. රෝහණ බණ්ඩාර මහතා පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම පිපිරීමෙන් මියගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් 28 හැවිරිදි ළහිරු උමේෂ් දුලංජන කැකිරාව - ගල්කිරියාගම - දඹුළුහල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මහනුවර - කැටකුඹුර ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල් ආර්. එම්. භාතිය රත්නායකද මෙම ප්‍රහාරයෙන් මියගියා.

ඥාතීන් පැවසුවේ ඔහු එළඹෙන මැයි මස විවාහවීමට සිටි බවයි.

පොලිස් දෙපාර්තමේන්තුව විසින් මියගිය උප පොලිස් පරීක්ෂක ඩබ්.එම් රෝහන බණ්ඩාර මහතා පොලිස් පරීක්ෂක තනතුරටත්, පොලිස් කොස්තාපල් භාතිය රත්නායක හා පොලිස් කොස්තාපල් ළහිරු උමේෂ් පොලිස් සැරයන් ධූරයටත් උසස් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ ප්‍රවීන සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය හා ඇයගේ දියණිය වන නිසංගා මායාදුන්නේ ජයසේකර මහත්මියගේ දේහයන් මේ වන විට කොට්ටාව පරණ පාරේ පිහිටි නිවසේ තැන්පත්කර තිබෙනවා.

දේහයන් පිළිබදව අවසන් කටයුතු අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා සවස 5 ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,700 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,573 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,222 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,181 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,548 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,543 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,667 Downloads



Top 10 Commenters

Latest Comments

Top