කම්කරු ජාතික පෙරමුණ, ජාතික කම්කරු සංගමය සහ දමිල ප්‍රගතිශීලි සන්ධානය සමඟ එක්ව සංවිධාන කර තිබූ මැයිදින පෙළපාලිය සහ රැළිය අවලංගු කළ බව අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා.
වතුකරයේ මැයි රැළිය තලවකැලේ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණා.
නමුත්, දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙන් මියගිය ජනතාවට ගරු කිරීමක් වශයෙන් මැයි දින රැළිය නොපැවැත්වීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ මැයිදින පෙළපාලිය සහ රැළිය නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ අතර, එය ද අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.
ඊයේ දින පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ අය සිහි කරමින් මැයි දිනයේදී වතුකරය පුරා ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු කරන බවයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ.