බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් මව් පදවිය අපේක්ෂාවෙන් සිටින මේ කාලයේ ඇය සම්බන්ධ විවිධ තොරතුරු අන්තර්ජාලය තුළ හුවමාරු වෙනවා.
පැපරාසියන් ඇය ගැන නිතරම ඇහැ යොමා සිටීමත් එයට හේතුවක්.
මේ අතරතුර ඇය 2017 සිදු කළ ඉන්දීය සංචාරයක අප්‍රකට ඡායාරූප කිහිපයක් බ්‍රිතාන්‍යයේ සන් පුවත්පත මඟින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
මෙම ඡායාරූප වලදී සාම්ප්‍රදායික ඉන්දීය කාන්තාවන්ගේ විලාසිතාවන් ඇය අනුගමනය කර තිබූ අතර එය විශේෂ දෙයක් ලෙස නම් කර තිබුණා.
වර්ල්ඩ් විෂන් රාජ්‍ය නොවන සංවිධානය වෙනුවෙන් ඉන්දීය ගම්බද කාන්තාවන්ගේ අධ්‍යාපන තත්වය පිළිබඳ අධ්‍යයනයකට 2017 ඉන්දියාවේ මුම්බායි වෙත මේගන් ගමන් කර තිබුණ අතර ඒ වන විට ඇය හැරී කුමරු හා විවාහ වී නොසිටි නමුත් සම්බන්ධයක් පවත්වමින් සිටියා.