Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
21
උපන් පෙනුම වෙනස් කරගැනීමට ප්ලාස්ටික් සැත්කම් උමතුවට යොමවූ අපූරු පුද්ගලයින් - Photos

- උපන් පෙනුම වෙනස් කරගැනීමට ප්ලාස්ටික් සැත්කම් උමතුවට යොමවූ අපූරු පුද්ගලයින් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

112 Views
හැම දෙනෙකුටම ජීවිතයේ යම් සිහිනයක් තිබෙනවා. ජපන් ජාතික නිරූපිකාවක් වූ ‘වැනිලා චැම්’ ට බාල කාලයේ පටන්ම හිතේ තිබුණ සිහිනය වුණේ ඇගේ පෙනුම ජපන් බෝනික්කෙකුගේ ස්වරූපයට සමාන කර ගැනීමයි. මේ වෙනුවෙන් වූ සැත්කම් වෙනුවෙන් ඇය ජපන් මුදලින් යෙන් මිලියන 10 ක් පමණ වැය කළා පමණක් නොව වරින් වර සැත්කම්වලටත් භාජනය වෙමින් ශාරිරික ලෙසිනුත් වේදනාවන් වින්දේ ජපන් බෝනික්කෙකු වීමටයි.
 

  


කැලිෆෝනියාවේ ‘බ්ලොන්ඩි බෙනට්’ නිතරම සිහින මැව්වේ ඇගේ පෙනුම ‘බාබි’ බෝනික්කෙකුට සමාන කර ගැනීමටයි. ඇගේ බාහිර පෙනුම වගේම බෝනික්කාගේ සම්පූර්ණම තත්වයට පත් වීම සඳහා මෝහන චිකිත්සා ප්‍රතිකාරවලටත් යොමු වුණ බව සඳහන් වෙනවා.

 
රොඩ්රිගෝ අල්වෙස් බ්‍රසිල ජාතිකයෙක්. ඔහු ප්ලාස්ටික් සැත්කම් සහ Hi Def Liposculpture මගින් උදර මාංශ පේශිත් වෙනස් කර ගෙන සිටිනවා. ඔහුගේ මේ උත්සාහය නිසා දැන් රොඩ්රිගෝගේ පෙනුම ‘කෙන්’ බෝනික්කෙකුට සමානයි.


 
එකක් කඩතොලූ වසා ගන්නට ගොස් දෙකක් හැදුවා වගේ දේවලූත් මේ සිදුවීම් නිසා නොවෙනවාමත් නොවෙයි. කාන්තාවන් බොහෝ දෙනෙක් වයසට යෑමට බියක් දක්වන්නේ තමන්ගේ තරුණ පෙනුම නොදැනීම නැති වෙන නිසයි. ඇමරිකානු ජාතික සමාජ සේවිකාවක වූ ‘ජොසලින් වයිල්ඞ්ස්ටින්’ටත් මේ බිය හිතේ තිබුනා. ඒ නිසාම ඇය ප්ලාස්ටික් සැත්කම් කීපයක් වෙනුවෙන් මුහුණ දුන්නා. ඒත් අන්තිමේදී සිදුවුණ වින්නැහිය ගැනත් දැන ගත්තොත් හොඳයි. දැන් ජොසලින්ගේ පෙනුම හරියට බළලෙක් වගෙයිලූ.
 
තවත් උදවියගේ තිබෙන අමුතු ආකාරයේ සිතුවිල්ලක් ගැනයි මේ සටහන. අදටත් බොහෝ දෙනෙක් තමාගේ පෙර අත්භවය ගැන උනන්දුවක් දක්වනවා විතරක් නොවෙයි, තමා ඒ ආත්මයේ ගත කළ ස්වරූපය ගැනත් දැන ගැනීමට උනන්දුවක් දක්වනවා. ‘නිලිනා නෙමිතා’ ටත් මේ වගේ අමුතු ආකාරයේ උණක් තිබුණා. ඇය නිතරම කියා සිටියේ තමා පෙර ආත්මයක ‘නෙෆර්ටි රැජිණ’ ලෙසින් උපත ලබා සිටි බවයි. ඒ නිසාම නෙමිනා එතැනින් නැවතුනේ නැහැ. ඇය තමාගේ හැඩ රුව නෙෆර්ටි රැජිනට සමාන කර ගැනීමට සැත්කම් 51 කට මුහුණ දුන්නා. මේ සඳහා ඇයට පවුම් ලක්ෂ දෙකක් පමණත් වැය වී තිබෙනවා. දරුවන් තිදෙනෙකුගේ මවක් විදිහට ඇගේ මේ නිසරු උත්සාහය ගැන බොහෝ දෙනෙක් හාස්‍යයෙන් කතා බහ නොකළාමත් නොවෙයි.


 
කිම් කාඬේසියන්ගේ සැමියා වූ ‘ක්‍රිස් හම්ප්රිස්’ සමග ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගත් ‘මයිලා සිනාජ්’ ට අවශ්‍ය වුණේ ඇගේ පෙනුමත් කිම් කාර්ඬේසියන්ට සමානව ගොඩ නගා ගැනීමටයි. නමුත් ඇය ඒ වෙනුවෙන් සැත්කම්වලට නම් යොමු වුණේ නැහැ.


 
කාන්තාවන් ගැන සිහියට නැගෙන විටම උපකල්පනය කරන ගුණාංග කීපයක් තිබෙනවා. ඒ අතරින් කාන්තාවන් තමන්ගේ නිවැරැදි වයස ප්‍රකාශ කිරීමට අකමැති බවයි. ඒත් ‘ඈන් බෝල්ටන්’ ට අවශ්‍ය වුණේ ඇගේ වයස පෙනුමට වඩා ප්‍රකාශ කිරීමටයි. තිදරු මවක් වූ ඈන්ගේ හිසකෙස් එක දෙක ඉදෙන්නත්, මුහුණේ යාන්තම් රැලි ගතියක් තිබුණත් එක් දිනක් වෙළඳපොලේදී කාන්තාවක් කියා සිටියේ ඈන් දෙස බැලූ විට ඇය තවම විසි වැනි දශකයේ පසුවෙන තරම් තරුණ බවක් ප්‍රදර්ශනය වෙන බවයි. ඒත් මේ සඳහනට අකමැති වුණ ඇය ප්ලාස්ටික් ශල්‍යකර්ම මගින් මහලූ පෙනුමක් ඇති වෙන සේ මුහුණ සකස් කර ගත්තා.


 
43 හැවිරිදි ‘ජුලි චෙන්’ චීන සම්භවයක් තිබුණ ඇමරිකානු ජාතික කාන්තාවක්. ඒත් ඇයට අවශ්‍ය වුණේ තමාගේ ඇස් චීන අනන්‍යතාවයට ගැලපෙන විදිහට සකස් කර ගැනීමයි. මේ ගැන දෙමව්පියන්ගේද කැමැත්ත ලබා ගත් ජුලි තමාගේ ඇස් චීන ජාතිකයන්ගේ ඇස් සේ සකස් කර ගත්තා. එහෙයින් ඇයට ලැබුණ අනන්‍යතාවය මොනතරම්ද යත් ප්‍රසිද්ධ ස්ථානයන්හිදී ඇයට අසුන් ගැනීමට ලැබෙන්නේ චීන ජාතිකයන් වෙනුවෙන් වෙන් කරන ලද අසුන්වල බව සතුටින් සඳහන් කර සිටින්නීය.


 
21 හැවිරිදි Xiaoqing සහ ඇගේ පෙම්වතා අතර වූ ආදර සම්බන්ධතාවය ගිලිහී ගියා. අහිමි ප්‍රේමය නැවත දිනා ගැනීමට කළ යුත්තේ කුමක්දැයි තමාගෙන්ම විමසන විට ‘ෂියෝකින්’ට අලූත් අදහසක් ඇති වුණා. තමාගේ ආදරවන්තයා ඇමරිකානු සිනමා තරුවක් වන ‘ජෙසිකා ඇල්බා’ ට මහත් සේ ආකර්ශනයෙන් සිටින නිසා තමාගේ පෙනුමත් ජෙසිකාට සමාන වන සේ නිර්මාණය කර ගැනීමට ඇය අදහස් කළා. පුවත්පත් සාකච්ඡාවකදීත් ‘ෂියෝකින්’ මේ ගැන සඳහන් කර තිබුණා. ඇගේ සඳහනට ප්‍රතිචාර දක්වමින් ජෙසිකා මෙසේ සටහනක් තබා තිබුනා...
 
ඔබ තමන්ගේ පෙනුම වෙනස් කර ගන්න එපා. ඔබට කෙනෙක් ආදරය කරනවා නම් ඒ පෙනුමට නොව ඔබටයි...
 
මේ සටහනත් සමග තමාගේ තීරණයත් නොදැනීම වෙනස් වුන බව ‘ෂියෝකින්’ සඳහන් කළා. ”දැන් මගේ හිතේ කිසිම වේදනාවක් නැහැ. මම ශක්තිමත්...ජෙසිකා මගේ ජීවිතය වෙනස් කළා...” යැයි ෂියෝකින් ’’ සතුටින් කියා සිටිනවා.
 
ODDEE අඩවියේ Crazy Plastic Surgeries to Impersonate Someone Else ලිපිය ඇසුරිනි
 
-පුන්‍යා චාන්දනී ද සිල්වා
දිවයින
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top