Anita Nicholson නමැති 42 හැවිරිදි කාන්තාවක් හා ඔහුගේ පුතනුවන් වන 11 හැවිරිදි Alex Nicholson ඊයේ උදෑසන 8.30 පමණ ආහාර ගනිමින් සිටියදී කොළඹ Shangri La හෝටලයේ පිපිරීමෙන් මිය ගොස් තිබෙනවා. ඔවුන් බ්‍රිතාන්‍ය ජාතිකයින්. මිය ගිය කාන්තාවගේ සැමියා හා දියණියත් පුතාත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කෙටි නිවාඩුවක් ගත කිරීමට බව සදහන් වෙනවා.
Ben Nicholson ගේ ජිවිත බේරී ඇති නමුත් දියණියගේ ජිවිතයට හානියක් සිදුව ඇතිද නැත්ද යන්න තවමත් තොරතුරක් නොමැති බවත් ඇය අතුරුදහන් වී ඇති බවත් සදහන් වෙනවා. බ්‍රිතාන්‍ය පුරවැසියන් වුවත් ඔහු සිංගප්පුරුව සමාගමක සේවය කරන අතර ඔහුගේ පවුලම ජිවත් වී ඇත්තේ සිංගප්පුරුවේයි.