කතෝලික දේවස්ථාන තුනක් සහ කොළඹ පිහිටි සුපිරි හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් ඊයේ සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.
ඊයේ උදෑසන කොටහේන - කොච්චිකඩේ දේවස්ථානය, කටාන, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියෝන් දේවස්ථානය ඉලක්ක කරගනිමින් පිපිරීම් තුනක් සිදුවූ අතර කොළඹ නගරයේ ප්‍රධානතම හෝටල් තුනක් වන ෂ්‍රැන්ග්‍රිල්ලා, කින්ස්බරී සහ සිනමන්ග්රෑන්ඩ් හෝටල් තුළ ද පිපිරීම් සිදු වුණා.
..